සැප රියකින් ගොස් සැප ගෙවල් බිඳින මාළු ව්‍යාපාරිකයා ගල්කිස්ස පොලිස් ප්‍රදේශයේ ගෙවල් 64ක් කඩා ඇතැයි පොලිසිය කියයි.
මීගමුවේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා මාවතගම පිලැස්සෙන් විවාහයක් කරගෙන ඇතැයි ද, ත්‍රිකුණාමලයෙන් මාළු ගෙන්වන ඔහුට දිනකට කුඩු ගැසීමට රුපියල් විසි දහසක් අවශ්‍ය බව ද පොලිසිය පවසයි.
මාලබේ ෆිනෑන්ස් සමාගමකට රුපියල් තුන් ලක්ෂයක් ගෙවා ලීසිං ක්‍රමයට ගත් කාරයට මාස් පතා රුපියල් 75000ක් ගෙවීමටත්, කුඩු ගැසීමටත් වාරිකය ගෙවීමටත් අවශ්‍ය මුදල් සොරකම්වලින් සොයා ගන්නා බවත්, ඔහු විසින් සොරකම් කළැයි කියන රන්පවුම් 14ක් කුරුණෑගල සාප්පුවකට විකුණා තිබිය දී සොයා ගත් බවත් පොලිසිය කියයි.
කොළඹට නුදුරු පොලිසියක් දැන් ඔහු රඳවාගෙන ප්‍රශ්න කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් මෙහෙම හොරු ඇල්ලවහම ඇයි මුණ වහලා ගෙනියන්නේ රටම දැනගන්න අරින්න.(නදී)
මහා අපරාදක් මේක නම්. (දී)
ගෑනුන්ගේ මායම් ටිකත් 64 න් ඉවර උනා වගේ මෙයාගේ හොරකම් ටිකත් එහෙනම් 64 න් ඉවර උනා.(නදී) .
බෙනට්, ගෑනුන්ට කිව්වම ඔයාගේ අම්මා, බිරිද, සොහොදරියන් ද ඇතුලත් වෙනවා.(නදී)
හොරාගේ පින්තුරයක්? (නදී)
මෙය සල්ලි කාරයෙක් වෙලා තියෙනේ හොරකමෙන්ම වෙන්නට පුළුවන් . මේකත් එකතරා විදියක ස්වයන් රැකියාවක්.(නදී)
ලංකාවේ ඉන්න ඔක්කොම සල්ලිකාර හොරු ටික මේ විදියට මාංචු දාලා ගේන්න පුළුවන් නම් පොලිසිය කොච්චර අගේද ? මොකද ඒ කට්ටිය හොරකම් කරන්නේ මුළු රටේම ජනතාවගේ සල්ලි.(නදී)
බය වෙන්න දෙයක් නැහැ. දේශපාලන මෝඩයෝ මෙවන් මිනිසුන් ගේ යහළුවෝ වෙති. ඒක නිසා හොරා නිදහස් වෙයි.(නදී)
මුණ පෙන්නන්නේ නැති එක හොඳ දෙයක්. හැබැයි මේක සල්ලිකාර හොරුන්ට විතරක් නෙමෙයි දුප්පත් හොරුන්ටත් අදාලව කරන එක තමයි හොඳ.(නදී)
එදා වේල හොයා ගන්න මොනවා හරි හොරකමක් කරන අහිංසකයෙක් අල්ලා ගත්තොත් පොලිසියේ ඉන්න ඔක්කොම වටේට. මහා පරිමාණයෙන් ගේම් දෙන හොරුන්ට එක්කෙනයි දෙන්නයි.(නදී)
"සල්ලිකාර හොරා ගල්කිස්ස පැත්තේ පමණක් ගෙවල් 64ක් කඩලා" මට නිකන් පිස්සු වගේ ඒ කතාව අහලා (දී)