විල්පත්තු වන රක්ෂිතයේ පිහිටි කුඩා විලච්චිය වැවේ අලංකාර බිසෝ කොටුව නිදන් හොරුන් විසින් වනසන ලදැයි පොලිසිය හා වනජීවී නිලධරයෝ කියති.
දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමාරයා පළමු වැනි හා දෙවැනි සියවස් වල දී මහ විලච්චිය හා කුඩා විලච්චිය වැව් තනවන්නට ඇතැයි ඉතිහාසයේ සඳහන් වේ.
මහවිලච්චිය බිසෝ කොටුව ශ්‍රී ලංකාවේ ඉපැරණි බිසෝකොටු වලින් අතිශය අලංකාර බිසෝ කොටුවක් බව පුරා විද්‍යාඥයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෞතුකගාරේ සොරකම සිදුවෙද්දී අපිට නම් තේරුණා ලංකාවේ අස්සක් මුල්ලක් නෑර නිධන් වස්තු, පුරා වස්තු,සිත් සේ මංකොල්ල කෑම සිදුවේවි කියා. කනගාටුවට කරුණ නම් දේශප්‍රේමීන් යයි කියාගන්න බහුතරයක් වෙසෙන යුගයක මෙබදු රටට හානිදායක මෙවැනි දේ විශාල වශයෙන් සිදුවීමය. (නදී)
මුළු රටම විනාශ කරලා ඉවරයි දැන්. සේරම කරන්නේ දේශපාලුවන්ගේ සහය ඇති කාපාලුවන් පිරිසකි.(නදී)
මෙහෙම ගියොත් තව ටික දවසකින් රුවන්වැලිසැයත් බිද නිධන් සොයාවි. දේශප්‍රේමය දොරේ ගලන ව්ට සිදුවන දේවල් කියා බලා හිදිමු.(නදී)
රටට වෙන හානිය පෙනෙන විට දැඩි වේදනාවක්,කම්පනයක්,කනගාටුවක් මෙන්ම කළකිරීමක ද ඇතිවේ.නමුත් කුමක් කරන්නද ? සියලුම බලවේග මුදලට නතු වී හමාරය. (ත)
ප්‍රමුඛ, මමත් නිදන් මංකොල්ල කන එක ගැන කැමති නෑ. (ත)
පුරාවස්තු පොලොව යට තිබිල වැඩක් නැහැ කියලයි මම නම් අහල තියෙන්නේ. (ත)
සද්ධ නැතුවම ඇමැතිතුමෙක් ඇති. (ත)
දිය හැකි උපරිම දඩුවම් දෙන්න. එවිට මෙවන් විනශ ටිකක් හෝ අඩුවේ.(නදී)
නිරංජලා , අලුත් ශ්‍රීලංකාවට පරණ දේවල් මොකටද ? (නදී)
ඕවා පිටිපස්සේ ඉන්න අයට "දේශපාලුවෝ" කියන්නේ නිකන්ද නේද ? (නදී)
මේ දේවල් කරන්නේ ඉහල බල පුලුවන් කාරයින්ගේ අනුදැනුමෙනුයි.වැටයි නියරයි ගොයම කා නම් වග කිවයුතු අය නිකම්ම නිදි නැහැ. ගොරව ගොරවා වාත පිටකරමින් මර නින්දේ.(නදී)
පුදුමවෙන්න දෙයක් නැහැ. මේවා මේ අද ඊයේ සිට සිද්ධවෙන දේවල් නොවෙයි. (නදී)
මේක ජාතික ප්‍රශ්නයක්, මහනායක හිමිවරුනි. මේවා නවත්වන්න ඔබ වහන්සේලා ඉදිරිපත් වී කටයුතු කරන්න.(නදී)
මේ විනාස කරන්නේ රටේ ජාතියේ ශ්‍රී විභූතියේ ඇසින් දුටු සාක්ෂි.(නදී)
රටේ සොරුන් පිරී ඇත. (ත)
පොඩ්ඩක් ඉවසල ඉන්න තව නිදන් වස්තු ටිකකුයි පුරා වස්තු ටිකකුයි තියෙනවා ගොඩ දාගන්න. ඊට පස්සේ ආණ්ඩුවෙන් අලුත් අමාත්‍යංශයක් ඇති කරනවා 'නිදන් සහ පුර වස්තු සුරැකීම පිලිබඳ අමාත්යංශය" කියලා එකක්.(නදී)