2009 මැයි මාසයේ යුද්ධයේදී මුලතිවු හි නන්දිකඩාල් කලපුවේදී මියගිය බව ඔහුගේ ගෝලයන් විසින් හඳුනාගත් කොටි නායක වේලුපිලේ ප්‍රභාකරන් එරිත්‍රියාවේ ජීවත් වෙතියි පළවූ පුවත් පත් වාර්තා යුද හමුදාව බැහැර කරයි. මේ පිළිබඳව ආරක්ෂක මාධය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ ත්‍රස්තවාදය පරාජය කලත් බෙදුම්වාදය පෙරටත් වඩා උත්සන්නව ඇති මොහොතක එවැනි දේට උඩගෙඩි දෙන පුද්ගලයින් මෙවැනි හොල්මන් චරිත මවන බවයි. ප්‍රභාකරන්ගේ මවත් පියාත් හමුදාව සමග කලක් ජිවත් වු බවත් ප්‍රභාකරන්ගේ සමිපතයින් නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන්ගේ මිනිය හදුනාගත් බවත් මියගිය ප්‍රභාකරන් සියයට සියයක් කොටි නායකයා බවත් මාධය ප්‍රකාශක කියයි. විදෙස්ගතව සිටින කොටි හිතවාදීන්ට හා ඔවුන්ට උඩගෙඩි දෙන රාජ්‍ය නොවන සංවිධානවලට බෙදුම්වාදයට මුදල් එකතු කිරිමට නම් මෙවැනි හොල්මනක් හෝ කරලියට ගෙනා යුතුයැයි ආරක්ෂක මාධය ප්‍රකාශක එසැණට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් වෙන්න බැරි දෙයක්. (නි)
ප්‍රභාකරන් මොන ලෝකේ හිටියත් අපිට මොකෝ. වැදගත් වෙන්නේ එවැනි නරුමයෙක් නැවත ඇතිවෙන්න ඉඩකඩ ඇති සියලු තැන් මුලෙන්ම උදුරා දාන එක. එය අපේ වීරෝදාර සොල්දාදුවන් ඉටුකරමින් ඉන්නවා.(නදී)
ඉන්නවද? ආ එහෙනම් ඔහොම්මම ඉන්න කියන්න හොදේ (නි)
අපහාස නොකර ඕනෑම දෙයක් කරන්න
සරසි , මුස්ලිම් ප්‍රභාකරන්ලා කවදාවත් බිහි වෙන්නේ නැහැ. මේකත් හොල්මන් බහුබූත කතාවක්, මුස්ලිම් මිනිස්සු කවදාවත් මේ රටට ජාතියට එරෙහි මිනිස්සු නෙමෙයි (නි)
සහතික ඇත්ත. ප්‍රභාකරන් ජීවත් වෙනවා කීම කොටින්ට වගේම එන්.ජී.ඕ. අයටත් වාසියක් (නි)
කොටි හිතවාදීන්ට මුදල් එකතු කරන්න එක එක හොල්මන් හදනවා. බොරුවට මිලියන ගණන් මුදල් එකතු කරන්න බැහැනේ. කැනඩාවේ ඇමරිකාවේ ජර්මනියේ ඉන්න කොටි ඕවට රැවටිලා සල්ලි දෙනවා. ඕවා හොදියි මෝඩයට. ශ්‍රී ලාංකික දෙමල මිනිස්සු දන්නවා ඔය බොරු.(නදී)
පරිස්ස්සමෙන්
මම දන්නා යාලුවෝ ඔය රටේ ඉන්නවා.ඒ ගොල්ලෝ කියනවා ප්‍රබාකරන් ඉන්නවා කියලා. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔය කතා ගොඩක් පතුරනවා ඇත්තේ කොටින්ගේ අග්‍ර ගනයේ අති ජාත මිත්‍රයෙක් වෙන්න ඇති.මේ සිංහල ජාති ද්‍රෝහී කොටි රැල හම ගහලා වේලලා හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
සල්ලි මැවුවේ කවුද දෙවියනේ (දී)
ඇත්තටම ප්‍රභාකරන් මැරිලා නැහැ කියල කියනවා. චාර්ල්ස් ඇන්තනිගේ ඩී.එන්.ඒ ප්‍රභාගේ ඒවට ගැලපෙන්නේ නැතිලු. සුසේයිගේ ඩී.එන්.ඒ වලටලු ගැලපුනේ.(නදී)
ප්‍රබාකරන් ඉන්නේ අපායෙ යම රජ්ජුරුවන්ට එරෙහිව කැරලි ගසමින් !! (නි)
ප්‍රභාකරන්ගේ කරපු ඩීඑන්ඒ පරීක්ෂණයෙනුත් හරියටහ ඔප්පු වුණාලු නේද මැරිලා හිටියේ ප්‍රභාකරන්ම තමයි කියලා? (නි)
එදා සිටම පැවතුනු දෙමල බෙදුම් වාදය නැවැත්විය යුතුයි. උතුර දුන්නොත් ඉන්පසු නැගෙනහිරටත් උඩරටටත් කුරුමානම් අල්ලනවා. සිංහලයාටත් ඉවසීමේ සීමාවක් තියෙනවා. අන්තිමේ අමාරුවේ වැටෙන්නේ වැඩි හරියක් අහිංසකයින්. මේ බව කොටින්ටත්,දෙමල බෙදුම් වාදෙට උඩගෙඩි දෙන සියලු බල තල සහිතව පළාත් සභා දෙනවා කියන හිංගල ද්‍රෝහියනුත් සිහි තබා ගත හොත් හොඳියි.(නදී)
මම හිතන්නේත් ප්‍රභාකරන් තවම ඉන්නවා. (නි)
සුරේෂ් හීනෙන් කියවනවා වගේ. මිනිහා මැරිලා වසර 4 ක් වුනා.(නදී)
ප්‍රබාකරන් තවම ඉන්නවා පොලවට පස්වෙලා නම්. හැබැයි තව අවුරුදු ගානකින් මුස්ලිම් ප්‍රබාකරන්ලා බිහිවෙන එක නවත්තන්න ඕනෑ. (නි)
ඊළම එහෙ හදා ගත්තාවේ. මෙහෙ බැහැ. (නි)
සල්ලි නසා සැමදේම නැති වෙනවා
ප්‍රබාකරන් මැරිලා කියලා අපිට හොඳටම විශ්වාසයි. (නි)
ප්‍රබාකරන්ගේ අවතාර නම් තියනවා එක් එක තැන්වල (නි)
දෙයියන්ගේම පිහිට තමයි. (නි)
අපි මේවට කලබල වෙන්න හොඳ නැහැ. ඉන්නවා නම් ඉදිරියට එන්නේ නැතෙයි. (නි)
ශිරෂ් - ඔය හරි තැනින්ද ඔය කතා කරන්නේ, දර්ගා ටවුම , මඩකලපුවේ, කින්නියා වේ අය සිංහල මිනිසුන්ගේ ප්‍රශ්නයක් උනාම හැසිරෙන විදිය ප්‍රභාකරන්ට වඩා දරුණුයි.(නදී)