IMG-LOGO

සල්ලි නැතත් මඟුල් කන්න වරම්

මුදල් වැයකර විවාහ මංගල උත්සවයක් ගැනීමට හැකියාවක් නොමැති දුප්පත් තරුණ යුවළ සඳහා උදව් වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට අනුබද්ධිත කාන්තා අභිවෘද්ධි සංසදය පියවර ගෙන ඇත.

ඒ අනුව කොම්පඤ්ඤවීදියේ පදිංචි රුවනි ලියනගේ (30) හා වැල්ලම්පිටියේ අසිත කැළුම් (32) යුවළට එම සංසදයේ ආධාරයෙන් සාර්ථක විවාහ මංගල උත්සවයක් පවත්වා අතිනත ගැනීමට හැකිවිය.

කාන්තා අභිවෘද්ධි සංසදයේ සාමාජිකයින්ගේ හා එම තරුණ යුවළගේ නෑ හිතවතුන්ගේ ආශිර්වාද මැද මංගල උත්සවය කොළඹ 7, බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්විණි. 



අදහස් (0)

සල්ලි නැතත් මඟුල් කන්න වරම්

ගුණසිරි Tuesday, 10 May 2016 10:40 PM

නිපුන් කියන අදහසත් සමඟ මමත් 100%ක් එකඟයි (නි)

:       0       0

දංගොල්ල Tuesday, 10 May 2016 10:41 PM

මේවා ඇත්තටම සද්භාවයෙන් කරනවා නම් අපි අගය කරනවා. අනවශ්‍ය විදිහට ප්‍රසිද්ධ කරන්නත් හොඳ නැහැ (නි)

:       0       0

චානක Wednesday, 11 May 2016 01:29 AM

බොහොම හොඳ වැඩක්. පින් සිද්ධවෙනවා (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 11 May 2016 01:28 AM

මේ කාර්යය ඉහළින්ම අගය කරනවා (නි)

:       0       0

ආදිල් Wednesday, 11 May 2016 09:02 AM

හොඳ වැඩක්.දවස් කීයක් ඕක ක්‍රියාත්මක වෙයිද දන්නේ නෑ.(හේ)

:       0       0

සුදේශ් Wednesday, 11 May 2016 03:23 AM

නිපුන්, රස්සාවකින් සල්ලි හොයලා මඟුල් කන්න ගියොත් නාකිවෙලා තමයි බඳින්න වෙන්නේ. රැකියාවක් හොයලා දෙන එක ගොඩක් හොඳයි. ඒ ජීවිකාව ගෙනයන්න මිසක් වෙනදේකට නොවෙයි. (නි)

:       0       0

තිලක් Wednesday, 11 May 2016 04:50 AM

මගුල් කන එකද ලොකුම අවශ්‍ය දෙය.මේ රටේ ඇත්තම ප්‍රශ්න වලට මුණ දීලා ඉන්න මිනිස්සුන්ට උදව් වුණා නම් නරකද? (ම)

:       0       0

නිපුන් Tuesday, 10 May 2016 02:00 PM

මමනම් කියන්නේ යුවලකට තමන්ගේ වියදමෙන් මඟුල් ගන්න තරම් ආර්ථික වාතාවරණයක් හදාගන්න පුළුවන් රැකියාවක් හොයලා දෙන එක වඩා සුදුසු බව (හේ)

:       0       0

සේන Wednesday, 11 May 2016 05:09 AM

මඟුලක් කන එක නොවෙයි ප්‍රශ්නය. ඊටපස්සේ ජීවත්වෙන එක (නි)

:       0       0

පීරිස් Wednesday, 11 May 2016 05:09 AM

මඟුල් කාලා ඉන්පස්සේ සල්ලි නැත්නම් ජීවත්වෙන්නේ කොහොමද? වැදගත්ම දේ ජීවත්වෙන්න පිළිවෙලක් හදලා දෙන එක. ආර්ථික අර්බුද එනකොට, කොච්චර මඟුල් කෑවත් ආදරය පස්සා දොරෙන් පැනලා යනවා. (නි)

:       0       0

අරුණ Wednesday, 11 May 2016 07:02 AM

තිලක්, මේ රටේ දැන් මොන ප්‍රශ්නද? දැන් තියෙන්නේ සුඛිත, මුදිත ලිච්ඡවී යහපාලන යුගයක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 574 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 333 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 496 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site