(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ ජිවීතයට එල්ල වී ඇති තර්ජන හේතූවෙන් ඒ මහතාට නිසි ආරක්‍ෂාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.
නීතීඥවරයකු වශයෙන් සිය සේවාදායකයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීමය වශයෙන් පෙනී සිටීම හේතූවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ ජිවීතයට තර්ජන එල්ල වී ඇති බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපති ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ සහ ලේකම් නීතීඥ ඉසුරු බාලපටබැඳි මහත්වරුන්ගේ අත්සනින් පොලිස්පතිවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් කොට ඇත.
සිය සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ බොරැල්ලේ පිහිටි කාර්යාලය ඉදිරිපිට පිරිසක් විරෝධය දක්වා ඇති බවත් නීතීඥවරයකු වශයෙන් සිය සේවාදායකයකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීමය වශයෙන් පෙනී සිටීම හේතූවෙන් එම පිරිස සාලිය පීරීස් මහතාගේ කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධය දක්වා ඇති බවත් පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් කොට ඇත.
සිය සේවාදායකයකුගේ ඉල්ලීමක් මත ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීමය සේවාවක් ලබාදීම හේතූවෙන් මේ වන විට සාලිය පීරීස් මහතාගේ වෘත්තීය කටයුතු වලට බාධා එල්ල වී ඇති බව අදාළ ලිපියෙන් පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතීඥ සංගමය නීතීයේ ආධිපත්‍යයේ පැවැත්ම සඳහා නීතී වෘත්තීය අත්‍යවශ්‍ය බව අධිකරණ තීන්දුවල සඳහන් බවද අවධාරණය කොට ඇත.
සිය සේවාදායකයින් වෙනුවෙන් පෙනී සිටීමට හා ඔවුන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අධිකරණ සංවිධාන පනත අනුවද අයිතිය ලබාදී ඇති බව සිය ලිපිය මඟින් අවධාරණය කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමය ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ වෘත්තීය රාජකාරී වලට බාධා පැමිණවීම වැළැක්වීමට පියවර ගන්නැයිද ඉල්ලා සිටී.
එමෙන්ම ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ ජිවීතයට තර්ජන එල්ල වී ඇති හෙයින් ඒ මහතාට නිසි ආරක්‍ෂාවක් ලබා දීමට පියවර ගන්නැයිද ුවැඩිදුරටත් ඉල්ලා සිටී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’’සාලිය පීරීස්ට ආරක්‍ෂාව දෙන්න’’