සෙල්ල කතරගම නගරයේ දේවාල භුමියට යන මාර්ගයේ තාවකාලික වෙළෙන්දෝ රැසක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් නගරයෙන් ඉවත් කීරීම නිසා වෙළදුන් අතර දැඩි උණුසුම් වතාවරණයක් ඇති විය.
ශ්‍රී වල්ලි විහාරස්ථානයට යන මාර්ගයේ අනවසර ( තාවකාලික මඩු ) 30 ක් පමණ ඉවත් කළ අතර වෙළඳුන් වසර තිහක් පුරා එම කඩවල සිටින බවයි. ‘පසු ගිය රජයෙන් අනවසර කඩකරුවන්ට මල් කඩ හැදුවා එවා දුන්නේ දේශපලඥයින්ගේ හිතවතුන්ට කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සමහර මන්ති‍්‍රවරුන්ටත් එතන කඩ තියෙනවා. අනවසර කඩ හිමියන්ට කියලා හදපු කඩ 32 බෙදා ගත්තේ සල්ලි තියෙන අය අපිත් ජිවත් වෙන්න ඕනෑ ඇයි, දුප්පත් අය ගැන හිතන්නේ නැතිව අපි එළවන්නේ’ ඔවූහු සිය අඳෝනාව නැගූහ.
කතරගම නාගරික සංවර්ධන අධිකාරියේ ස්ථාන භාර නිළධාරි ඩබ්ලිව්.එම්.එස්. වනසිංහ මහතා පැවසුවේ
‘පුජා භුමියට එන වන්දනාකරුවන් මේ වෙළදුන් හිරි හැරයක්. මොවුනට සෙල්ල කතරගම සති පොළ භුමියේ කඩ පොළක් හදා තිබෙනවා. මේ අය එතනට යන්නේ නැතිව මග හරස් කරමින් වන්දනා කරුවන්ට හිරි හැර වන අයුරින් සිටින නිසා ඉවත් කළා.’





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්ධස්ථානයකට යන පටු වීදිය දෙපස ඍජු සරල රේඛා නොමැතිව ගලාගෙන යන පාට පාට සෙල්ලම් බඩු, මල් ,වළලු, සුවඳ හමන බෙහෙත් වර්ග, රස කැවිලි කඩ ඉතාම ආශ්වාදජනකයි. එය වන්දනාකරුවන්ට හිරිහැරයක් නොවෙයි. පුංචි ළමුන්ට මෙන්ම වැඩිහිටියන්ටද එය චමත්කාරජනක අත්දැකීමකි (නි)
ෆොටෝ වලින් පෙනෙනවා පාර අවහිර කරගෙන කඩ හදා තිබෙන බව. ඉවත් කළාට දුකයි. නමුත් එය කළයුතුමයි (නි)
පහුගිය සතිඅන්ත නිවාඩු කාලේ බැතිමතුන් ගසාකාපු විදිහ අමතක වෙලාද කොහෙද? අනවසර ඉදිකිරීම් වලින් පාඩු වෙන්නේ නීතියට අනුව වැඩ කරන අයට. (නි)
ගමගේ ගේ අදහසට එකඟයි (ම)
පව් වැඩේ. මේ අහිංසක මිනිස්සු කීයක්හරි හොයාගන්නේ මාළිගා හදන්න නෙමෙයි. එදා වේල ගැටගහගන්නයි. හිත පිත් ඇති නිලධාරීන් මේ මිනිස්සු ගැන හිතලා සාධාරන පියවරක් ගන්න (නි)
මම මාසයට දෙපාරක් කතරගම යනවා. ඒ යනකොට වන්දනා කරන්නත් යනවා. හැබැයි ඔය කියන තරම් කරදරයක් නම් මම දකින්නේ නැහැ. ඔය මිනිස්සු ඔට්ටුවෙන්නේ හඳ අල්ලන්න නෙමෙයි ජීවත්වෙන්න. (නි)
අහිංසක මිනිස්සු කොහේ කියලා යන්නද ? (ම)
මෙම දේවල් කල යුතුයි. වන්දනා කරුවන්ට හරිම හිරිහැරයක්. වන්දනා කරුවන්ගේ මුදල් ගසාකන කඩ කාරයෝ. (ර)
මේවා ඉවත්කළ යුතුමය. (නි)
ලංකාවේ ජීවත්වන අයගේ දරිද්‍රතාවය ගැන සංවේගයට පත්වෙනවා. ඉස්සර රෙද්ද හැට්ටයෙන් සැරසිලා අපේ ගම ලස්සන කළ අපේ අම්මලා නංගිලා දැන් සායවල් හැට්ටවල් වලින් සැරසිලා. කෝ අපේ ගමේ හිටපු රන්එතනා ටිකිරිමලීලා? අපේ රටේ තේ, රබර්, පොල්, විදේශ රැකියා වලින් ලැබෙන මුදල් කොහාට යනවද මන්දා? (නි)
ආණ්ඩු මාරුවෙනකොට හැමදාම වෙන වැඩ. මේවා යහපාලනයෙනුත් වෙන එකයි හිතට අමාරු. (නි)
අහිංසක මිනිස්සු කාටවත් අත නොපා මහන්සියෙන් හම්බකරන් කන මිනිස්සු මේ, වැරැද්දකට කරන්නේ නීති රීති දාන්න එන බලදාරීන්ට රැවටිලා කාලෙන් කාලෙට හැමදාම ජන්දය දෙන එක තමයි, (ම)
ගමගේ ඔයාගේ කතාවට මම එකඟ වෙන්නේ සෙල්ල කතරගම පහුගිය ආණ්ඩුවෙන් කෘතීම කරන්න ඉස්සෙල්ල තිබුන විදියට. ඉස්සර එහි ඔබ කියූ සුන්දරත්වය තිබුනා. ගඟ අද්දර තිබු කඩවල් කොපමණ අගයක් එකතු කළාද? පහුගිය ආණ්ඩුවෙන් එම කඩ එක තැනකට දාල වෙළඳ සංකීර්ණයක් හදලා, මුලින් තිබු සුන්දරත්වය කාල දැම්ම. පුරාණ ස්ථාන අලුත් කිරීමට ගොස් ඒවායේ පෞරාණික අගය කාල දාන්න හොඳ නෑ. (ර)