මුදල් වැයකර විවාහ මංගල උත්සවයක් ගැනීමට හැකියාවක් නොමැති දුප්පත් තරුණ යුවළ සඳහා උදව් වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට අනුබද්ධිත කාන්තා අභිවෘද්ධි සංසදය පියවර ගෙන ඇත.
ඒ අනුව කොම්පඤ්ඤවීදියේ පදිංචි රුවනි ලියනගේ (30) හා වැල්ලම්පිටියේ අසිත කැළුම් (32) යුවළට එම සංසදයේ ආධාරයෙන් සාර්ථක විවාහ මංගල උත්සවයක් පවත්වා අතිනත ගැනීමට හැකිවිය.
කාන්තා අභිවෘද්ධි සංසදයේ සාමාජිකයින්ගේ හා එම තරුණ යුවළගේ නෑ හිතවතුන්ගේ ආශිර්වාද මැද මංගල උත්සවය කොළඹ 7, බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිපුන් කියන අදහසත් සමඟ මමත් 100%ක් එකඟයි (නි)
මේවා ඇත්තටම සද්භාවයෙන් කරනවා නම් අපි අගය කරනවා. අනවශ්‍ය විදිහට ප්‍රසිද්ධ කරන්නත් හොඳ නැහැ (නි)
බොහොම හොඳ වැඩක්. පින් සිද්ධවෙනවා (නි)
මේ කාර්යය ඉහළින්ම අගය කරනවා (නි)
හොඳ වැඩක්.දවස් කීයක් ඕක ක්‍රියාත්මක වෙයිද දන්නේ නෑ.(හේ)
නිපුන්, රස්සාවකින් සල්ලි හොයලා මඟුල් කන්න ගියොත් නාකිවෙලා තමයි බඳින්න වෙන්නේ. රැකියාවක් හොයලා දෙන එක ගොඩක් හොඳයි. ඒ ජීවිකාව ගෙනයන්න මිසක් වෙනදේකට නොවෙයි. (නි)
මගුල් කන එකද ලොකුම අවශ්‍ය දෙය.මේ රටේ ඇත්තම ප්‍රශ්න වලට මුණ දීලා ඉන්න මිනිස්සුන්ට උදව් වුණා නම් නරකද? (ම)
මමනම් කියන්නේ යුවලකට තමන්ගේ වියදමෙන් මඟුල් ගන්න තරම් ආර්ථික වාතාවරණයක් හදාගන්න පුළුවන් රැකියාවක් හොයලා දෙන එක වඩා සුදුසු බව (හේ)
මඟුලක් කන එක නොවෙයි ප්‍රශ්නය. ඊටපස්සේ ජීවත්වෙන එක (නි)
මඟුල් කාලා ඉන්පස්සේ සල්ලි නැත්නම් ජීවත්වෙන්නේ කොහොමද? වැදගත්ම දේ ජීවත්වෙන්න පිළිවෙලක් හදලා දෙන එක. ආර්ථික අර්බුද එනකොට, කොච්චර මඟුල් කෑවත් ආදරය පස්සා දොරෙන් පැනලා යනවා. (නි)
තිලක්, මේ රටේ දැන් මොන ප්‍රශ්නද? දැන් තියෙන්නේ සුඛිත, මුදිත ලිච්ඡවී යහපාලන යුගයක්! (නි)