දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කලිනොච්චිය පච්චිපලෙයිහි පිහිටි යුද හමුදා කඳවුරකට අනවසරයෙන් ඇතුළුවීයැයි විරෝධය පළ කරමින් විපක්ෂනායක කාර්යාලයය ඉදිරිපිට පසුගිය සතියේ විරෝධතා දැක්වූ දකුණේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා හමුවී එම සිද්ධිය ගැන සාකච්ඡා කළහ.
මෙලෙස සාකච්ඡා කළේ නව සිහළ උරුමය සරත් මනමේන්ද්‍ර, ජනතෙස පෙරමුණේ බත්තරමුල්ලේ සීලරතන හිමි, මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය, දේශ විමුක්ති ජනතා පෙරමුණ ඇතුළු පක්ෂ සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසකි.
තමන් යුද හමුදා කදවුරට අනවසරෙන් ඇතුළු නොවූ බව පෙන්වා දී ඇති විපක්ෂ නායකවරයා උතුරු නැගෙනහිර ආරක්ෂක හමුදා එම පළාත්වල ජනතාවට අයත් ඉඩම් අක්කර ගණනාවක් බලහත්කාරයෙන් අයිති කරගෙන සිටිනා බවද පෙන්වා දී ඇත.
මෙහිදී සංවිධාන නියෝජිතයන් සඳහන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය චෝදනා කරන පරිදි මෙලෙස ආරකෂක හමුදාව ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇත්නම් එය සාධාරණ නොවන නිසා මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට අවශ්‍ය බවයි. ඔවුනවද උතුරු නැගෙනහිර පළාත්වල සංචාරයකට කැටුව යන ලෙස මෙම පක්ෂ හා සංවිධානවල නායකයන් විපක්ෂනායකවරයාගෙන් ඉල්ලීමක් කළ අතර විපක්ෂනායක ඊට කැමැත්ත පළ කළේය.
එලෙස සොයා බැලීමෙන් පසු අසාධාරණයක් සිදුවී ඇත්නම් තමන්ටද දෙමළ ජාතික සන්ධානය හා එක්වී දෙමළ ජනතාවගේ අර්බුද ගැන විසඳා දෙන්නැයි රජයට බලපෑම් සිදුකර හැකි බවද සංවිධාන නියෝජිතයෝ කීහ.
එමෙන්ම ආර් සමිබන්ධන් මහතා මෙරට විපක්ෂනායක වරයා වන හෙයින් ඔහුට උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ගැටළු ගැන පමණක් කතාකළ නොහැකි බවත් දකුණේ ජනතාවගේ ප්‍රශ්න ගැනද කතා කළයුතු බවත් මෙනිසා දකුණේ ජනතාව අතරටද පැමිණ එම ජනතාව හා සුහදව සාකච්ඡා කරමින් එම ජනතාවගේ ප්‍රශ්න විමසන ලෙසත් සංවිධාන නියෝජිතයන් විපක්ෂ නායකගෙන් ඉල්ලා තිබේ.
පසුගිය මාසයේ උතුරේ සංචාරයක නිරත වූ විපක්ෂ නායකවරයා මෙලෙස අනවසරෙන් යුද හමුදා කදවුරට ඇතුළු වීයැයි කියමින් ඔහු අත්අඩංගුවට ගත යුතු බවට හා විපක්ෂ නායක ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මෙම දේශපාලන පක්ෂ හා සංවිධාන නියෝජිතයෝ විපක්ෂනායක කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
සීලරතන හිමි/මනමේන්ද්‍ර සම්පන්දන් යළි පෑහෙති
රංග Thursday, 05 May 2016 02:48 PM
ඔහොම තමයි විසඳ ගන්න ඕනේ. සුබපැතුම්...!!(හේ)
චානක Thursday, 05 May 2016 09:26 AM
සමගියෙන් සකච්චකර සමගියෙන් විසිර යන්න. (ර)
ටෙනිසන් Thursday, 05 May 2016 11:07 PM
මේ වගේ ප්‍රශ්න දුරදිග ගෙනනොගොස් විසඳන එකයි වැදගත් (නි)
බමුණු ආරච්චි Thursday, 05 May 2016 11:11 PM
එතකොට එල්ටීටීඊ එකෙන් සිංහලයින් පළවාහැර අල්ලාගත් ඉඩම් ගැන සම්පන්දන් කියන්නේ මොනවද? (නි)
නිශාර්ඩ් ප්‍රීනා Thursday, 05 May 2016 10:01 AM
හොඳ ආරම්භයක්. (ර)
චන්දා Thursday, 05 May 2016 10:17 AM
මළ කෝලම්...(බ)
දුමින්ද Thursday, 05 May 2016 10:24 AM
ෆෙඩරල් ගැන කතා නැද්ද (බ)
ඩිලාන් Thursday, 05 May 2016 10:31 AM
සමගියෙන් සාකච්ඡා කර සමගියෙන් විසිර යාම දෙමල ප්‍රශ්න වලට විතරයි. යාපනේ සිංහල ප්‍රශ්න සමගියෙන් කතා කර විසිර යන්න පුළුවන් ද මේ දෙමල ලොක්ක එක්ක? (බ)
බමුණු Thursday, 05 May 2016 10:31 AM
ඔන්න ඔතන තමයි අපට වරදින්නේ. (බ)
ඉසුරන්දි Thursday, 05 May 2016 10:46 AM
සාකච්ඡා මාර්ගෙන් විසදගන්න ඕන ප්‍රශ්න මේවා.නමුත් රටේ ආරක්ෂාවට හානියක් නොවන විදිහට.(හේ)