2005 දී හිටපු ලොකු තැන ආණ්ඩුව පිහිටුවන වෙලාවෙ අරලියගහ මැඳුරට සිලි සිලි මල්ලක තමන්ගෙ අඩුම කුඩුම දාගෙන ආපු දේසපාලුතුමෙක් අද ලංකාවෙ ඉන්න මහා කෝටිපතියෙක්ලු...
කාලයක් සරණාගත තත්ත්වෙ ඉඳල පුත්තලම් පැත්තෙන් මතුවෙලා ආපු මුන්නැහේ ගැන මේ කතාව ඊයෙ පෙරේදා ඇදුණෙ කොළඹ පැත්තෙ ලොකු හෝටලේකදියි... කතාවට සම්බන්ධ වුණේ හිටපු ලොකු තැනගෙ කන්තෝරැවෙ ඉහළ මට්ටම් දැරෑ දෙතුන් දෙනෙක්...
දැන් යහපාලන ආණ්ඩුවෙ ඇමැති සයිස් මට්ටමේ ඉන්න මෙතුමා ඉන්නෙ බොහොම අප්සෙට් එකේලු. ඒකට හේතුව නිතර නිතර එෆ්.සී.අයි.ඩී. යන්න වීම කියලයි ආරංචි... ඒ අස්සෙ තවත් ජරමර වගේකටත් පැටලෙමින් ඉන්නව කියලත් සමහරැ කියනව. මෙතුමාගෙ පක්ෂයට දැන් කවුන්සිලේ මන්තිරිවරැ හතරපස් දෙනෙකුත් ඉන්න නිසා උන්නැහේ දැන් තමන්ගෙ හයිය පෙන්නන්න තීන්දු කරල ඒ බව හිටපු ලොකු තැනගෙ පැත්තටත් දැනුම් දීලලු...
පහුගියදා මිනිපුරේ තිබුණ රුස්වීමකදී හිටපු ලොකු තැන ඔලුගෙඩි මාරැ කරන කතාවක් කියන්න ප්‍රධාන හේතුවත් මුන්නැහේල වගේ පිරිසකගෙ ඉල්ලීම් කියලයි තතු දත් කස්ටිය කියන්නෙ... හැංඟි හැංඟි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළියෙ නිසා අපිට තියෙන්නෙ බලාගෙන ඉන්නයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සිලි සිලි මල්ල ගෙනා කෝටිපතියා