මේ වනවිට බොලිවුඩයේ නිතර කතා බහට ලක්වන රුමේනියානු නිරූපිකා ලුලියා වැන්තර්ගේ 36 වැනි උපන්දිනය පසුගියදා සල්මාන් ඛාන්ගේ මුම්බායි නිවසේදී පවත්වන්නට වූ බවට වාර්තා පළවේ. මේ සඳහා සල්මාන් ඛාන්ගේ පවුලේ සියලුදෙනා මෙන්ම ලුලියාගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු හා මිතුරු, මිතුරියන් කිහිපදෙනෙකු එක්වූ බවද සඳහන්.
මෙම උපන්දින සාදය අතරතුරදී සල්මාන්ගේ මෙන්ම ලුලියාගේද පවුලේ සියලුදෙනා මොවුන් අතර ඇති සම්බන්ධය විවාහයකට පෙරළන්නට කතිකා කරගත් බවටද වාර්තා වෙනවා. එමෙන්ම සල්මාන්ට හිතවත් බොහෝ සිනමා තරු ලුලියාගේ 36 වැනි උපන්දිනයට සුබපැතුම් පිරිනමා තිබුණ බවද සඳහන් වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd