ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙවැනි වරටත් සංවිධානය කරන ‘ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ලීග් (එස්. එල්. පී. එල්.) විස්සයි - 20 කි‍්‍රකට් 2013 තරගාවලියේදී ඇතැම් කණ්ඩායම්වල සහභාගිත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවත් වාර්තා වේ.
මෙම තරගාවලියට පසුගිය වසරේදී සහභාගි වූ ඇතැම් කණ්ඩායම්වල අයිතිකරුවන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ගෙවිය යුතු මුදල් මේ දක්වා ගෙවා නැති බවත්, එසේ මුදල් නොගෙවන්නේ නම් එම කණ්ඩායම් වල සහභාගිත්වය 2013 තරගාවලිය සඳහා අවිනිශ්චිත බවත් දැනගන්නට ඇත.
තරගාවලියේ ක‍්‍රීඩකයන් කණ්ඩායම්ගත කිරීමේ රැස්වීම මේ මස 20 වැනිදා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් මත පදනම් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් දැන් එහි පරිහානිය අභියස සිටී (නි)
ඕක තිබුණත් නැහැ වගේනේ. මට නම් මතක නැහැ ඔහොම එකක් තිබුණා කියලා. අපේ ජාතික කණ්ඩායමේ කට්ටියත් ඕකට ගහනවද?එක් කෙනෙක් නම් එස් එල් පි එල් කියලා එකක් ගහන්නේ නැහැලු. එයා කැරීබියන් ටි 20 ගහන්න යනවලු ලංකාවේ ගහලා සවුත්තු වෙන්න බැහැ කියලා (නි)
කුසල් ජනිත් ආයෙමත් ටීම් එකට දාන්න. මොකද එයා හැමවෙලාවෙම ඉක්මණට ලකුණු ගහන්න ගිහිල්ලා තමා අවුට් වුනේ.තිරිමාන්නලා වගේ බෝල් 75 කට ලකුණු 25 විතර ගහලා එයාටත් ටීම් එකේ එල්ලෙන්න තිබුනා. පොඩ්ඩක් මානසික මට්ටම හදලා ආරම්බක පිතිකරුවෙකුගේ වගකීම තේරුම් කරලා දීලා එයාව ටීම් එකේ තියාගන්න.කිත්රුවන් විතානගේ,ඇන්ජලෝ පෙරේරා,තිසර පෙරේරා කණ්ඩායමට දාන්න. එතකොට අපිට දිනන්න පුළුවන්. නැත්නම් ඉතින් මේ පාරත් අභ සරණයි (දී)
මෙලෝ රහක් නැහැ.(ස)
මගේ අදහස නම් මහේල, සංගක්කාර විතරක් නෙමෙයි, දිල්ශානුත් පිතිකරණ ලෑස්තුවේ පහලට ගියොත් හොඳයි. (නි)
ලහිරු තිරිමන්නට සහ චන්දිමල්ට ගොඩක් අවස්ථා දුන්නා,නමුත් ඒ අයත් සමග අපේ කණ්ඩායමට අනාගතයක් නැහැ වගේ. කුසල් ජනිත්ට නම් තව අවස්ථා දෙන්න ඕනෑ. ඔහු ඉක්මනින් ලකුණු ගන්න උත්සාහ කරනවා.අර දෙන්නා වගේ අල්ල අල්ලා ඉදලා අවුට් වෙන්නේ නැහැ.කුසල් කියන්නේ අපි අනිවාර්යෙන් හදා ගතයුතු ක්‍රීඩකයෙක්. චන්දිමාල් සහ තිරිමාන්න වෙනුවට කිත්රුවන් විතානගේ සහ ඇන්ජලෝ පෙරේරාට අවස්ථා දෙන්න. අඩුම ගානේ තරග 3ක් වත් එක දිගට ...ගූඩ් ලක් ශ්‍රී ලංකා (දී)
මොනවාද කපිලයෝ කෑවේ ,,රහක් නැහැ කිවුවේ , (අ)
ඇන්ජලෝ වෙනුවට රමිත්ට නායකත්වය දිලා බලන්න.එයා තමයි අපිව ගොඩ ගන්නෙ. (දී)
අපිට නම් ඉන්දියාව කිසිම පී.එල්. එකක්වත් තියන්න දෙන්නේ නැතුව යයි. මොකද ඉන්දියාව බලන්නේ අපිව යට කරන්නමනේ. එස්.එල්.පී.එල්. එකටත් එන්නේ නැහැ. අපේ අයනම් බුට් කොච්චර කෑවත් ඉන්දියාවෙ නම් යයි. අපේ රටට වුන දේ?? (දී)
පුහුණු තරග වල දක්ෂතා අනුව අන්ජෝලෝ පෙරෙරේ සංචිතයට කදවවී . චතුරගේ අදහසත් හොදයි .ජෙෂ්ටයන් කණ්ඩායමේ පහලට ඇවිල්ල නවකයන්ට තැන දීම හොදය. දැන් නායකත්වද ප්‍රශ්නයක් වේ ඇත. (අ)
ගිය පාර නම් ටිකට් ප්‍රින්ට් කරපු අයටත් බොරු ටිකට් විකුනන්න ඈවිත් කියන්නෙ අහල පහල ඉන්න කොල්ලො කුරුට්ටො ටික .... (දී)
ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එකේ ඉන්නේ බහිරවයෝ සල්ලිම තමා හොයන්නේ. ගාන කපා ගන්න ලංකාවට තවත් මිලියන් ගණන් පාඩු ලබන තරගාවලියක් (දී)
ඔන්න ඕකයි අපේ අයි.පී.එල් වල තත්වේ, දකුනු අප්‍රිකානු කණ්ඩායම ලංකාවේ තව දවස් 5 කින් මැච් 1 , ඒත් අපේ කණ්ඩායමවත් තාම නම් කරලා නැහැ. තේරුම් කමුටුව නිදිද ? කිත්රුවන් විතානගේ, ඇන්ජිලෝ පෙරේරා, තිසර පෙරේරා කණ්ඩායමට දාන්න. ඒ වගේම අඩුම ගානේ තරඟ 3 ක් වත් එක දිගට අවස්ථාව දෙන්න, ජීවන් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න හරියන්නේ නැහැ. ලහිරු ටෙස්ට් වලට විතරක් දැනට තිබ්බානම් හොදයි කියල තමා මගේ හැගීම.(නදී)
කුසල් ජනිත් .... අයියෝ ආයෙත් මොකටද? එයා ගහපු හැටි අපි දැක්කනේ. (දී)
සමින්දගේ අදහස වැදගත් ,ක්‍රිකට් ගැන දැනුමක් තියෙන කෙනෙක් ,දකුණු අප්‍රිකානු තරගාවලියට මගේ කණ්ඩායම , කුසල් ජනිත් ,උපුල් තරංග ,කිත්රුවන් විතානගේ ,කුමාර සංගක්කාර ,මහේල ජයවර්දන ,ඇන්ජෙලෝ මැතිව්ස් ,ඇන්ජෙලෝ පෙරේරා ,තිසර පෙරේරා ,සචිත්‍ර සේනානායක ,රංගන හේරත් ,ලසිත් මාලිංග හෝ නුවන් කුලසේකර (සනිප නම් ).(නදී)
මගේ කණ්ඩායම-මහේල ජයවර්දන,උපුල් තරංග.කුමාර් සංගක්කාර,ලහිරු තිරිමාන්න,දිමුත් කරුණාරත්න,ඇන්ජෙලෝ මැතිව්ස්,තිසර පෙරේරා,සචිත්‍ර සේනානායක,නුවන් කුලසේකර,රංගන හේරත්,ලසිත් මාලිංග (නි)
කුසල් තුලින් අපි සනත් ජයසූරිය දකිමු. එනිසා ඔහුට තව අවස්ථාව දියයුතුයි (දී)
අනේද කියන්නේ ..... නටපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ (අ)