සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් පසු සතියක පමණ කාලයක් වසා දමා තිබූ සාලාව ප්‍රදේශයේ පාසල් අද (13) විවෘත කැරිණි.
සාලාව දරුවන්ට අද තමන් සතු කුමන හෝ ඇඳුමක් හැඳ පාසල් එන්නැයි හමුදාව ඉල්ලීමක් කර තිබිණි. ඒ අනුව ඇතැම් දරුවෝ පාට ඇඳුම්වලින් ද සැරසී පාසල් ආහ.
යුද හමුදාව අද සෑම සිසුවකුටම පාසල් උපකරණ කට්ටලයක් බැගින් බෙදා දීමට නියමිතය.
මේ අතර විනාශයට පත් නිවාස තක්සේරු කිරීම සිදුකරගෙන යන බවත් හානිවූ නිවාස අතරින් තෝරාගත් නිවාස හිමියන් 92කට අද රුපියල් 50,000 බැගින් ලබාදීමට නියමිත බවත් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එස්.එස්.නියනවල මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල ඇදුම කුමක් වුණත් මොකද? (ම)
මෙවැනි අවස්ථාවකදී පාසල් නිල ඇදුමේ පාට බලන්නේ නැතුවේ දරුවන්ට මෙවැනි සහනයක් ලබාදුන්න එකත් ලොකු දෙයක්. (බ)