අවශ්‍ය පහසුකම් ඇති කිරීම මගින් මෙරටදීම සේලයින් නිපදවීමට කටයුතු කරන බව සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පහසුකම් ඇති කළ පසු රාජ්‍ය ඖෂධ සංස්ථාවේම සේලයින් නිපදවීමට හැකිවනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.
අවශ්‍ය පහසුකම් ඇති කිරීම මගින් මෙරටදීම සේලයින් නිපදවීමට කටයුතු කරන බව සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පහසුකම් ඇති කළ පසු රාජ්‍ය ඖෂධ සංස්ථාවේම සේලයින් නිපදවීමට හැකිවනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
51% රජයේ දායකත්වය ඇතුව පුද්ගලික අංශය සහභාගි කරවාගෙන මේ වගේ කටයුත්තක් කරනවා නම් රජයටත් රටටත් අත්වෙන වාසි ගොඩයි (නි)
කතා අහලා සතුටු හිතිලා සමහර කට්ටියට. වැඩක් කරලා අවසන්වෙලා කියනවා වෙනුවට අනාගතයේ කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන කියනවා. අපිටත් පුළුවන් ඔය විදියට සංවර්ධනය කරන්න. (නි)
අපි බලමු මේ දේ මේ කියන ලෙසටම වෙයිද කියලා (නි)
අනේ ඇත්තටම ලුණු වතුර බෝතලයක් නියමිත සාන්ද්‍රණයට හදාගන්න බැරි රටක්? ඒ වුණාට චන්ද්‍රකා යවන්න තමා හදන්නේ (නි)
ජෝශප් මහත්තයෝ, ආයේ මොකටද එක එක්කෙනාගෙන් අහ අහා ඉන්නේ? විදගෙනම බලන්නකෝ තැඹිලි වතුර සේලයින් එකක් (නි)
ගේනවා කියපු වොක්ස්වැගන් සමාගමේ පොල්ගහවෙල ශාඛාව පටන්ගෙනද? ජනතාව මීට අවුරුද්දකට කලින් මේ වාහන සිහිනය, රැකියා සිහිනය ගැන කතාකළා (නි)
මීට අවුරුද්දකට කලින් අපේ සාක්කුවට සල්ලි දානවා කිවුවා. දැන් බදු ගෙනල්ලා අපේ සාක්කුවේ සල්ලි අදිනවා. මේවට අපෙන් තවත් සල්ලි ගන්න එපා. (නි)
සිසිර,එහෙම කියන්න එපා. අපේ කෙනෙක් චන්ද්‍රිකාවක් උඩු ගුවනට ඇරියේ. (නි)
සේලයින් ගෙන්වන මුදලාලිලා දැන්මම වැඩ පටන්ගෙන ඇති ඕක නවත්වන්න. (ර)
ලංකාවෙ තියෙනවා ලෝකයෙ තියෙන හොඳම තාක්ෂණය සහිතව සියලුම එන්නත් වර්ග සහ සේලයින් නිෂ්පාදනය කරන ආයතනයක් යුරෝපට අපනයනය කරන. (ර)
මේ කතන්දරේ දැන් කොච්චර කාලයක් තිස්සේ කියවනවාද? (ර)
කොච්චර හොඳද? (නි)
ඩෙංගු මදුරුවා මරාගන්න තාම බැරි වුණා නේද? කට්ටියටම ළගදිම සේලයින් දෙන්න වෙයි. (ර)
මෙහෙම කළොත් විශාල මුදලක් ඉතිරි කරගත හැකියි (නි)
හොඳ වැඩක්. (ර)
කියා කියා ඉඳල වැඩක් නෑ... කරලම පෙන්නුවානම් තම වටින්නේ. (ස)
නියමයි.. අපි නොදැක්ක රටේ සංවර්ධනය මෙන්න.. මේ දේවල් ගැන ඉස්සර කාටවත් හිතන්න අමතක වෙලා තිබ්බේ. බින්දු බින්දු එකතු වෙලා ගඟක් හැදෙනවා වගේ. ටිකෙන් ටික ටිකෙන් ටික ඉතුරු කරල ඉතුරු කරල රට සංවර්ධනය කරමු..! ජය වේවා.! (ස)
ඔය සංස්ථා ක්‍රමය නිසා තමයි අපේ රටේ කිසිම කර්මාන්තයක් දියුණු වෙන්නේ නැත්තේ. දේශීය පුද්ගලික සමාගමක් මේකට උනන්දු කරවලා, එයාලට ජාතික වෙළඳ පොළට ඇතුළුවෙන්න දුන්නා නම් ටික කාලයකින් එයාලා විදේශීය වෙළඳ පොළටත් ඇතුළු වෙනවා. ටික දවසකින් සංස්ථා වැඩ වර්ජනය කළොත්, එහෙමත් නැත්නම් යන්ත්‍ර සුත්‍ර කැඩිලා ගියොත් සේලයින් කර්මාන්ත ශාලාවේ ඉතුරු වෙන්නේ ගොඩනැගිලි ටික විතරයි. අන්තිමේදී අවුරුදු කිහිපයකින් ලක්ෂ කෝටි ගණනාවක් වතුරේ. (නි)
ජාතියක් විදියට ලැජ්ජා විය යුතුයි. දැන්වත් ක්‍රමවත්ව මේ දේවල් ගොඩනගන්න. (ස)
යහපාලන ආණ්ඩුවටත් සේලයින් දෙන්න වෙලා. (ස)
සේලයින් කියන්නේ තැඹිලි වතුර කියලා මම අසා තිබෙනවා. ඒක ඇත්තක්ද? (නි)
මේවා මීට අවූරුදු තිහ හතළියකට කලින් කරන්න තිබුන ඒවා. දැන්වන් කිරීම ඉතා හොඳයි. (නි)
කරලාම පෙන්නන්නකෝ ඉතින් (නි)
වැස්ස කාලෙට සේලයින් ලාබෙට දෙන්නත් පුළුවන් වේවි (නි)
මේකත් තවත් එක් කටින් බතලයක් නම් නොවේවා! (නි)
ඇයි ප්‍රසන්න, ඒක ලෙඩවෙලාද දැන්මම ...? (නි)