ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ඇතුළු නිලධරයෝ හය දෙනෙක් කොළඹ ජාතික රෝහලට අද ගොස් හිටපු උප නගරාධිපති අසාද් සාලි මහතා හමුවිය.
තම පියා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටිතියි සාලි මහතාගේ දියණිය මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල අනුව ඔවුහු එහි ගියහ.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග යටතේ සිටින සාලි මහතා අසනීප වීම නිසා කොළඹ රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත පිටිගල (නි)
පාර්වතී ඉක්මනට ගිහින් මොලේ හෝදා ගන්න. සිංහලයෝ ලංකාවට ආවේ ඉන්දියාවෙන්ද? දෙමලුනම් ආවේ ඉන්දියාවෙන්. සිංහලයා මේ ශ්‍රී ලංකාව තුල හැදිච්ච ජාතියක් නැතුව ඉන්දියාවෙන් අවේ නෑ. (නදී)
කොහොම උනත් මෙතුමා කරපු කතා රටට හොද නහැ. ත්‍රස්තයෙන් විදිහට තමයි කතා කළේ.(නදී)
අනේ මන්දා අප්පා (දී)
කවුරුවත් කිසිම තේරුමක් නැතුව අත්අඩංගුවට ගන්නේ නැහැ නේද? ඒ ගැන අපේ බුද්ධි අංශය පරීක්ෂණ කරලා තියෙන්නේ මීට ගොඩක් කලින්- කොහෙද ? ලංකාවේද ? (නදී)
මෙයාල වගේ මෝඩ ප්‍රතිචාර ලියන අයට තම එදා ඉදල මෝඩයෝ කියන්නේ.(නදී)
අරාබි රටවල් නැතිව ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න බැහැ කියන එක කව්රුත් දන්නා කරුණක්. (ස)
පහුගිය කාලේ ලංකාවේ සිව් හෙළයම එකතුවෙලා කොටින්ට උදව් කරනවා ඊලමට පාර කපනවා කියලා ආචාර්ය මහත්මයෙකුට ඇති වෙනකල් දොස් පැවරුවා. ඔහු පැවසු දේවල් මුළු ලෝකයම දන්නවා. නමුත් ඔහුට විරුද්ධව නීතිමය පියවරක් ගැනීමට කිසිවෙකු උනන්දු නොවීම කණගාටුවට කරුණකි. අපි අද ජිවත් වෙන පරිසරය භයානක ලෙස පලිගැනීමට තුඩුදී අවසන්ය. අසාද් සාලි මහතාව අත් අඩංගුවට ගැනීම තරයේ හෙලා දකින්නෙමි. (නි)
බුද්ධාගමට විරුද්දව වැඩකරනකොට මානව හිමිකම් කොහෙද හිටියේ.(නදී)
සම්සුදින්ලට හරි ලොකුයි අරාබිය, නේද? අපිට නම් ඔය එකක්වන් වැඩක් නැහැ. (නි)
අසනීප වුනේ නම් බයටයි.(නදී)
අන්න සදරුවන් කඩේ යනවා කියන්නේ ඕකනේ. සේනාව එළියේ, ත්‍රස්තවාදී නායකයෝ ආණ්ඩුවේ ඇමතිලා වෙලා. සාලි මොකුත් කිවම ඒ ප්‍රකාශය ආණ්ඩු පාවිච්චි කරනවා ලකුණු දාගන්ට. යුරෝපේ වගේ හැමෝටම එක හා සලකන නීතියක් කවදා ලැබෙයිද අපට.(නදී)
සම්සුදීන් මෙතන තියෙන්නේ අරාබි රටවල් පිළිබද ගැටළුවක් නෙවෙයිනේ. අනික ලංකාව කියන්නේ අතීතයේ ඉදලම කෘෂි ආර්ථිකයක් තිබුන රටක්. එක නිසා අරාබි රටවල් අවශ්‍යම නෑ ලංකාවට දියුණු වෙන්න. අනික විදේශ ආධාර අවශ්‍යම නම් තව රටවල් ඕන තරම් තියෙනවනේ. (නදී)
මේ කිවයි කියන ජාතිවාදී ප්‍රකාශය තනි අතින් ගහපු අත්පුඩියක් නෙවේනේ.කෝ අනික් අත අල්ලන්නේ නැත්ද ? (ස)
සාලි කරෙත් ජාති වාදී ප්‍රකාශයක්. සේනාව කලෙත් ජාති වාදී ප්‍රකාශයක්.(නදී)
හෙට අනිද්දා වෙනකොට බරක් ඔබාමාත් ජිනීවා යයි වගේ.(නදී)
මෙය තාම ප්‍රකාශයක් විතරනේ කලේ. අර ක්‍රියාවෙන්ම ත්‍රස්ත්වාදේ ඔප්පු කරලම පෙන්නපු ජෝජ් මාස්ටර්,දයා මාස්ටර්, කේ පි, කරුණා, පිල්ලෙයාන් වගේ අයට මොකෝ කරන්නේ.(නදී)
වළගම්බා රජුගේ කාලේ මේ රට සංවර්දනය කලේ අරාබි කාරයෝද? සම්සුදීන්ට පිස්සු.(නදී)
අද අමු අමුවේ බික්ෂු වහන්සේ පණපිටින් ඝාතනය කරපු කරුණලාට කරුණාව. හැබැයි ජනරාල්ට, අසාද් සාලිට මානව හිමිකම් සංවිදාන වග පිහිටයි.(නදී)
මුරුගන් දගලනවා වැඩියි වගේ (නි)
මේ වගේ අය මුස්ලිම් අයට වීරයෝ (නි)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින අසාද් සාලි එයට විරුද්ධව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරනවා නම්, මොහුගේ ප්‍රකාශ වලට අප නිකන් බලා සිටිය යුතුද? එසේ නොසිට ඒ සම්බන්ධව විමර්ශනය කිරීම මානව හිමිකම් කඩවීමක් නොවේ යනු මගේ අදහසයි (නි)
කවුරුවත් කිසිම තේරුමක් නැතුව අත්අඩංගුවට ගන්නේ නැහැ නේද? ඒ ගැන අපේ බුද්ධි අංශය පරීක්ෂණ කරලා තියෙන්නේ මීට ගොඩක් කලින් (නි)
කාපු බීපු වෙලාවට පුංචි විහිළුවක් කළාට රාලහාමිලා වගේ අය ගණන් ගන්නේ ඇයිද සුළු දෙයක්. (ස)
මේක ආණ්ඩුව විනෝදයට කරපු වැඩක් කියල මමනම් හිතන්නේ නැහැ.අර කිව්වා වගේ ත්‍රස්තවාදී හොල්මන් මුලිනුපුටා දැමිය යුතුයි.(ස)
අනේ මගේ බුදු සුවාමිනේ අපේ මෙරටට මොකද මේ උනේ. අපේ දරුවන්ට ජිවත් වීමට රටක් ඉතුරු වේයිද දුප්පත් මිනිසුනේ.(නදී)
ඔව් ඉතින් වෙන වැඩකුත් නැහැනේ කට්ටියට ඔහේ ඇවිත් බලල ගියාවේ නැත්නම් කොහොමද ඩොලර්ස් හම්බ වෙන්නේ. (ස)
අසාද් සාලි මහත්තයගේ දුව මොට්ටැක්කිලිය නැතිව ඡායාරූපවලට පෙනී සිටීම ඔහුගේ දේශපාලන දිවියට අයහපත් ලෙස බලපායි. එයාට හිරුනිකා වගේ නෙමෙයි. වැදගත් මුස්ලිම් කාන්තාවක් විදියට ජනමාධ්‍ය ඉදිරියට එන්න කියලා කවුරුහරි සහෝදරයෙක් කියලා දෙන්න.(නදී)
ප්‍රභාකරන් කරලියට ආවත් ඔහොම තමයි අපි ප්‍රවේසම් වීම ඇඟට ගුණයි. (ස)
දෙසපලකයෝ වැරද්දක් කලාම නීතිය හමුවට යන්න ප්‍රථම රෝහලක නතරවීම දැන් මෝසතරයක් වෙලා රටට විරුද්ද වැඩ කරන කාටත් නීතියෙන් සමාවක් නොදිය යුතුයි. (ස)
මොවුන් අපේ රට කාල විනාශකරන අය. (ස)
සිංහල අයටනේ මේ සේරම. මානව හිමිකම් කතන්දර පුදුම දෙයක් (නි)
සිංහලයෝ ලංකාවට අවේ ඉන්දියාවේ ඉදන්. කුවෙනිට ලනු දීල රට අල්ලාගත්තේ. දෙමල අයත් අවේ යාපනේට ඉන්දියාවේ ඉදන් ඊට ටික කාලෙකට පස්සේ. මුස්ලිම් අය අවේ හොදටම පහු වෙලා. එක්කෝ මේ රටේ අයිතිය දබානේ අයට තියෙන්න ඕන. (නදී)
නීතියට ඉඩ දෙන්න, නීතිය සාධාරණයක් කරයි. (ස)
මුස්ලිම්, දෙමල, චීන, කොරියා, ඉන්දිඅන්, ජපන් මිනිස්සු කොහේ හිටියත් එකතුවෙලා සමගියෙන් වැඩ කරනවා. (නදී)
මානව හිමිකම් ඔක්කොම ඇමෙරිකන් උගුල්. තලේබාන් , අල්කයිඩා, ලිබියන් ත්‍රස්තවාදී, සිරියන් ත්‍රස්තවාදී ඔක්කොම පටන් ගත්තේ ඔය ඇමෙරිකන් කියන අනුන්ගේ දේවල් කඩාගෙන රටක් හදා ගත්තු අයගේ වැඩ නිසා. (නි)
වෙනරටක මෙවැනි රටට ද්‍රෝහිවන ප්‍රකාශ කළා නම් මෙලහකටත් මොනවා වෙලාද දන්නෙ නැහැ. මෙවැනි අයට උපරිම දඩුවම් දියයුතුයි.බලවතුන් අත්අඩංගුවට ගත්තහම අසනීපවෙන්නේ මොකද දන්නේ නැහැ නේද? (නි)
උස්සපු එක 'සුදු වැන්' එකකින්ම ඉස්සුවා නම් මේ කරදර නැහැ නේ.?(ස)
දැන් මේ එක් අයකුගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉන්න අය කොටි අහිංසක මිනිසුන් දහස් ගණන් මරණ කාලේ කොහෙද හිටියේ. සාම ගිවිසුම් ගහන්න ඉඩදිලා ඒ වෙනුවෙන් කැපවුන සෙබළුන් අසලටම කොටි ඇවිදින් අහිංසක සෙබළුන් දහස් ගණන් මරනකොට නිදා හිටි මේ මානව හිමිකම් අය දැන් බොරුවට ත්‍රස්තවාදී කතා කියන අයව බලන්න ඇවිදින්. බොරුවට මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉන්න මෙයාලමද දන්නේ නැහැ මේ රටේ ප්‍රශ්න ඇතිකරන්නේ... (නි)
ලංකාවේ නිදහස නැතිවෙලා ද . (නදී)
දැන් කොන්ත්‍රාත් එකට කඩේ යන අය තමයි මෙහි අදහස් දාන්නේ. මට හිතෙන්නෙ එහෙමයි තියෙන අදහස් දැක්කහම (නි)
එතොකට අර චණ්ඩාල සේනාවට මේ පනත අදාළ නැද්ද? (නදී)
හැබැයි එහෙම නම් තව කට්ටිය ගොඩක් අල්ලන්න ඕනෑ. මොකද ඒ ඔක්කොම කතා කරන්නෙ ත්‍රස්තවාදියො වගේ (නි)