ඉතාලියේ පාදුවා නගරයේ ශාන්ත ෆ්‍රැන්සිස් මාවතේ වාසයකරණ ලාංකික යුවලකගේ (24,30) නිවසට පසුගිය ඉරුදින රාත්‍රි තුනට පමණ නාඳුනන පුද්ගලයකු කුස්සියේ ජනේලයෙන් ඇතුළුවී තිබේ.
ලාංකිකයන් නිදාසිටින අවස්ථාවේ ශබ්දයක් ඇසී අවදිවී බලන විට තම ඇඳ ළඟ හිස්වැසුමක් පැළඳගත් පුද්ගලයෙකු දැක කෑගසා ඇත.
එවිට කුස්සියෙන් සොරාගත් පිහියක් වැනිම නිසා කාන්තාවගේ ඇඟිල්ලකටද තුවාල සිදුවී ඇත. සොරා කුස්සියේ ජනේලයෙන්ම පැනගොස් ඇත.
විජිත වික්‍රමගේ(30) නම් ගෙහිමියා පවසන්නේ මේ නාඳුනන පුද්ගලයා ගෙට ඇතුළුවූ ස්ථානාය්ම තමන්ගේ දුරකථන, මුදල් සහිත පසුම්බිය සහ පරිගණකය තිබූ බවයි. මේකිසිවක් නොගෙන තමන් නිදන කාමරයට එන්නට ඇත්තේ තම බිරිඳ පමණක් ගෙදර සිටින බව සිතා ගෙන විය හැකි යැයි ඔහු කියයි.
එයට හේතුව නම් එදින සවස තමාට වඩාත් හැඩහුරුකම් ඇති තම සහෝදරයා තම නිවසට පැමින නිවසින් යනවිට බෑගයකුත් රැගෙන ගිය නිසා මොහු ගෙදරට ඇතුළුවන්නට ඇතැයි ඔහු සිතයි.
නිවසට එන්නට ඇත්තේ වයස අවුරුදු 45 පමණ වන ඉතාලි ජාතිකයකු විය හැකි බව කියන ගෙහිමියෝ මේ පිළිබඳ පොර්තෝ දෙල්ලා වාල්ලේ පොලීසියට පැමිණිලි කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලා බබෙක් වෙන්න ඇති. (අ)
ඉශාන්,අපි සුපිරි නම් අපිට ඕවා පෙනෙන්න නැහැ. (නි)
අනේ මන්දා,එහෙත් සිද්ධ වෙන දේවල්? (නි)
මට නම් හිතෙන්නේ මෙතන මොකක් හෝ සැඟවුණ දෙයක් තිබෙනවා වගේ (නි)
සංජීව, මම නම් හිතන්නේ ඕවා ඉතාලියේ අයට පුරුදු කරලා තියෙන්නේ අපේ ලංකාවේ අයමයි කියලයි. (නි)
ඉතාලි කාරයො ලංකාවෙ ගෑණු පස්සෙ එන්නෙ නැහැ. මේක ටිකක් අමුතු කතාවක් වගේ පේන්නෙ.(නදී)
මහත්තයා අද ගෙදර කියලා යවපු පණිවිඩේ ඉතාලි කාරයාට ලැබිල නැද්ද එහෙමත් නැත්නම් පණිවිඩේ අරන් ගිය කොලුවාට එය ඉතාලි භාෂාවෙන් හරියට කියා ගන්න බැරිවෙලා වත්ද මේ සංගෙඩිය. ?(නදී)
කුමුදු දන්නවා නියම තත්වය .(දී)
කුමුදුගේ අදහස මමද අනුමත කරමි. (නි)
කුමුදු නිවැරදියි. (නි)
කුමුදුලා,කුමාරිලා,මාලලත් සුපිරි පන්තියේ වෙන්න ඇති.ඒකනේ හොඳට මේවා ගැන දන්නේ... (නි)
"දැක්කොත් බුවා, නොදැක්කොත් එබුවා" කිවුවලු. (නි)
මාලා...ඉතාලියේත් මේ වගේ අය ඉන්නවද?...නැත්නම් කලින් ආව පුරුද්දට ආවද?.(අ)