පදික වේදිකාවේ නිදා සිටි හතර දෙනකු යට කරගෙන පළා ගිය බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට මුම්බායි උසාවියකින් පස් අවුරුදු සිර දඬුවමක් අද නියම කළේය.
මිනිසුන් සිව් දෙනකු 2002 දී සිය කාරයේ හැපීමෙන් පසු පළා ගිය බොලිවුඩ් නළු සල්මන් ඛාන් මුම්බායි උසාවියකින් අද (06) වැරදිකරු විය.
අනතුර සිදුවෙද්දී තම රියදුරා කාරය පැදවූ බවට සල්මන් ඛාන් කී කතාව උසාවිය ඉවත දැමීය.
ඔහුගේ ආරක්ෂකයා පොලිස් කොස්තාපල් සාක්කි දෙමින් පැවසුවේ බීමතින් සිටි නළුවා පැයට කිලෝමීටර 90ක වේගයෙන් රිය පදවා ඇති බවයි.
රම් හා කොක්ටේල් බී රිය පැදවූ ඛාන්ගේ රියට පදිකවේදිකාවේ නිසා සිටි මිනිසුන් පිරිසක් යටවූ බව නඩුවේ දී කියැවිණි.
එම අනතුරෙන් පදිකවේදිකාවේ නිදා සිටි අයකු මරුමුවට පත් වූ බව නඩුව විභාග කළ විනිසුරු දේශ් පන්දේ කීවේය.
සල්මන් ඛාන් රිය පැදවූ බව ද විනිසුරු අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හොඳ නළුවෙක් වුනත් ඔලුව ඉදිමුණු මෝඩ පුතාල ඇසුරු කරලා මෙයාගෙත් ඔලුව ඉදිමිලා දැන් විපතේ වැටිලා.(ම)
එතකොට පසුගිය කාලේ මැතිවරණ ප්‍රචාරයට ඇවිත් මෙහෙ ළමයින් දෙන්නෙක්ව මෙයා ගිය වාහනයට යට වුණා නේද ? ඒකට මොකද වුනේ ? (ම)
මේවාට තමයි කියන්නේ දිට්ඨ ධම්ම වේදනිය කර්ම වරදක් කළොත් අනිවාර්‍යෙන්ම දඩුවම් ලැබෙනවා (ම)
අපරාදේ අපේ පෙරකදෝරු බේබි නඩුවට පෙනී හිටියානම් මෙයා ගොඩ ! (බ)
අප්පේ දැන් මෙහෙ එක බංගලාවක් නම් මළගෙයක් වගේ ඇති. (බ)
අරයට උදව් කරපු සේරම හිරේ යනවා වගේ (බ)
ඔන්න ගන්නවානම් ආදර්ශ කොයි ලොක්ක උනත් නීතිය පොදුයි (බ)
නියම පොලිස් නිලධාරියෙක් (ම)
වැරදි කළවුන්ට කවදා හෝ දඩුවම් ලැබෙනු ඇත. එය ස්වභාව ධර්මයාගේ පොදු නීතිය වේ.(බ)
අපේ හිටපු ජනාධිපතිටත් දැන් ගිහින් හිරකාරයව බලන්ඩ හිතිලා ඇති, මොනවා වුනත් උදව්වට ආපු මනුස්සයනේ. (බ)
අපේ හිටපු ජනදිපතිටත් දැන් ගිහින් හිරකාරයව බලන්ඩ හිතිලා ඇති, මොනවා උනත් උදව්වට ආපු මනුස්සයනේ. (බ)
ඉක්මනට බෝඩ් ටිකක් ලියාගෙන පාරට බහින්න ඕනේ. "සල්මන් කාන්ට අත නොතබනු" "සිනමාවේ වීරයාට ජයවේව" ලංකාවේ වගේ ගොඩ දාගන්න පුළුවන් වෙයි. (බ)
ශාරුක් ඛාන්ට ජයවේවා කියපු කට්ටිය දැන් මොකද කරන්නේ? (සල්මන් ඛාන් වේදිකාවේ ඉදිද්දීදී) (බ)
එතකොට මෙයා මෙහෙන් යද්දී එයත් එක්ක ගියපු වාහනේට යටවුනු අපේ ළමයි දෙන්නට මොකුත් සාධාරණයක් නැද්ද (බ)
අර පැයකට දෙකකට බොරැල්ලේ වේදිකාවට නැග්ගට මිලියන් කීයක් ගත්තද මේ හාදය (ම)
ලංකාවෙ බලවතුන්ට නම් මේ වගේ වෙලාවට වෙනත් අයෙක් රියැදුරු ලෙස ඉදිරිපත් කර කාරණේ පහසුවෙන්ම ගොඩින් බේරා ගන්න පුළුවන්. (ම)
ඒකත් ලංකාවේ බලපෑමක් නිසා කියන්න කට්ටිය නැද්ද දන්නෙ නැහැ (නි)
මේකත් දේශපාලන පලිගැනීමක් කියයිද දන්නේ නෑ (ම)
අනේ පව්! (නි)