බේරුවල විවාහක කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ පහක කප්පම් කෑ බව කියන විවාහකයකු රුපියල් දෙලක්ෂයක ශරීර ඇප දෙකක් හා දැඩි කොන්දේසි මත මුදා හළ කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙස තරයේ අවවාද කළාය.
විවාහක කතගේ සැමියා ගැහැනියක සමග හෝටලයක සිටිතියි කියමින් ඇය හෝටලයකට රැගෙන ගොස් ඇගේ පින්තූර ගෙන වරින් වර ඇයගෙන් රුපියල් ලක්ෂ පහමාරක් මුදල් ද ලබාගෙන ඇයගෙන අයුතු ප්‍රයෝජන ද ගත් බව කියන බේරුවල වලතර එම් ඒ නන්දන ප්‍රසන්න (42) එම පුද්ගලයාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මෝ....මට බැරියෝ....හැදී මිට හොයා ගන්න බෑ පැටියෝ. කලබලේ එහෙ බැලුව....පින්තුර ගත්ත .....මෙහෙ බැලුව .....පින්තුර ගත්ත. සල්ලිත් නෑ...පව්ලත් නෑ.(නදී)
"එක මල්ලේ පොල් " කියන්නේ මේ වගේ දේවල් වලට තමයි (නි)
හොඳ හෝටලයකින් කෑවා නම් සල්ලාල කමේ යන්නේ නෑ. ආයුද කට්ටලේ අතට අරන් සර්ට් සාක්කුවේ දාගන්න හැටි කියලා දෙන කාන්තාවක් හම්බ උනා නම් ටියුෂන් ගන්න තිබුන නේ පැටියෝ.(නදී)
මේ කාන්තාවගේ මොලේ කොහෙද තියෙන්නේ.තමන්ගේ මිනිහා ගැන විශ්වාසයක් නැති බව මේකෙන් පේනවා.අනිත් එක හෝටලයකට අඬගහගෙන යද්දී තේරෙන්නේ නැද්ද මොකටද කියලා. (නි)
මනුස්සයෙක් එක්ක හෝටල් වලටත් ගිහිල්ලා දැන් එයා බබා වෙන්න හදනවා නේද? (නි)
උම්බලකඩ කෑවා නම් දුක විඳපන් බළලෝ කිව්වලු. මං මේ කිව්වේ විත්තිකාරයට එහෙම නෙමෙයි. (නි)
සැමියා හෝටලයේ ඉන්නවා බලන්න ගියානම් පින්තූර ගන්න දුන්නේ මොකටද? මට නම් හිතෙන්නේ මේකේ මීට වඩා දෙයක් තියෙනවා වගෙයි (නි)
කොහේදෝ තියෙන්නේ කුම්බලා මාලු කන්න? කුම්බලා තියා සාලයොත් හෙන ගණන්. ඒ අස්සේ මෙයා තව බලල්ලුන්ටත් කවන්න කියනවා.(නදී)
මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්ට ඕනෑ (නි)
යකඩ කෑවා නම් මළකඩ තමයි කඩන්න වෙන්නේ. (නි)
හෝටලෙට ගිහින් පින්තූර ගන්න ඉඩ දුන්නෙ ඇයි? බලෙන් මුකුත් කරලා නැහැනෙ. සේරම වුනාට පස්සෙ අඩලා වැඩක් නැහැ (නි)
උපාලි උම්බලකඩ නෙමේ.. "කුම්බලා මාලු කෑවනම් විඳවපන් බළලෝ" (නි)
ගොඩක් ගෙහෙනු හෙසිරෙන්නේ මුකුත් නොදන්නා බබාලා වගේ. නොදන්නා කෙනෙකු සමග හෝටලයකට ගොස් පින්තුර ගත්තා කියන්නේ , නොහොබිනා පින්තුර වෙන්න ඕනෑ. අද කාලයේ ගැහැනුත් එකයි පිරිමිත් එකයි. කාවවත් විශ්වාස කරන්න බැහැ (නි)
ඇයි ඇප විතරක්? දෙමුකෝ මෙයාටත් නාම යෝජනා වයඹට... (නි)
මොන වගේ පින්තුරද අරන් තියෙන්නේ?අන්තිමේට සැමියා කරපු වැරැද්ද නෝනත් කරලා වගෙයි මට හැගෙන්නේ (නි)