සමෘද්ධිය උදා කරන සාම පහනක් තැනීම සඳහා සෙල්ල කතරගම ගණ දේවාලයේ කපුවකුගෙන් රුපියල් තිස් ලක්ෂයක් වංචා කළැයි කියන පුද්ගලයකු රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
බිරිය ද සමග තම දේවාලයට පැමිණ තමා සමග මිතුරු වූ මොරටුවේ චේතිය මහගොඩගේට එම මුදල් දුන් බවත්, මාසයක් ඇතුළත මුදල් ආපසු දෙන බවට ඔහු පොරොන්දු වී අගරු චෙක්පත් නිකුත් කළ බවත් කපුවා පොලිසියට කියා ඇත.
වැඩිදුර විභාගය 19 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුවා කපෝති.(ස)
දෙවියනි , ඔබ කොහිද? (නි)
මම දෙයියෝ නැහැ කියා කියන් නැහැ. දෙයියෝ ඉන්නවා හැබෑ කසිප්පු ගහන මස්මාලු කන බොරු කියන අයට දෙයියෝ පිහටවෙන්නේ නැහැ. ඕක දැන් රටේ තියන සුදුවලින් එකක්. මම කියන්නේ දෙයියන්ගේ පිහිට පතාගෙන බොරුකාරයෝ පස්සේ ගිහිල්ලා සල්ලි නැති කරගන්නේ නැතිව පහන් සිතුවිලි ඇතිව වැඩකරන්න තොල්නයෝ නැතිව දෙවියෝ උදව් කරනවා.(නදී)
දෙවියන් ගැන විශ්වාස කරන්නන් අන්ධ භක්තිකයන් හැටියට සලකන අය කියලා අපේ සමාජය ගැන මොනවා හරි අවබෝධයක් ඇතුවද ඔය අදහස් දාන්නේ? අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ ජන ජීවිතය දේව විශ්වාස එක්ක බැඳිලා තියෙන්නේ. වී ගොවිතැනත් එක්ක තිබෙන දේව විශ්වාස බලන්න. වෙනත් ආකාරයකින් විසඳා ගත නොහැකි ප්‍රශ්න දෙවියන්ට කියන්නයි විශේෂයෙන් ගැමි සමාජය පුරුදු වී ඉන්නේ. නවීන අධ්‍යාපනය ලබපු අපි හිතනවා තර්කයට අහුනොවෙන දේවල් පැවතිය නොහැකියි කියල. බලි තොවිල්, පෙරහැරවල්, සහල් මංගල්‍ය වැනි ඉතා අලංකාර සංස්කෘතික අංග අදත් අපේ ජන ජීවිතයේ පවතින්නේ අපි වගේ "උගත්තු" සමාජයේ අඩුවෙන් සිටීමේ වාසනාව නිසයි. (නි)
මට අදහගන්න බැරි දෙයක් තමයි...ඇයි ඔය දෙවිවරු අදහන්න අතරමැදියෝ අවශ්‍ය? ඒ කියන්නේ මැද මිනිහා කපුවා.(අ)
නමින් බෞද්ධ. නමුත් මිත්‍යා දෘෂ්ටික ආත්මාර්ථකාමීන් දේවාල ගානේ යන්නේ අධික තණ්හාවෙන්මයි. සමහරවිට මුළු ජීවිත කාලයම දේවාලයට කැපකරන කපුවාට පිහිට නොවන ඔය හින්දු දෙවියන් තමන්ට පිහිට වෙනවාද යන්නවත් තේරුම් ගන්න ඔය අන්ධ භක්තිකයන්ට හැකියාවක් නැහැ.අති ගෞරවනීය සෝම හිමියන් බොහෝ වෙහෙසක් දරලා ඔය මිත්‍යා දෘෂ්ටියෙන් ගලවාගනිමින් සිටින විට රටේ අවාසනාවට උන්වහන්සේ අහිමි වුනා. (නි)
කෝවිලේ කපුවාගේ සල්ලි තියා, දැන් ඉන්න දෙයියෝ කපුවාවවත් බේරාගන්නේ නැහැ. දෙයියෝ ඔබ කොහිද ? කපුවා කපෝති (නි)
කපුවා කපෝතිද දැන්? (නි)
මටත් කෙනෙක් ලක්ෂ 20 වන්චා කරපු නිසා මේ කපු මත්තයා ලඟට ගිහින් කිවම මට කිව්වා ලක්ෂ 2 ක් දෙන්න හොඳ පූජාවක් කරලා දෙන්නම්. ඊට පස්සේ මාසයක් ඇතුලත සල්ලි ටික ලැබෙයි කියලා. දැන් අවුරුදු 4 ක් වෙනවා සල්ලිත් නැහැ කපුවත් නැහැ. අපරාදේ සල්ලි.(නදී)
බුදු දහමේ මෙහෙම දේශනා කර තිබේ. තම මව්පිය දෙදෙනා තමාට යහපතක් නොකලත් තමාගේ හිතම තමාට යහපතක් කරන්නේය. මීට වඩා දෙයක් දෙවියන්, හඳහන්, සාස්තර, නැකත්, කපුවන් පසු පස යන අන්ද භක්තිකයන් ගැන නොකිය මනාය.(නදී)
රබර්,පොල් හිටෙව්වා නම් අවුරුදු 5 ක් යනවා ආදායමක් ගන්න. ඌරන් ,ඉත්තෑවන් , රිලවුන්ගෙන් බේරාගන්න,කැලේ ,සුද්ද කරන්න,පොහොර දමන්න... මොන කරදරද? වියදම්ද ? අපි මේ නිෂ්පල වැඩකරන වෙලාවේ දේවාලයක් හදා ගත්තා නම් මොන තල්ලුවක්ද? (නි)
මේ වංචාකාරයට ගුරුකමක් කරන්න බැරිද කපුමහත්තයට ලක්ෂ 30 දේවාලේටම ගෙනත් දෙන විදිහට?කල් යන වැඩනේ උසාවි ගියාම. (නි)
තිස් ලක්ෂයක් දෙන්න තරම් කපු මහත්තයට සමෘද්ධියක් ඇදිලා තිබිල වගේනේ. අනේ මෝඩ මිනිස්සු තවමත් දේවාල ගානෙ ගිහින් කපුවන්ටත් අහු වෙනවනෙ (නි)
මිනිසුන්ට පිහිට වෙනවය කියන දෙයියෝ තමන්ගේ දේවාලේ කපුවට පිහිට වෙලා නැහැ වගේ. ඉතින් අපි තවත් කන්නලව් කරනවා අපට පිහිට වෙන්න කියලා. මට මතක් වෙන්නේ බුදුගුණ අලංකාරය නම් වූ මාහැඟි ග්‍රන්ථයයි. (නි)
මට කපුවෙකු වෙන ක්‍රමය කියා දෙන්ඩ.(නදී)
අතරමැදිය තමයි හැමතෙනම හම්බ කරන්නේ. ලක්ෂ තිහක් දෙවියෝ දුන්නා වෙන්න බැහැනේ.(අ)
අපේ අන්ද භක්තිකයන්ගේ සල්ලි නේද මේ කපු මහත්තයා ළඟ තියෙන්නේ.(නදී)