අධ්‍යාපන හමුදාකරණය කිරීම සහ විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුනට හමුදා කඳවුරුවල ලබා දෙන පුහුණුව නතර කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සංගමය කියයි.
විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව නමින් හමුදා පුහුණුවක් ලබාදෙමින් අධ්‍යාපන පද්ධතිය හමුදාකරණය කිරීම ගැන ගුරු සංගම් හා විශ්ව විද්‍යාල ප්‍රජාව දිගින් දිගටම දැඩි විරෝධය පළ කළ බවත්, විදුහල්පතිවරුන්ට ලබා දුන් පුහුණුවේදී එක් විදුහල්පතිවරයෙකුගේ ජීවිතය ද අහිමි වූ බවත්, මෙම හමුදාකරණයේ නවතම බිල්ල බවට පත්ව ඇත්තේ ගන්නෝරුව හමුදා කඳවුරේ පුහුණුව ලබමින් සිටි නොච්චියාගම විද්‍යා දර්ශි විද්‍යාලයේ වානිජ අංශයෙන් උසස් පෙළ සමත්ව යාපනය විශ්ව විද්‍යාලයට තේරී පත්ව සිටි ළහිරු සඳරුවන් ජයරත්න සිසුවා බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
‘පාසල් පද්ධතියේ විදුහල්පතිවරුන්ට කර්නල් තනතුරු, කැප්ටන් තනතුරු සති දෙක තුනක කෙටි පුහුණු කිරීම් මගින් ලබා දෙමින් පාසල් පද්ධතිය ද හමුදාකරණයට යටත් කරමින් තිබෙනවා. ඊට දිගින් දිගටම විරෝධතා එල්ල වෙද්දී උසස්පෙළ සිසුන්ට ද මෙවැනි නායකත්ව පුහුණු ලබාදීමේ සැලැස්මක් තිබෙනවා.
විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුව නමින් හමුදා පුහුණුව ලබාදීම ආරම්භ කළ අවස්ථාවේම සමාජයෙන් විශාල විරෝධයක් ඒ සඳහා මතු වුණා. ඒ සියල්ල නොසලකා එම සිසුන්ට අනිවාර්ය කර ඔවුන් ඒ සඳහා සහභාගි කරවා ගැනීමට කටයුතු කළා. ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරමින් සිටින අතර නවක සිසුන් එම ව්‍යාපාරයට ඒම වැලැක්වීම සඳහා මෙසේ හමුදා පුහුණුව ලබාදීම සිදු කරනවා.
බීමට පිරිසිදු ජලය ඉල්ලු රතුපස්වල ජනතාව හමුදාව යොදවා මර්දනය කරන ලද්දේ සිසු ජීවිත දෙකක් හා තවත් සාමාන්‍ය වැසියෙකුගේ ජීවිතයක් නැති වෙමින්.
මේ සිද්ධියෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ ළහිරු සඳරුවන් ජයරත්න සිසුවා පිළිබඳ ලංකා ගුරු සංගමය දැඩි ශෝකය පළ කරනවා. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අධ්‍යාපනයටට අද තියෙන ලොකුම ගැටලුව පෞද්ගලික විශ්වවිද්‍යාල නොවේ, මේ විකාර නායකත්ව පුහුණුව. මේ ගැන මීට වැඩ කතා කළ යුතුයි (දිල්)
නැත්නම් කැඳ කොල්ලෝ වගේ තමයි ඉන්න වෙන්නේ.(නදී)
මේවා යහ ගුණ සමාජයක අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉදිරිපත් වෙන අදහස් නොව ක්‍රෝධය, වෛරය හා පළි ගැනීම පෙරදැරි කරගෙන කෙරෙන කුමන්ත්‍රණ. ඌරාගෙ මාළු ඌර පිටම තියා කපන්න කරන සුදානමක් මේක. (නදී)
රට කාල තමයි නතර කරන්නේ.(නදී)
ඒක යුධ හමුදා පුහුනුවක් නෙමෙයි. ඒක නායකත්ව පුහුනුවක්. අපිට යුධ අවි පුහුනුවක් දෙන්නේ නැහැ. ඒක හොඳ දෙයක්. මලේ ජීවිතය ගොඩක් වෙනස් වුනා.(නදී)
මේ කරන්නේ දේශපාලකයන්ට හිතුන තකතීරු වැඩ. තව ටික දවසකින් සිසුන් පිස්තෝල අරගෙන පන්සල් වලටත් යයි.(නදී)
කවදා හෝ දේශපාලකයෙකුගේ දරුවකු මරණට පත්වෙනතුරු මේක නවත්වන එකක් නැහැ. අවාසනාවකට ඒකට තව සැහෙන කාලයක් යාවි. මොකද මොට්ට දේශපාලුවන්ගේ ළමයි විශ්ව විද්‍යාල යන්න තරමට ඉගෙනගන්නේ නැහැනේ. (අ)
මේ පුහුණුව ඉතා වැදගත්, දිනෙන් දින විනයක් නැතිව පිරිහී යන, තරුණ සමාජයට යම් හෝ සාර ධර්ම පද්දතියක් හමුදා පුහුණුව තුලින් ලැබෙනවා. කුමාර්. (අ)
මේ වගේ සාමාන්‍ය ජනතාවගේ අදහස්වලට කන්නොදී දිගින් දිගටම ම කරන සමහර රජයේ හිතුවක්කාර වැඩපිළිවලවල් නිසාජාත්‍යන්තර බලපෑම්වලට අපේ රට තවදුරටත් ලක්වෙන එක තමා සිද්දවෙන්නේ. වගේ විකාර වැඩසටහන් නවත්වල ශිෂ්‍යයන් අසරණ තත්වයට පත්නොකරන ලෙස ම කරන විරෝදයට අපේ සහය අනිවාර්යයෙන්ම ලැබෙනවා. (අ)
එස් බී .ඇමති ඉස්සර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව හිටපු කාලේ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ හිටපු ක්‍රියාධරයෙක් නේද ? කැලේ ගහක් නසන්න කලේ ගහක්ම නේ යොදා ගන්නේ . (අ)
සිත සන්සුන් කරන භාවනා ක්‍රමවෙදි ප්‍රගුණ කීරීමට අවශ්‍ය මෙය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනිය. (අ)
අපි නායකත්ව පුහුණුවට ගීයා. මට දැනුන විදිහට එය හමුදා පුහුණුවක් නොවේ. එය අපට ප්‍රයෝගිකව ජීවත් වෙන්නට උගන්වන්නේ. මම නම් නායකත්ව පුහුණුවට කැමතියි. මන් වගේම ගියපු ගොඩක් අය අන්තිම දවසේ දුක් උනා පුහුණුව ඉවර උන එක ගැන. අපිට හැමදේම කියලදෙනවා එතනින්.(නදී)
හමුදා පුහුණුවෙන් විනය රැකෙනවා නම් රටේ කිසිම අපරාධයකට හමුදාවක පුහුණුව ලබපු කෙනෙක් අහුවෙන්න විදියක් නෑ නේද ?(දිල්)
මමත් නායකත්ව පුහුණුව අවසන් කරල ගෙදර ආවෙ මීට සති කිහිපයකට කලින්, මට දැනෙන විදියට ඒ පුහුණුව ජීවිතයට බොහොම වටින එකක්. මේ පුහුණුව පවත්වන්න ඕනෙද නැද්ද කියන ප්‍රශ්නේ අහන්න ඕනෙ ශිෂ්‍ය සංගම් / ගුරු සංගම් වලින් නෙවෙයි, පුහුණුවට ගිහිල්ල ආපු ශිෂ්‍යයන්ගෙන්.(නදී)