හිටපු ජනාධිපතිනිය, අමාත්‍යවරුන් නව දෙනකු, ආණ්ඩුකාරවරුන් දෙදෙනකු, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පිරිස් පසුගිය වසරේ ජනවාරි 10 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා රාජකාරී කටයුතු සඳහා මුදල් නොගෙවා ගුවන් හමුදා හෙලිකොප්ටර් හා ගුවන්යානා ලබාගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවට වාර්තාවක් මගින් ඉදිරිපත් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු සභාගත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන්නේ පළපුරුද්දක් නැති නවක ඇමතිවරු නව දෙනෙක් වෙන්න ඇති. ඒ වුණත් හිටපු ජනපතිනිය ඔහොම පිනට පියාසර කරන එක නිසා වැඩිකල් යන්න ඉස්සර එයා බිම වැටෙන්න පුළුවන්. මීට පස්සෙවත් යානා උඩ නග්ගන්න කලින්, බස්වල වගේ ටිකට් තියෙන අය විතරක් ඇතුළකර ගත්තොත් පාඩුව අවම කර ගන්න පුළුවන් වේවි. (නි)
අන්තෝ ජටා බහී ජටා කිව්වලු. එනකොට ආවේ නිකම් කන්නේ නැහැ කියලනේ. (ර)
මේවා රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම් නෙමෙයිද? ඇමතිගේ වාර්තාව ඇති එෆ්සීඅයිඩී එකට අත්අඩංගුවට ගන්න, (බ)
කමක් නෑ. මහින්ද මහත්තය ගෙදර යවල යහපාලනය ගෙන්න මුල් වෙච්ච කට්ටියනේ. එයාලට තව යන්න කියන්න. අපිට පුළුවන් බදු වැඩිකරලා ඔය වියදම් පියවන්න (බ)
ඉස්කෝලේ යන වයස අය ඇමති වුනාම ඔහොම තමයි. කාගේ හරි වරදක් කියල බේරෙනවා. (බ)
හිටපු ජනපතිනිය වගේ සාධාරණ යුක්ති ගරුක කෙනෙක් දැන් නැහැනේ. ඇයි දන්නේ නැහැනේ සල්ලි නුදුන්නේ (බ)
ඉතින් අරතින්නේ මහා මුල්‍ය අපරාද හොයන තැනක් ඒකට දන්වන්නකෝ... (ර)
වැරදි හඳුනා ගෙන නැවත වැරදි සිදු නොවීමට පියවර ගැනීම වගකිව යුතු පාලකයන්ගෙන් ජනතාව බලපොරෝත්තුවන්නකි.ප්‍රතිපත්තියක්, සම්මතයක් නොමැති අපි කවදත් කරන්නේ සෝදන්නට යමින් සැමදා මඩේ ලැගීමකි.(හේ)