(අංජුල මහික වීරරත්න)
සර්වේයර් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජෙනරාල් වශයෙන් කටයුතු කළ වයි. ජී.ඥානතිලක මහතා 2025-10-01 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා ඇත. ඒ අනුව, පුරප්පාඩු වී ඇති සර්වේයර් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම අතිරේක සර්වේයර් ජනරාල්වරයා වන එන්.කේ. යූ.රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සර්වේයර් ජනරාල් පත් කරයි
Rupasingha Wednesday, 22 October 2025 05:00 PM
නොදන්නාකමට අහන්නේ ඇයි ඔය තනතුරට සර්වේයර් ජෙනරාල් කියන්නේ ඊළගට පළාත් කාර්‍යාලයේ ලොක්කා නියෝජ්‍ය (සිංහල වචනයක්) සර්වේයර් ජෙනරාල් (ඉංග්‍රීසි වචන දෙකක්) වෙනවා. ඔය තනතුරට සිංහල නමක් නැද්ද? තිබේ නම් ඔවුන්ට ඒක පිළිකුල්ද? දන්න කෙනෙක් කියන්න එහෙමත් නැත්නම් ඉංග්‍රීසි භාෂාව පැය 24 න් සිංහල කරද්දී හදපු පාරිභාෂික ශබ්ද කෝෂයට වචනයක් දාන්න බැරිවෙලාද?