IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සල්මන් ඛාන් පස් වසරක් හිරේ

පදික වේදිකාවේ නිදා සිටි හතර දෙනකු යට කරගෙන පළා ගිය බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට මුම්බායි උසාවියකින් පස් අවුරුදු සිර දඬුවමක් අද නියම කළේය.

මිනිසුන් සිව් දෙනකු  2002 දී සිය කාරයේ හැපීමෙන් පසු පළා ගිය බොලිවුඩ් නළු සල්මන් ඛාන් මුම්බායි උසාවියකින් අද (06) වැරදිකරු විය.

අනතුර සිදුවෙද්දී තම රියදුරා කාරය පැදවූ බවට සල්මන් ඛාන් කී කතාව උසාවිය ඉවත දැමීය.

ඔහුගේ ආරක්ෂකයා පොලිස් කොස්තාපල් සාක්කි දෙමින් පැවසුවේ බීමතින් සිටි නළුවා පැයට කිලෝමීටර 90ක වේගයෙන් රිය පදවා ඇති බවයි.

රම් හා කොක්ටේල් බී රිය පැදවූ ඛාන්ගේ රියට පදිකවේදිකාවේ නිසා සිටි මිනිසුන් පිරිසක් යටවූ බව  නඩුවේ දී කියැවිණි.

එම අනතුරෙන් පදිකවේදිකාවේ නිදා සිටි අයකු මරුමුවට පත් වූ බව නඩුව විභාග කළ විනිසුරු දේශ් පන්දේ කීවේය.

සල්මන් ඛාන් රිය පැදවූ බව ද විනිසුරු අවධාරණය කළේය.



අදහස් (0)

සල්මන් ඛාන් පස් වසරක් හිරේ

මොරිස් Thursday, 07 May 2015 01:37 AM

මෙයා හොඳ නළුවෙක් වුනත් ඔලුව ඉදිමුණු මෝඩ පුතාල ඇසුරු කරලා මෙයාගෙත් ඔලුව ඉදිමිලා දැන් විපතේ වැටිලා.(ම)

:       0       0

රවී Wednesday, 06 May 2015 08:23 AM

එතකොට පසුගිය කාලේ මැතිවරණ ප්‍රචාරයට ඇවිත් මෙහෙ ළමයින් දෙන්නෙක්ව මෙයා ගිය වාහනයට යට වුණා නේද ? ඒකට මොකද වුනේ ? (ම)

:       0       0

පුලස්ති Wednesday, 06 May 2015 08:28 AM

මේවාට තමයි කියන්නේ දිට්ඨ ධම්ම වේදනිය කර්ම වරදක් කළොත් අනිවාර්‍යෙන්ම දඩුවම් ලැබෙනවා (ම)

:       0       0

මෙල්වින් Wednesday, 06 May 2015 08:33 AM

අපරාදේ අපේ පෙරකදෝරු බේබි නඩුවට පෙනී හිටියානම් මෙයා ගොඩ ! (බ)

:       0       0

සමන්ත Wednesday, 06 May 2015 08:40 AM

අප්පේ දැන් මෙහෙ එක බංගලාවක් නම් මළගෙයක් වගේ ඇති. (බ)

:       0       0

උපාලි Wednesday, 06 May 2015 08:42 AM

අරයට උදව් කරපු සේරම හිරේ යනවා වගේ (බ)

:       0       0

වරුණ Wednesday, 06 May 2015 08:43 AM

ඔන්න ගන්නවානම් ආදර්ශ කොයි ලොක්ක උනත් නීතිය පොදුයි (බ)

:       0       0

දුමින්ද Wednesday, 06 May 2015 08:47 AM

නියම පොලිස් නිලධාරියෙක් (ම)

:       0       0

ඉනෝකා -එංගලන්තය. Wednesday, 06 May 2015 09:13 AM

වැරදි කළවුන්ට කවදා හෝ දඩුවම් ලැබෙනු ඇත. එය ස්වභාව ධර්මයාගේ පොදු නීතිය වේ.(බ)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Wednesday, 06 May 2015 09:58 AM

අපේ හිටපු ජනාධිපතිටත් දැන් ගිහින් හිරකාරයව බලන්ඩ හිතිලා ඇති, මොනවා වුනත් උදව්වට ආපු මනුස්සයනේ. (බ)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Wednesday, 06 May 2015 09:58 AM

අපේ හිටපු ජනදිපතිටත් දැන් ගිහින් හිරකාරයව බලන්ඩ හිතිලා ඇති, මොනවා උනත් උදව්වට ආපු මනුස්සයනේ. (බ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 06 May 2015 10:00 AM

ඉක්මනට බෝඩ් ටිකක් ලියාගෙන පාරට බහින්න ඕනේ. "සල්මන් කාන්ට අත නොතබනු" "සිනමාවේ වීරයාට ජයවේව" ලංකාවේ වගේ ගොඩ දාගන්න පුළුවන් වෙයි. (බ)

:       0       0

ඛාන් Wednesday, 06 May 2015 10:32 AM

ශාරුක් ඛාන්ට ජයවේවා කියපු කට්ටිය දැන් මොකද කරන්නේ? (සල්මන් ඛාන් වේදිකාවේ ඉදිද්දීදී) (බ)

:       0       0

සමීර Wednesday, 06 May 2015 10:37 AM

එතකොට මෙයා මෙහෙන් යද්දී එයත් එක්ක ගියපු වාහනේට යටවුනු අපේ ළමයි දෙන්නට මොකුත් සාධාරණයක් නැද්ද (බ)

:       0       0

ජගත් විජේසිංහ Wednesday, 06 May 2015 11:18 AM

අර පැයකට දෙකකට බොරැල්ලේ වේදිකාවට නැග්ගට මිලියන් කීයක් ගත්තද මේ හාදය (ම)

:       0       0

ඉලේපෙරුම Wednesday, 06 May 2015 01:38 PM

ලංකාවෙ බලවතුන්ට නම් මේ වගේ වෙලාවට වෙනත් අයෙක් රියැදුරු ලෙස ඉදිරිපත් කර කාරණේ පහසුවෙන්ම ගොඩින් බේරා ගන්න පුළුවන්. (ම)

:       0       0

කපිල Wednesday, 06 May 2015 01:41 PM

ඒකත් ලංකාවේ බලපෑමක් නිසා කියන්න කට්ටිය නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

සචිත් නාලක Wednesday, 06 May 2015 01:49 PM

මේකත් දේශපාලන පලිගැනීමක් කියයිද දන්නේ නෑ (ම)

:       0       0

සමන්ති Wednesday, 06 May 2015 02:15 PM

අනේ පව්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site