ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත් සිරගත කළ සිසුන් නිදහස් කරන ලෙසත් ඉල්ලමින් කැලණිය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (8) කොළඹ නුවර ප්‍රධාන මාර්ගය අසල විරෝධතාවයක් ආරම්භ කළේය.
සිසුන් 200කට වැඩි පිරිසක් සිදුකරන උද්ඝෝෂණය හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා සිදුව ඇත.
පළමු වසර සිසුවියන්ට දිග කලිසම් ඇඳීම තහනම් කරමින් හා පරුෂ වචනයෙන් බැන වැදීම යන නවක වධ සිද්ධියක් මුල්කරගෙන කිරිබත්ගොඩ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව බ්‍රහස්පතින්දා (5) දෙවැනි වසරේ සිසුන් 5 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.
නවක වද සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව තවත් සිසුන් දෙදෙනෙක් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මේ අතර එම සිසුන් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් සබරගමුව, පේරාදෙණිය, රජරට විශ්ව විද්‍යාලවල සිසුහුද අද උද්ඝෝෂණවල නිරත වූහ.
(කැලණිය විශ්ව විද්‍යාලය)
ඡායාරූප - ලාල් එස් කුමාර
(පේරාදෙණිය විශෟව විද්‍යාලය)
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
(රජරට විශ්ව විද්‍යාලය)
ඡායාරූප - උපුල් තම්මිට
වීඩියෝ - ලාල් එස් කුමාර










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවධානයෙන් බලන්න. අවසන් වීඩියෝ දර්ශනයේ පෙනී සිටින්නන් දුටුවහම හිතෙන්නෙ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද කියලා. මට නම් පේන්නෙ මදාවි රැලක් වාගෙයි. (නි)
මේ ගොල්ලෝ විශ්ව විද්‍යාලේ ගිහින් තියෙන්නේ ඉගෙනගන්නද? එහෙම නැත්නම්, තමන් හැදෙන්න හදන්නේ නැතුව අනුන්ව හදන්නද? (නි)
ළමයිනේ, ඔය පිරිවෙනෙන් බිහිවුණේ උගතුන් සහ බුද්ධිමතුන්. ගේට්ටුවෙන් ඇතුළට එනකොට තුන් සැරයක් දණ ගහලා ඕකට ඇතුළු වෙන්න පුරුදු වෙන්න. (නි)
දඬුවම් විඳින්න දැන් ඉතින් (නි)
අනුර, ඔබ කියූ දේමයි මටත් හිතෙන්නේ. මේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ නම්, දෙවියනේ මට බයත් හිතෙනවා. කොහොම වුනත් ඔය පිරිසෙන් 10% ක් වත් නවක වදය එපා කියලා උද්ඝෝෂණයක් නිකම් විහිළුවටවත් පටන් ගත්ත නම් ඒකට සහයෝගය දෙන්න පස්සෙන් එන ජන ගංගාව පාලනය කරන්න රටේම පොලිසිත් මදිවේවි. මේ මොළේ කුරුවල් වුනු බුද්ධිමතුන්ට කවදත් බැරි දේ තමයි ජනමතය වටහා ගැනීම.(හේ)
නිකන් දෙන කිසිම දෙයක අගයක් නැත. මොවුන් ටියුෂන් පන්ති වලදී උද්ගෝෂණ කරන්නේ නැත. මොවුන් වෙනුවෙන් රජය වියදම් කරන මුදල්, රස්සාවක් කරන කාලයකදී නැවත අය කරගන්න ක්‍රමයක් සෑදිය යුතුයි (බ)
වැරැදි කර අයට දඩුවම් ලැබී ඇත. ඒ අයට නිසි දඩුවම් ලැබෙයි.(හේ)
නවක වද කියලා දස වද දීලා ශිෂ්‍යයන් මර්දනය කරන්නේ ළමයිනේ, නුඹලාම නේද? තරුණයෝ තරුණියෝ කියන්නේ ගොවියන්ගේ හා කම්කරුවන්ගේ පුත්තු සහ දූවරු. ඔවුන් අරගල කරන්නේ අර්ථයක් ඇතුව මිස බොරු සෝබනේට නොවෙයි (නි)
බැලුවොත් ඇත්නම් මෙයාල මහ පාරේ ඒ උනාට සේරම විබාග පාස් වෙලා වෙලාවට පාස් අවුට්. මේ කරන පාට මාලා වල සහ විබගවල කොලිටි එක වහාම සොයල බලන්න ඕන. (ර)
එතකොට මේගොල්ලෝ කියන්නේ නවක වධය හරි කියලද? මේක පුදුම රටක් නේ. වැරදි කරපු අයව ඇතුලට දාද්දි ඒකටත් පාරට බහිනවා. දැන් කියනවා ශිෂ්‍ය මර්ධනයලු. (ර)
එතකොට නවකවදය දීපු අයට දඩුවම් ඕන නැද්ද?(හේ)
මට මොවුන් ගැන පුදුම තරහක් තියෙන්නේ (නි)
සිසු දරුවනි, වැරදිකරුවන් වෙනුවෙන් පෙනී නොසිටින්න. කොන්ද පණ ඇති කෙනෙක් සිටී නම් බෝඩ් එකක් ඔසවා පෙන්වන්න නවක වදය සරසවියේ පිටුදකිමු කියා. (නි)
වදදෙන එක හරි කියලද මේ සමහරු කියන්නේ? (නි)
මේ අයට මතක හිටින පාඩමක් උගන්වන්න ඕනෑ (නි)
මෙයාලා ඉතින් වැඩිපුර ඉන්නේ පාරෙමනේ (නි)
මෙයාලා හරි නම් පාරට බහින්න තිබුනේ කලිසමත් නැතුව. මොනවා වුණත් මොන වැරැද්දක් තිබුනත් ඒ කාලේ මෙහෙම කැලණියේදී පාරට බැස්සා නම් මුන්නැහෙලට බලාගන්න තිබුනා වෙන දේ. බැලුවහම මෙයාලට තේරෙන භාෂාවත් එ්ක විතරයි මට හිතෙන්නේ (නි)
ප්‍රාථමික සමාජවල තියෙන නිර්ලජ්ජිත වැඩ කරන්න පුළුවන්. ඒවාට එරෙහිව නීතිය තහනම්. අනේ මේ රටේ අනාගත පරපුරද...? (නි)
අපට කරදරයක් නැතුව පාරේ යන්න මොවුන් අතුගාදමන්න. පාරේ යන හැමෝම නුඹලාට ශාපකරනවා මිස අනුකම්පා කරන්නේ නැත (නි)
නවක වදය දෙන සැමදෙනාම අත්අඩංගුවට ගන්න නීති සකසන්න (නි)
මේ ළමයින් විශ්ව විද්‍යාල වලට එන්නේ ඉගෙනගන්නද? එහෙම නැත්නම් රටට පාඩම් උගන්වන්නද? (නි)
මේ වගේ ළමයි නිසා තමයි අපේ රට දවසින් දවසට දුප්පත් වෙන්නේ (නි)
මොවුන්ටද අපි අනාගත බුද්ධිමත් පරපුර කියන්නේ? (නි)
පාරට නොවෙයි කාණුවට බැස්සත් නිදහස් කරන්න නම් එපා. මොන පොතේද තියෙන්නේ දිග කලිසම් ඇඳගෙන එන්න බැහැ කියලා. මොවුන්ගේ මන්ද මානසිකත්වය. (නි)
මෙම සියලු දෙනා පාරවල් වල ඉන්නද ගිහින් තියෙන්නේ? (නි)
නවක වදය නවත්වන්න ඕනෑ. මමත් සරසවිය තුළදී නවක වදයෙන් පීඩා වින්දා. (නි)
මේ ළමයින්ගේ ඔලුව හොඳ නැහැ වගේ හැසිරෙන්නේ (නි)
මේ අයගේ දෙමව්පියන්ට මොනතරම් මානසික පීඩනයක් ඇද්ද? (නි)
පව් අහිංසක දෙමාපියෝ. තවම ඉන්නේ 18 වන සියවසේ (නි)
නවක වදය දෙන්නේ, ඒ අයගේ සමාජයේ අනෙක් තලවල ඉන්න, සමාජයේ එකිනෙකට වෙනස් පෞරුෂයන්ගෙන් යුත් පුදගලයන්ගෙන් පළිගන්න මිසක් වෙන මොහොකටවත් නෙමෙයි. ඕක මානසික ලෙඩක්. ඒ අයගේ මානසික වින්දනය තකා කරන දෙයක් (නි)
නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. මේ විරෝධතා ගණන් ගතයුතු නැත. අමානුෂික නවක වදය ඉක්මනින්ම නතර කළයුතුය (නි)
සරසවි ගිය පිරිස දන්නවා මේවා පොඩි විනෝදයක් ගන්න කරන වැඩ බව. සමහර වෙලාවට ඉගෙනගන්න කම්මැලියි, වැඩ වැඩියි, පොඩි නිවාඩුවක් ඕනෑ. ඉතින් මේක නියමයි. අනික ඕවයේ "පොරවල්" වෙන්න ඕනෑ උදවියට හොඳ අවස්ථාව කැපිලා පේන්න. ජ්‍යාත්‍යන්තර තත්වයේ සරසවියකට ආවහම තමයි පහත් තත්වයේ ආකල්ප වල තරම පෙනෙන්නේ. (නි)
විශ්ව විද්‍යාල වල තවමත් නවකවද තත්ත්වය තිබෙනවා. ඉතින් එයාලා මේ විරෝධතාවයට එක්වුණ එකේ පුදුමයක් නැහැ. (නි)