ජර්මනියේ රෆයල් ෆෙල්මර් මුදල් නොමෑතිව ජිවත් වන පුද්ගලයෙකි.
උපතින්ම පොහොසත් පවුලකට අයත් රෆයල් තම මිතුරෙකුගේ විවහා මංගල උත්සවයක් වෙනුවෙන් මෙක්සිකොවට ගිය විට ඇතිවූ අදහසක් අනුව මෙවනවිටත් මුදල් අත නොමෑතිව තම බිරිදත් කුඩා දියනියත් නඩත්තු කරමින් සතුටෙන් ජිවත් වෙයි.
‘මම ශ්‍රමය ලබාදීලා මුදල් ගන්නේ නැහැ. ඒ වෙනුවට ගෙදරට අවශය කලමනා තමයි ගන්නේ. මට වෑඩ කරන්න එක තැනක් කියලා නැහැ. පැයකට පාන් කඩෙක වැඩට ගියොත් ගෙදරට පාන් ගේනවා.ඒ වගේ අපිට අවශ්‍ය හැම දේම දවස ගානේ මම හොයා ගන්නවා. පවුලෙ අයගෙන් කිසිම උදවුවක් මම ගන්නෙ නෑහෑ. පදිංචි ගෙදරත් මට නොමිලේ දීලා තියෙන්නේ. ගෙදර අයිතිකාරයාගේ අනික් ගෙවල් අලුත් වෑඩියා කරන්න ඔනෑ උනාම මම නොමිලේ සේවය ලබා දෙනවා. ජංගම දුරකතන වගෙ නවීන දෙවල් මට නහැ. මගේ බිරිදත් මේ ක්‍රමෙට ගොඩාක් කැමතියි.‘ රෆයල් මාධ්‍යයට එසේ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයිතරම් ඉන්නවාද ලංකාවේ මේ තරම් උදවිය (දී)
කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි. ලෝකෙම තියන කරදර ඔළුවට දමා ගෙන සසර ගමන දිගු කරගන්නවාට වඩා. (ස)
ජීවිතය සරල වෙන තරමටම පහසුයි. නමුත් මෙය අද කාලෙට තාලෙට අපේ අයට නම් ගැලපෙන්නේ නෑ. සල්ලිම සොයන් එන්නනේ කියන්නේ.(ස)
දරු පවුලක් ඉන්නවා නම් රජයෙන් මාසිකව දීමනාවක් ලැබෙනවා අනිවාර්යෙන්ම. මෙයාගේ දර්ශනය අනුව එයා මුදලට වැඩ කරන්නේ නැතිව ඇති. (ස)
පෙරළුනු අත හොඳයි කියන ජාතියේ වෙන්න ඇති. (ස)
හොඳ පවුලක්. (ස)
හපොයි ලංකාවෙ ආන්ඩුව බලන්නෙ අපේ මස් ටිකත් කාල කටු ටිකත් සූප්පු කරන්නයි.(නදී)
හොඳ බිරිඳක්. අද කාලේ ඉන්නේ කිසිම දේකින් සෑහීමට පත්වෙන අය නෙවේනේ. (ස)
බොහොමයක් සුදු මිනිස්සු මාර මිනිස්සු ජාතියක් තමයි. සමහර අය රැකියා කරනවා , සමහර අය කරන්නේ නැහැ. ඒත් හැම අවුරුදදේම කොහේ හරි රටකට නිවාඩුවකට යනවා.හොද ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා.හොදට කනවා බොනවා , හොදට අදිනවා පළදිනවා. (නි)
පිස්සෙක්ද කොහෙද? සල්ලි නැතුව දැන් කලේ ජීවත් වෙන්නේ කොහොමද ? ගෙයක් එහෙම ගන්න ඕනෙනම් ගොඩනැගිලි කොන්තරාත් වැඩ කරන තැනක පැයක් වැඩ කරලා ගෙයක් ඉල්ලගන්න තමා වෙන්නේ!(ස)
සමෘද්ධිය හම්බ වෙනව ඈති.(ස)
අපරාදේ මෙයා කසාදයක් බැන්දේ. එහෙම නැති වුණා නම් රෆායල්ට නිදාගෙනම ඉන්න තිබුනා කිසිම වැඩක් නොකර. මෙයා බස්වල එහෙම යනවද දන්නේ නැහැ (නි)
අසනීප උනොත් කොහොමද බෙහෙත් ගන්නෙ ඉස්පිරිතාලෙ කාණු හෝදනවද? (ස)
මෙයාට හොද ආණ්ඩුවේ පන්දමක් ඇති ලංකාවේ වගේ (නි)
මේ ප්‍රතිචාර කියවනකොට තේරෙනවා ලංකාවේ කීදෙනෙක් තමාගේ බුද්දිය කොයි කොයි විදිහට කරකවනවද කියලා. ඇයි හත් වලාමේ ලංකාවේ සීයට සීයක් මේ දේශපාලකයෝ කරන්නෙම ඕකනේ. ගෙවල් රජයෙන්,ලයිට් බිල ජනතාවගෙන්. පාසල් සෞක්‍ය, වාහන, කෑම බීම. ඉන්දන,මෙකී නොකී සෑම දෙයක්ම ජනතාවගේ කරපිටින් ගිහිනුත් මෙයාලට ජීවත් වෙන්න මොනතරම් මහන්සියක් ගන්නවද?(නදී)
අනේ මන්දා...ප්‍රාථමික සමාජ ක්‍රමයට නැවත යෑමක් කියලයි මට නම් හිතෙන්නේ (නි)
මෙයාගේ බැංකු ගිණුම් ටික පරික්ෂා කලානම් ඇත්ත දැනගන්න තිබුණා.(නදී)
නියම ක්‍රමයක්. (ස)
ලෙඩක් වුනොත් එහෙම හොස්පිට්ල් එකේ වැඩ කරන්න වෙයි නේද ලෙඩේ නොබලා. බස් එකේ යන්න නම් මොකද කරන්නේ. ලයිට් බිල් වතුර බිල් ගෙවන්න වගේ දේවල් කොහොමද කරන්නේ. ලමයව මොන්ටිසෝරි යවන වගේ දේවල් බැලුවම මේක ප්‍රායෝගික නැහැ වගේ (නි)
පොඩි ළමයට ලෙඩ උනාම බෙහෙත් අරන් දෙන්නේ කොහොමද කියල හිතාගන්න අමාරුයිනේ.(නදී)
ගොඩක් සතුටින් ඉන්නේ මුදල් නැති අය. මුදල් බොහෝ තිබෙන අය නිතරම බයෙන්, වංචාවෙන්, ද්විත්ව චරිත වලින් ඉන්නේ.මුදල් නොමැති අයගේ ජීවිතය සරල එකක් (නි)
මේක පිස්සෙක්. ගල් යුගයට යන්න හදනවා , බස් එකේ යන්නේ කොහොමද? එක හෝදලා දීලද? බොරු විකාර.(ස)
පුංචි පුතා ලොකු වෙනකොට ඔය ක්‍රමයට කැමති වෙන්නෙ නැහැ (නි)
මේ මනුස්සය කියන්න හදන්නේ සල්ලි නෙමේ ජිවිතේ කියල.එත් මේකේ කමෙන්ට් කරන තියෙන සමහර අය හිතන්නේ සල්ලිම තමයි ජිවිතේ කියල අනිත් උන් වගේ මේ මිනිහ නිකන් ඉන්නේ නෑ. මොකක් හරි කරලා ගෑනිටයි, දරුවටයි කන්න දෙනවා. සහ මිනිහව තේරුම් ගත් නියම ගැහැනියක්. .. දම්මික-මනෝහරන්-අයේෂා-රංජනී-සමන්ති-සජිත්-චානක-ලසන්ත-මාදව --- ඔබේ අදහසට මන් ගරු කරනවා.(ස)
වෙනවා නම් හොදයි. කෙදිනක හෝ වියයුත්තේත් මෙයයි (නි)
හොද අදහසක්. ලොකු ලොකු මැති ඇමතිවරු මෙවැනි කතා වලින් ආදර්ශ ගත යුතුය. අපි නම් ඉතින් මාසේ පඩි ළං වෙනකොට විතරක් මේ වගේ. (නි)
මුදල් නැතිව කෙනෙකුට ජීවත් වෙන්න පුලුවන් තමයි.අපේ රටෙත්, ආරණ්‍ය සේනාසන වල භික්‍ෂූන් වහන්සේලා මුදල් භාවිතයකින් තොරව ඉන්නවා (නි)
මොහොමඩ් ,ඔයාගේ අදහස නම් හරියටම හරි (නි)
එතකොට මෙයා ලයිට් බිල් ගෙවන්නේ කොහොමද? සල්ලි ඇල්ලුවේ නැති වුණාට ක්‍රෙඩිට් කාඩ් අල්ලනවා ඇති (නි)
මීන් පෙන්නුම් කරන්නේ ජීවත් වීමට එතරම් මුදල් අවැසි නැති බවත් ආදරය සහ විස්වාසය ප්‍රමාණවත් බව නොවේද .......(ස)
ආදර්ශමත් පවුලක්
සුද්දෝ කියන්නේ සල්ලි මිටි බදින අය නොවෙයි.වියදම් කරන්න දුකත් නැහැ.වියදම් කරලා දුක්වෙන්නෙත් නැහැ. කාල බීලා ඇදලා ඉන්න තිබුනා නම් හොදටම ඇති සතුටුවෙන්න. ඒ හැම දෙයක්ම වැඩ කරාම ලැබෙනවා නම් මොකටද සල්ලි ? මුදල් ගත්තත් ඒ ටිකමනේ කරන්නේ.ලංකාවේ තියන කෙනාටයි, සල්ලි නැති කෙනාටයි දෙන්නටම දෙවියන්ගේම පිහිට තමා (නි)
අපි කරන්නේ මුදල් දීලා සේවාවන් ලබා ගන්න එක. මෙයා ඒක කෙලින්ම කරනවා. පොඩි වෙනසයි. (නි)
මටත් පදිංචි වෙන්න නොමිලේ ගෙයක් ලැබුණා නම් මේ අත්හදා බැලීම කරන්න බැරි කමක් නැහැ. නිවාස ණය, විදුලි බිල සහ අනිකුත් බිල් ගෙව්වට පස්සේ අප කන බොන හැටි ලිපා දනී. මොනවා වුනත් මොහු, හැම දෙයක්ම දෙමව්පියන්ගෙන් බලාපොරොත්තුවෙන අපේ රටේ දරුවන්ට හොඳ ආදර්ශයක්. (නි)
මමත් ජර්මනියේ ජිවත් වන නිසා දන්නවා මෙහෙ තරඟකාරීත්වය කොහොමද කියලා. සමහරවිට මේ අය පෝසත් පවුලක නිසා මොකක් හරි විශේසත්වයක් ඇති (නි)
සුද්දෝ ඕවගේ වැඩ කරනවනේ. අනික උපතින්ම සල්ලි තියනවා නම් වයසට යද්දී අවුලක් වෙන්නේ නැහැ කියන විශ්වාසේ තියනවනේ... (නි)
මේක අලුත් ක්‍රමයක් නොවෙයි.නැවතත් ඇතිකිරීම හොදයි වගේ. (නි)
හොරුන්ගෙන් බේරී සිටීමට හොද අදහසක් (නි)
මුළු ලෝකයම මුදල් බාවිතය නතර කරනම් මේ අවුල් ඉවර නැහැ. ඉවක් බවක් නැතුව මුදල් පස්සේ දුවන්න ගිහිල්ලා මොන තරම් මිනිස්සු මානසිකව දුක් විඳිනවද? භාණ්ඩ හා සේවා හුවමාරුව කොපමණ අගෙයිද? මිනිස්සු නිකන් ඉන්නේ නැතුව මොනවා හරි කරනවනේ.(නදී)
අන්න එහෙම තමයි ඉන්න ඕනේ (දී)
ක්‍රමය නම් හොදයි. එත් සමහර සේවාවන් ලබාගන්න ගියාම ප්‍රශ්නයක්නේ.(ස)
මේ රටවල කෙනෙකුට මුදල් නැතිවුනාට , රජයෙන් මුදල් ලැබෙනවා. එහෙම නැතුව ජීවත් විය නොහැක. (නි)
ප්‍රයෝගික නැ නේද .බස් එකේ යන්න ඕන උනොත් කොන්දොස්තර වැඩේ ද මෙයා කරන්න ඕන.(ස)
බටහිර රටවල අසනීප වුනොත් මුදල් අවශ්‍ය නැහැ රෝහල් ගතවන්න යන්න. පළමුව සිදුවන්නේ රෝහල් ගත කරන කෙනාව නියමිත වෛද්‍යවරයාට යොමු කර , අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම.දෙවනුව ඔහුගේ අනන්‍යතාවය සොයා බලනවා. රෝහල් බිල ගෙවා ගන්න බේරී වුණා කියලා මැරෙන්න දෙන්නේ නැහැ. බටහිර රටවල හොරෙන් සිටින කෙනෙකු වුනත් අසනීප වුනොත් ඔහුට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සපයනවා (නි)
ඔය කිව්වට පව්ල ලග සල්ලි ඇති. (ස)