
(ප්‍රීති ජයවර්ධන)
රුහුණ විශ්වවිද්‍යාලයේ නඩත්තු අංශයේ සේවය කරන වැඩ සහායකයකු එම විශ්වවිද්‍යලයෙන්ම ඉතිහාසයේ ප්‍රථම වරට උපාධියක් හිමි කර ගත්තේය.
මෙසේ උපාධි හිමිකර ගත්තේ දෙවුන්දර ගන්දරාවත්තේ තිදරු පියකු වන ඩී.ඩී.ප්‍රියන්ත රණසිංහ මහතාය.
රුහුණු විශ්වවිද්‍යාලය පෙනෙන දුරින් ජීවත් වූ රණසිංහ මහතා තල්පාවිල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 2001 වර්ෂයේ අ.පො.ස. ( උසස් පෙළ ) විභාගයේදී කලා විෂය ධාරාවෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් සමග විභාගය සමත් වුවද විශ්වවිද්‍යාලයකට ඇතුළත් විය නොහැකි විය.
විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමට සුදුසුකම් නොලැබූ ඔහු උපාධි සිහිනය සැබෑ කරගැනීමට 2002 වර්ෂයේ රුහුණු විශ්වවිද්‍යාලයේ බාහිර ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි වී අධ්‍යාපන කටයුතු කරගෙන ගිය ද එය අතරමග නතර කර දැමීමට සිදු වූයේ අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙනි.
ඒ අතර ඔහුගේ බාහිර උපාධි ලියාපදිංචිය ද 2017 වසරේ අවසන්ව විය.
ඒ අතර 2018 වර්ෂයේ ඔහුට රුහුණ විශ්වවිද්‍යාලයේ නඩත්තු අංශයේ වැඩ සහායකයකු ලෙස විශ්වවිද්‍යාලයේ සේවයට එක්වීමට හැකිවිය.
විශ්වවිද්‍යාලයේ සේවයට පැමිණි ප්‍රියන්තගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ඇසූ බොහෝ දෙනා ඔහුට උපාධිය සම්පූර්ණ කර ගන්නා ලෙස දිරිමත් කළහ.
ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ සේවය කරන බොහෝ දෙනකුගේ සහයෝගය මත ප්‍රියන්ත මහතාට ඔහුගේ බාහිර උපාධි ලියාපදිංචිය අලුත් කරගෙන ඔහුගේ උපාධිය අවසන් කර ගැනීමට හැකිවිය.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
915
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
627
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සරසවි නඩත්තු අංශයේ වැඩ සහායක උපාධිය සම්පූර්ණ කරයි
Lalla Thursday, 18 December 2025 08:46 AM
සුභ අනාගතයක් ප්‍රාර්ථනය කරමු...ඒ අතර කරන රැකියාවට අදාල උසස් අධ්‍යාපන සුදුසුකම් ලබන්නට සහ උසස් නිලයකට යාමට වරම් ලබන්නට වාසනාව පාදාගන්න හැකියාව තියනව නේද?
වින්සන්ට් කජ්ජා Thursday, 18 December 2025 09:04 AM
කුඩු ගැන නිතර ඇහෙන දෙවුන්දරින්, මේ වගේ ප්‍රවෘත්තියක් අහන්න ලැබෙන එක ගමටත් හොඳක්. ඔහුට සුදුසු විදිහට උසස්වීම් ලැබුනොත් තවත් හොඳයි.
Lal Thursday, 18 December 2025 09:08 AM
කලා උපාධි නම් සාපයක් රටට
Senarath Thursday, 18 December 2025 09:32 AM
ඔබට සුභ පැතුම්! ලොකු ආදර්ශයක් .ඉගෙනුම අතරමඟ නැවතුනු සියලුම දෙනාට
ගුණරත්න Thursday, 18 December 2025 09:33 AM
සුබ පැතුම්!!
ravin Thursday, 18 December 2025 10:04 AM
ඔහුට සහයදුන් සැමට ස්තුතියි. විය යුත්තක්මයි . ඕන් ඒකට පසුගිය දවස්වල දුටුවා පාර්ලිමේන්තුවේ රැකියා අවස්ථා ලැබිලත් පත්වීම් බාරගත්තේ නැහැ කියලා.
සමන් - ඔමානය Thursday, 18 December 2025 12:31 PM
ඔබට සුබ අනාගතයක් පතමි. ජය වෙවා! අනිකුත් අයටත් ඔහු ආදර්ශයක්.
ලයන් Thursday, 18 December 2025 03:19 PM
දක්ෂ මහත්තයෙක් ජය වේවා...