මත්තල ගුවන්තොට හා හම්බන්තොට වරාය බැලීමට ගිය එජාප මන්ත්‍රීන් දස දෙනාට තර්ජනය කළ පහර දුන්නේ යැයි කියන සිද්ධිය ගැන කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද සිය කනගාටුව ප්‍රකාශ කළේය.
පසුගිය 17 වැනි දා වු එම සිද්ධිය ගැන වැඩබලන විපක්ෂ නායක ජෝන් අමරතුංග මහතා කථානායකවරයාට පැමිණිළි කළේය.හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පිස්තෝලයක් අමෝරාගෙන එජාප මන්ත්‍රීන් පිටුපස ලුහු බැඳ යමින් තර්ජනය කළේය.තමා අත තිබුණේ සෙල්ලම් පිස්තෝලයකියි ඔහු පසුව කීවේය.
මහජන මුදලින් කරන මෙවැනි දේ බැලීමට හා විමසීමට විපක්ෂයට අයිතියක් ඇතැයි කී කථානායකවරයා එම සිද්ධිය සම්බන්ධයෙන් අදාල ඇමැතිවරුන් වග කිව යුතු යැයි කීවේය.
ඔවුන් වගකිව යත්තේ එහි ගිය විපක්ෂ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව නොසැලසීම නිසා යැයි ද කථානායකවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කලින්ම හිතුවා පරීක්ෂණය පරක්කු වෙන කොට ,පිස්තෝලේ නිකම්ම සෙල්ලම් පිස්තෝලයක් බවට පරිවර්තනය වෙයි කියලා.අනේ කාලේ වනේ වාසේ කිව්වලු. (අ)
එතකොට ඔක්කොම එතනින් ඉවරයි. (අ)
සෙල්ලම් වුණත් ඇත්ත වුණත්, මිනිසුන් භය ගැන්වීම, කෝලාහල කිරීම යටතේ ඔවුන්ට නඩු දමන්න පුළුවන් නේද? (ස)
බයිස්කොප් ජවනිකාව මෙසේ නිමවිය. මෙතෙක් කල් රස විදපු මහ ජනතාවට ස්තුතියි. (ස)
නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ. (ස)
ඕක මොකක්ද (අ)
මට නිකන් පිස්සු වගේ. (ස)
මට මුකුත් මතක නෑනෙ. මොකක්ද මේ අවුල (ස)
ඔන්න මතක තියා ගන්න සුදුසු කෙනෙක්. ඊළඟ පාරත් ගිහින් ඡන්දෙ දාන්න පුළුවන්. (ස)
හොර පොලිස් සෙල්ලම කරන කොට තමා මේ ප්‍රශ්නේ ගැන කෝල් එක ඇවිත් තියෙන්නේ.ඉතින් මෙතුමා සෙල්ලම් පිස්තෝලේ එතනට අරන් ඇවිත් ආයුබෝවන්. (ස)
බලයට පත්වෙන සියලුම දෙනාට දියුණු රටවල් වල බලයට පත් වී වැඩ කරන විදිය සහ විනය පිළිබඳව මනා පුහුණුවක් දිය යුතුයි (දිල්)
කෝ මේ අපේ බන්දුල පෙරේරා මහත්තයා, මේකටත් හොඳ කතාවක් කියාවි. (නි)
ජය වේවා! (නි)
ලංකාදීප පුවත්පතට අපගේ ප්‍රණාමය! (නි)
මම මේ ලංකාවෙන් ආවට පස්සේ, දෙමාපියන් නැති වුණාටත් වඩා කණගාටු ලංකාවේ මේ වගේ සිද්ධි සැබවින්ම විඳගන්න නොහැකි වුණ එකටයි (නි)
සමීර කිවුවත් වගේ කෝ ඇත්තටම අපේ අදහස් දාන බන්දුලතුමා? මේ සිද්ධ වුණ කලබගෑනිය විමර්ශනය කරන්න පාර්ලිමේන්තුව පැත්තේවත් ගිහිල්ලාද? (නි)
අනේ! එයාට අමතක වෙලා සෙල්ලම් එක කියලා වෙන එකක් ගෙනල්ලා වෙන්න ඇති. (නි)
හානේ! නිලූ, මටත් දැනුයි හරියටම කාරණය අවබෝධ වුණේ. අර කිවුවා වගේ හොරා පොලිස් සෙල්ලම කරමින් තමයි අර දුවපු කෙනාව අල්ලන්න සෙල්ලම් පිස්තෝලය අරන් පන්නලා තියෙන්නේ. කොහෙද ඉතින් සෙල්ලමට පිස්තෝලයක් අරන් දුවද්දීත් පින්තූර අරගෙනනේ. ඔන්න ඒවා නම් ඔට්ටු නැහැ හොඳේ? (නි)
අපි මෙවැනි දේවල් විහිලු වශයෙන් සළකා සිනාසී බැහැර කරනවාද? එසේ නැත්නම් මෙවැනි දේ මතුවට සිදු නොවීමට අවශ්‍ය කටයුතු කිරීමට උත්සාහ ගන්නවාද? (නි)
කන පැලෙන්න ගහලා සොරි කිව්වා වගේ වැඩක්ද? (අ)