කොළඹ වෝඩ් පෙදෙසට පැමිණි සරසවි සිසුන්ගේ නියෝජිත කණ්ඩායමක් සමග විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සාකච්ඡා ඇරැඹීය.
සිසු පිරිස වෝඩ් පෙදෙසේ රැඳී සිටින අතර පසුගිය බ්‍රහස්පතින්දා මෙන් කිසිම කලබලයක් ඇති වූයේ නැත.
සිසුහු 20ක් පමණ සාකච්ඡාව සඳහා කොමිසමේ කාර්යාලයයට කැඳවනු ලැබ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල හිතාගෙන ඉන්නේ එයාලා ඉගෙනගත්තොත් ඇති කියල වෙන්න ඇති. දැනුමයි බුද්ධියයි අතර තියෙන වෙනස. (බ)
නිදහස් අධ්‍යාපනයත් මුදල් ගෙවා ලබාගන්න අධ්‍යාපනයත් යන දෙකම ජනතාවගේ අයිතියක් එකට බාධා කරන්න කාටවත් අයිතියක් නැහැ (ම)
හැමෝම ඉගෙනගන්න ඕනෑ.... (නි)
දෙයක් වෙනුවෙන් උද්ඝෝෂණය කළයුතුයි. නමුත් මෙවැනි උද්ඝෝෂණ වලදී අනෙක් පාර්ශවයන්ට(පුද්ගලික) අසාධාරණයක් නොවෙන විදිහට විකල්ප මාර්ගයක් හඳුන්වලා දෙන්න මේ ළමයි පෙළගැසෙනවා නම් යහපත් කියලයි මගේ අදහස. (නි)
ඊයේ සවස ඉතාමත් හදිස්සි ගමනයක් යමින් සිටි මට බොරැල්ලේ සිට වෝඩ් පෙදෙස හරහා වාහනෙන් යන්න බැරි වෙලා තවත් විශාල වට රවුමක් ගහල යනකොට මම ප්‍රමාද වැඩි වුනා. දරුවනේ ඔබ වෙනුවෙන් ජාතික ධනය උපදවන මහජනතාවට මෙහෙම කරදර කරන්නේ ඇයි. මහජනතාව එහා මෙහා යන මහා පාර මැද හිදගත්තම කාටද එකෙන් අවහිර වෙන්නේ. ඒ නිසා ඔබගේ ඉල්ලීම් ලබාගන්න පුලුවනිද? මීට වඩා බුද්ධිමත්ව හිතන්න කියල ඉල්ලනවා. (බ)
සමහර අම්මලා පහේ පන්තියේ සිටම ළමයාට කුහකකම ඔළුවට දානවා. අල්ලපු ගෙදර ළමයා හොඳ ටියුෂන් පන්තියක් සොයා ගන්නවාට ටියුෂන් සර්ලා ගෙදරට ගෙන්නලා උගන්වන්න සල්ලි තිබෙනවාට කැමති නැහැ. මෙහෙම ළමයින් සරසවියට ගියත් තමන්ගේ වයසේ කෙනෙක් තමන්ට කලින් රස්සාවක් තියා පරස්තාවක් කරගනී කියලා හිත විපිළිසරයි. මේ තියෙන්නේ ඒවායේ ප්‍රතිඵල තමයි. (නි)
තව ටික දවසකින් ඔයාලට ගහන්නේ පොලිසිය නෙමෙයි මහජනතාව. (ස)
නිදහස් අධ්‍යාපනය කියන්නේ නිදහසේ ඉගෙන ගන්න. ඔය දරුවෝ සල්ලි නැතිවද ඉගෙන ගන්නේ. සල්ලිද දැන් ප්‍රශ්නේ? (ස)
අන්න අර අජිත් පී පෙරේරා මජන සේවයට කැපවූ රත්රන් වචන ටික අහන්න දරුවනේ (බ)
මෙහෙම යනකොට රජයේ උපාධිය හදාරන උදවියට හැරෙන්න වෙන කිසිම කෙනෙකුට මළපොතේ අකුරක්වත් වෙන කොහෙන්වත් ඉගෙනගන්න ඉඩතියන්න එපා කියලා මෙයාලා කියයිද දන්නෙ නැහැ (නි)
සල්ලි ගෙවල ඉගෙන ගත්තත් පිනට ඉගෙන ගත්තත් අධ්‍යාපනය අයිතියකි (බ)
හරි ඔයා කියන විදියට උසස් පෙළ කරනකොට සල්ලි නැතිව ළමයි හැලෙන්නේ නැතිද/ ඒවා ගැනත් හිතන්න. (ම)
විශ්ව විද්‍යාල වල නොමිලේ ඉගෙනගන්න ලැබෙන්නේ 10%කට විතරයි. අනිත් 90% ගැන කතාකරන්නත් කවුරුන් හෝ සිටිය යුතුයි (නි)
රටරට වල ප්‍රාථමික අධ්‍යාපනය හදාරලා උසස් අධ්‍යාපනය සඳහා ලංකාවට එන දරුවන් ගොඩක් ඉන්නවා. ඒ වගේ අයට මාලබේ විශ්ව විද්‍යාලය වගේ තව ගොඩක් ආයතන අවශ්‍යයි. මේ අයගේ යල් පැනගිය අදහස් නවීන ලෝකයට ගැලපෙන්නේ නැහැ (ම)
බදු සල්ලි වලින් ඉගෙනගන්න කට්ටියට ඕනෑ විදිහට රටේ ප්‍රතිපත්ති හසුරුවන්න බැහැ. ජාතියේ සියලුම දරුවන්ට ඉගෙනගැනීමේ නිදහස තිබිය යුතුයි. (නි)