ප්ලාස්ටික් පිස්තොලයක් සොරකම් කළ බවට දස හැවිරිදි දරුවෙක් නොචිචියාගම සංචාරක උසාවියේදී පිළිගත්තේය.
රාජාංගනය පොලීසිය ඔහු උසාවියට ඉදිරිපත් කර තිබුණේ නිවසකට බලෙන් ඇතුළු වී ගෙවල් බීදීම හා සොරකම් කිරීම චෝදනා යටතේය.
පැමිණිළි කාරිය කාන්තාවකි.දරුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික ලෙව්කේ බණ්ඩාර මහතාට මෙම දරුවා අධිකරණයේදී පැවසුයේ ‘‘මම නිවසට ගියා සෙල්ලම් කිරීමට ප්ලාස්ටික් පිස්තොලයක් ගත්තා ‘‘යනුවෙනි.මීට පෙර වතාවක දරුවා උසාවි ආ අවස්තාවේ නීතීඥ බණ්ඩාර මහතා ඔහුට රුපියල් දහසක සෙල්ලම් බඩු පරිත්‍යාග කළේය.
උසාවියට පැමිණි සිටි ඇතැම් නීතීඥවරුන් හා පොලිස් නිලධාරීන් පැවසුයේ රාජාංගනය පොලීසිය මේ සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කළ හැකිව තිබියදී බරපතල චෝදනා ඉදිරිපත් කර ඇති බවයි.
දඩුවම් නියම කිරීම ලබන 18 වැනි දිනට කල් තැබු මහෙස්ත්‍රාත් චාමර කැකිරිදෙණිය මහතා එතෙක් ළමයා ළමා නිවාසයක රඳවා තබන්නැයි නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පොඩි ළමයෙක් නේද, ඒ අම්මට තව හිතන්න තිබුනා ! (ස)
මෙහෙම ගියොත් තව ටික දවසකින් අපේ රටේ අම්මල උසාවි ගානේ යයි දරුවට බත් කවන්න හදනවා දරුවා බත් කන්නෑ එකට දඩුවමක් දෙන්න කියල. (නදී)
පොලිසියේ උසස් නිලධාරියා ඇයි මේ වගේ තීරණයක් ගත්තේ.(නදී)
ළමයා ළමා නිවාසෙට යැවුවා නම් ගමේ අය දැනගන්න ඕනෑ අර ගැණු කෙනා ගැන ගන්නා තීණ්දුව (නි)
මෙයාලට මේ ඉර හද පායනවනේ. අම්මපා ආගමත් බොරු කියල හිතෙනවා මේවා දකිද්දී. නීතිඥ මහතා සෙල්ලම් බඩු අරන් දීපු එක අගය කලයුතු උනත් පිස්තෝල අරන් දීපු එක හොද දෙයක් නොවේ.(නදී)
තැලෙන යකඩේ උඩ පැන පැන තලලා අපට පෙන්වන්න හදනවා නිතිය අකුරටම වැඩ කියලා. තලන්න බැරි යකඩයක් නම් නඩුව විසි වෙන විදිහට සාක්කි මෙහෙයවනවා.(නදී)
රාජාංගන පොලිසිය පැමිණිලිකාර කාන්තාවගේ සාක්කුවේ මස් කටු ලෙව කනවා ඇති. නැත්නම් ඕක තේරුම් ගන්නවත් බැරි තකතීරුවොද පොලිසි වල ඉන්නේ...??(නදී)
මොකටද ළමයෝ සෙල්ලම් ඒවා ගත්තේ?ඇත්ත ඒවා ගෙනවා නම් අපි මෙහෙම කරනවැයි? (නි)
පොඩි එකා උසාවි අරගන ගිය එක වැරදියි. හොරකම හොද නැහැ. පොලිසියෙන් අවවාද කරලා නිදහස් කරන්න තිබුනේ. දැන් ඔය දරුවා මානසිකව වැටෙනවා. ලජ්ජාවට පත් වෙනකොට ජීවිතේ පවා නැති කරගන්න ඉඩ තියෙනවා. චී..චී...චී..... වැඩේ හොද නැහැ.(නදී)
ඔය වයස අපිත් පහු කෙරුවනේ (නි)
මෙම සිද්දිය උසාවි ගෙන ගිය සහ මෙය ඉදිරියට කරගෙන යන අයගේ මොලය කියන එක පිහිටලා අත්තේ එම අයගේ ගුද මාර්ගය අසල විය හැක. ඉද ගැනීමේදී මොලය තැලීම හේතුව නිසා මෙවැනි ප්‍රති විරුද්ද ක්‍රියා විය හැක.
මතකනේ පොල්ගෙඩි 8 වැඩේට ගැණු ළමයෙක්ගේ ආත්මේම විනාස කරා. මේ මිනිස්සුන්ට දරුවෝ නැද්ද දන්නේ නැහැ පොඩ්ඩක් ළමයට ඇහුම් කන් දෙන්න. පොලිස් කාරයන්ට යුනිෆෝම් ඇගට වැටුනම සිංහයෝ වගේ අසරණයන්ට සලකන්නේ? දේශපාලුවෝ ඉදිරියේ කුක්කෝ වගේ නකුට වන වන ඉන්නවා.(නදී)
කුඩු ලොක්කන්ට සැලියුට් ගහලා මේ වගේ පොඩි ළමයින්ගේ අනාගතේ විනාස කරපල්ලා.(නදී)
දරුවෙකුට අයිස් ක්‍රීම් එකක් අරන් දෙන්න බැරි දුප්පත් අම්මල කී දෙනෙක් අපේ රටේ ඉන්නවද? සෙල්ලම් බඩු දැක්කම දරුවට ආසා හිතෙන්න ඇති. දරුවන්ට මීට වඩා අනුකම්පා කරන්න.(නදී)
පොලිස් බල්ලෝ හරි දක්ෂයි ඉව කරලා හොරු අල්ලන්න.(නදී)
දෙවියනේ අවුරුදු දහයක පොඩි දරුවෙක්ට කරලා තියෙන අපරාදයක්. (නි)
රාජාංගනය පොලිසිය ඉස්සෙල්ලා නම් හොදයි. හොද ඕ.අයි.සි මහත්තයෙක් හිටියා.ඒත් දැන් රාජාංගනය පොලිසියෙ ඉන්න අයගේ හිතක් පපුවක් නැති පාටක් පේන්නෙ.නැත්තන් දරුවො ඉන්න කෙනෙක් නම් පොඩි ලමයෙක්ව උසාවියට යවයිද? (නි)
පොලෝසියේ බල්ලො ඉන්න බව දැන්වත් තේරෙනවද?(නදී)
වරුණ , ඔබ හරියටම කිවා. පොලිසියේ අය දන්නේ තැලෙන යකඩය තලන්න පමණි .(නදී)
හොරකම හොරකමමයි. ඕවට සුදුසු කාලේදී නිසි දඩුවම් නුදුන්න නිසා තමා අද අපේ රටේ හැම කෙනාම පක්ෂ බේදයකින් තොරව ජාති බේදයකින් තොරව ආගම් බේදයකින් තොරව දුප්පත් පොහොසත් බේදයකින් තොරව ලස්සනට රටම කන්නේ. (නි)
මෙවැනි කුඩා දරුවෙකුට විරුද්දව උසාවියකට පැමිණිලි කල අයගේ සිහියය විකල් වෙලාවත්ද.(ස)
ළමයින්ට මොකටද අනවශ්‍ය සේවල් දෙන්නේ (දී)
අනේ අවරුදු දහයක දරුවෙක්ටද මේ දඩුවම් කරලා තියෙන්නේ? තාම ඒ දරුවා දන්නෙත් නැතුව ඇති මේ උසාවි යන්නේ කියලා. හිතක් පපුවක් නැති මිනින්ස්සු. ගෙදර නෝනා මහා රැ යාමෙද දන්නේ නැ පැමිණිල්ල දාන්න ගියේ. මේ තරම් විශේෂ විදියට පොලිසිය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ.(නදී)
පොඩි කට්ටිය අතින් වෙන වැරදි වෙන්නේ නොදෙනුවත් කම නිසා ඔහොම කරනකොට මහ මිනුස්සු දැනගෙන කරන වැරදි වලට පොලිසිය ක්‍රියා කාරී වෙනවද?(නදී)
සොරකම් කිරිම හොද නොවෙයි ! මහා පරිමානෙන් සොරකම් වංචා කරන අය නිදහසේ . රටේ පළමු තැන සිට ආදර්ශය පටන්ගමු.(නදී)
මේ නෝනගේ ගෙදර සෙල්ලම් පිස්තෝලයක් තිබුනේ කාට සෙල්ලම් කරන්නද? ඒ ගෙදරත් දරුවෝ ඉන්නවා වගෙයි. ඒ දරුවෝ ගැන මේ නෝනා මොනවා දන්නවා ඇතිද?(නදී)
නීතිය හොරු බෝකරනවා. ඔය පුංචි දේට ඔය තරම් ලොකු දඩුවමක් දෙන්න වටින්නේ නැහැනේ පව් පුංචි එකා.(නදී)
ඇයි මේ ළමයා ළමා නිවාසෙකට ඇරියේ.(නදී)
පොඩි එකාට ඔය දීපු දඩුවමට ලොකු වුනාම තරහා පිරිහමයි ලොකු හොරකමක් ඇත්තටම කරලා. එහෙම වුනොත් වග කියන්න ඕනේ පොලිසිය.(නදී)
නෝනා පොලිසියට හොදට සළකලා තියෙන පාටයි. මරේ මරු ලංකාවේ නිතිය (නි)
හොරුන් වගේ මොන තීන්දුවක් දෙයිද දන්නේ නැහැ.(නදී)
ඇය දරු දුක දන්නා ගැහැනියක් නම් නොවෙයි.(නදී)
කොහොමත් පොලිසිය අහිංසකයන්ට නීතිය ක්‍රියාත්මක කරනවා අකුරටම. තුට්ටු දෙකේ දේසපාඥයන්ගෙන් කනේ පාරවල් කාලා ඇබරි ඇබරි ඉන්නවා.(නදී)
මෙවැනි දේ රටපුරා නිරන්තරයෙන් සිදු වුවත් ඉඳ හිට හෝ එවැන්නක් උසාවියට යොමුවීමෙන් ඉතා සුවිශේෂී සමාජ කතිකාවතකට ඉඩ සැලසෙනවා. මෙවැනි සිදුවීම් දසදහසකින් එකක් පමණක් අවධානයට ගෙන එදෙස සානුකම්පිතව බලා හැඟීම් වමාරනවට වඩා දෙමාපියන්ගේ හා බාරකරුවන්ගේ නොසැලකිල්ලෙන් කුඩාකල සිටම දරුවන් වැරදිමග යාමෙන් මේ රටේ සොර මැරකම් දුෂණ වංචා අපරාධ ස්ත්‍රී දුෂණ ඉහවහා ගොස් ඇතිබව වටහා ගැනීම වැදගත්. (නි)
ඇත්ත පිස්තෝල, බෝම්බ කඩු කිනිසි ගත්ත අය එළිපිට ඩෙගා නටද්දී මේ පුංචි දරුවෙක් කරපු අහිංසක දේකට නඩුත් දාලා. නීතිංඥ මහත්තයෝ ඔබ කරලා තියෙන්නේ එලොව මෙලොව දෙකටම සිද්ද වෙන පුන්‍යකර්මයක්.(නදී)
ළමයකුගේ මානසික මට්ටම දන්නේ නැති නාමික ගැහැනියක් වෙන්න ඇති ඕක උසාවි අරගෙන යන්න ඇත්තේ.(නදී)
ළමයාගේ වයස බලලා මීට වැඩිය හොද තීන්දුවක් දෙන්න තිබුනා. අද රටේ කොපමණ හොරු තක්කඩි ඉන්නවද නීතියෙන් බේරිලා. ළමයා කරපු වැරැද්දට වැඩිය ලොකුයි පොලිසිය කරපු වැරැද්ද.(නදී)