උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති නමින් පෙනී සිටි පුද්ගලයකු ඉන්ධන හලකට දුරකතන ඇමතුමක් දී අහම්බෙන් හමු වූ ව්‍යාපාරිකයකු යවා තෙල් කෑන් හතරක් හා රුපියල් 20,000ක් ඉල්ලාගෙන බැංකුවක පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනකුට දෙද්දී තිදෙනාම අත්අඩංගුවට ගත් බව උතුරු කළුතර පොලිසිය කියයි.
ව්‍යාපාරිකයා මේ ගනුදෙනුව ගැන කිසිත් නොදන්නා බව පෙනේයැයි පොලිසිය පවසයි.
එහෙත් ඔවුන් ඊට හවුල් කර ගැනීමට ප්‍රභූන්ගේ නම් පාවිච්චි කරන සංවිධානාත්මක පිරිසක් සිටින බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තුන්දෙනා නම් හොරා පොලිස් කරන කට්ටිය වගෙයි. මම අහන්නේ ඔවැනි දේවල් ඇත්තටමත් සිදු නොවෙනවාද අද ශ්‍රී ලංකාවේ.......? (නි)
හුඟක් ප්‍රභූන් අහුවුණාම කියන්නේ "අනේ මම මුකුත් දන්නේ නැහැ . මගේ නම පාවිච්චි කරලා" කියලා. අන්තිමට පොඩි අයට ඔක්කොම වැරැද්ද පටවනවා. (නි)
චාමර, අපි ඔක්කොම ඔහොම සුබ හීන දකිනවා නේද? ඒත් අපි ඉන්නේ අවදිවෙලා නිසා ඒ හීන හැබෑ වෙන්නේ නැතුව ඇති. (නි)
අද කාලේ ප්‍රභූන් කියා ගන්න අයත් කරන්නේ ඔය ඔය වගේම වැඩ නිසා මේකේ අමුත්තක් නැහැ. (නදී)
ලංකාවේ ටිකක් සල්ලි තිබ්බා නම් ගෙදර ඉන්න බලු කුක්කටත් දෙකට නැමෙන කට්ටිය තමයි ඉන්නේ. සල්ලි තිබ්බා නම් ප්‍රභූ තමයි (නදී)
මම මේ ව්‍යාපාරිකයා ඉතා හොඳින් දන්නවා ඹහු ඉතා අමාරුවන් සාධාරනව ව්‍යාපාර කරෙගන යන කෙනෙක්. මේ ගනුදෙනුව ගැන කිසිත් නොදන්නා බව පොලිසිය කියන්නෙත් ඒකයි. හැබැයි පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනා ගැන මම දන්නේ නැහැ. (නදී)
මෙහෙම දේවල් සිද්ධවෙන්නේ පොලිසියේ අය හැබෑවටම මෙහෙම දේවල් කරන නිසායි. නැතිනම් පොලිසියේ තියා ඊට ඉහල කෙනෙකුට උනත් නිකන් මුදල් දෙන්න යන්නේ ඇයි ? බැරිවෙලාවත් හැබෑ පොලිසියේ අය මුදල් ඉල්ලලා දුන්නේ නැතිනම් පෝරියල් කියලා මිනිස්සු දන්නවා. (නදී)
වැදරි කරුවන් සොයා නිසි දඩුවම් ලබා දිය යුත්තේ ජනතාව ඉදිරියේ දී සියලු දෙනා හටම එමගින් එවනි අපරාද, දුෂණ, පැහැරගැනීම්, වලට ඉඩ නොතබන අයුරිනි. (අ)