මෙරට උසස් අධ්‍යාපනය සඳහා රජය වෙන් කරන ලද මුදල ප‍්‍රමාණවත් ලෙස වැඩි කිරීම, විශ්වවිද්‍යාල පරිපාලනයට දේශපාලන බලපෑම් නතර කිරීම, වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද දෙවන දිනයටත් කි‍්‍රියාත්මක විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණි.




1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට තක්කඩින්ට කුඩු වෙළෙන්දන්ට සුපිරි ගණය, උගතුන්ට කුනුමුල්ල.
සරසවි ඇඳුරුවරු මේ කරන්නේ ජාතික පරාර්ථකාමි වැඩක්. ජාතියේ උත්තමාචාරය ඔබට!
පඩි නැතුව හරි ඉල්ලීම් නොඉල්ලා අපි වැඩ කරමු.අපේ ජනාධිපතිතුමා සහ ඇමති මණ්ඩලය රැක ගනිමු.ඔයාලා ඔහොම කරන එක අධිරාජ්‍යවාදී කැරලිකරුවන්ට රුකුලක්
අපොයි මෙයලට තියෙන වරප්‍රසාද දැන් කටවත් නැහැ. බදු රහිත වාහන, ලක්ෂ ගණණින් පඩි, සමහරැ කාර්යාලවල කිසි වෙලාවක නැහැ.. දේශණවලට තියෙන වෙලාවෙ විතරයි සරසවියෙ රැදෙන්නෙ.. හද්ද පරණ සටහන් තියෙන්නෙ.. නවීන දැනුමක් නැහැ.. ඉතිං තවත් මොනවද වරප‍්‍රසාද, තියෙන ටිකත් නැතිකරගන්න නැතිව යන්න අනේ..
සියලු දීමනා සමග ආචර්ය උපාධියක් සහිත ආචාර්යවරයෙකුගේ මාසික වැටුප රු 50000 සියලු දීමනා සමග සාමාන්‍ය පෙළ පවා සමහර පිරිසකගේ මාසික වැටුප රු300000++
කෝ අරය පේන්න නෑනේ..
බොහොම ස්තුතියි ගුරු පියාණනි , ගුරු මෑණිවරුනි, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටීම ගැන. අපිට උගන්නපු ගුරුවරුන්වත් අපි කාලෙකට පස්සේ දැක්කේ මේ ඡායා රුප වල ඉන්නවා .
දැන්වත් රටේ ජනතාවට තේරෙයිද දන්නෑ. මොකද සරසවි ශිෂ්‍යයෝ මේ දේ කළාම ඒක ගණන් ගන්නෑ.දැන්වත් තේරෙනවද දන්නෑ
අපේ රටේ මිනිස්සුන්ට නිදහස් අධ්‍යාපනයේ වැදගත්කම සහ මේ ආචාර්ය වරුන් ඒ වෙනුවෙන් කරන කැපකිරීම තේරුම් ගන්න තරම් නුවනක් නොමැති වීම කෙතරම් අවාසනාවක් ද? ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලට ආවඩන අයගෙන් එක දෙයක් අහන්න කැමතියි. ඔබට ලංගමය සහ පුද්ගලික බස් අතර වෙනස වටහාගන්න පුලුවන්ද? ඔබට ටියුෂන් සහ රජයේ පාසල් අතර වෙනස වටහාගන්න පුළුවන් ද? එසේ පුළුවන් වුන දිනක ඔබට තේරෙයි රාජ්‍ය විශ්වවිද්‍යාල පවත්වා ගැනීමේ වටිනාකම සහ ඒ වෙනුවෙන් මේ ආචාර්ය වරුන් කරන කැප කිරීමේ වැදගත්කම.
ගුරු භවතුනි , නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිත කැප කරන, දරුවන් හෙට දවස වෙනුවෙන් දාඩිය හෙලන ඔබ සැමට මාගේ ප්‍රණාමය...ජය වේවා !!
කව්රු හරි මගේ නම හොරකම් කරලා...
අපිටත් ඉගැන්නුවා නම් තමයි.ඒ වුණත් මෙතන මේ ඉල්ලන්නේ වැඩි පඩි.අනික්වා බොරු
කමක් නැහැ, අළුත් දේවලුත් උගන්වන්න බලන්න, පොඩ්ඩ මිස් වෙලා එන්න බැරිවුණ අයට ඉගෙන ගන්න තැනැක් ඔනෑනේ, අපට රට ගිහින් ඉගෙන ගන්නත් සල්ලි නැහැනේ. දක්‍ෂයා සහතිකයෙන් නොව මැනෙන්නේ වැඩ වලින් නේ. කවුරුවත් අදක්‍ෂයින්ට රැකියා දෙන්න නම් කැමැති නැති වේවි නේද?
උගත් මිනිහෙකුගේ වටිනාකම නොදන්නා මිනිස්සුන් පිරිසකුත්(බහුතරය නොව ) ලංකාවේ සිටීම පිළිබඳව ඇත්තටම තියන්නේ කණගාටුවක්. මේ ආචර්ය වරු ටික ඔය හදන්න හදන පුද්ගලික විශ්වවිද්‍යාල වලට ගිය දවසට දුප්පත් මිනිස්සුන්ගේ ළමයිනට සිදුවෙන්නේ උඩ බලාගෙන සිටීමට පමනි. කණගාටුවට කාරණය වන්නේ මෙසේ ආචර්ය වරුන් හට ගරහන පුද්ගලික විශ්වවිද්‍යාල වලට කත් අදින බහුතරයද අයත් වන්නේ දුප්පත් මිනිස්සුන්ගේ කුලකයටම වීමයි.
අනේ මෙහෙමත් මිනිස්සු ගිහිල්ල ගෙදර වැඩක් කර ගන්නවා කාලේ කන්නේ නැතිව
බොලේ මේ මොකද උනේ සරසවි කොල්ලට එක පාරටම ? අඩු නින්දෙන්වත් ඇහැරිලද ?
මොන දේ කලත් කමක් නැහැ. පවුද්ගලික විශ්වවිද්‍යාල වලට නම් විරුද්ධ වෙන්න එපා. ඒවාට ළමයින් ගියාම ඔයගොල්ලන්ට වැඩ අඩු නේ.
පව් අපි නම් පිටරට ඉගෙන ගත්තේ. ඔබලාව දැක්කම අපිට දුකයි. ලංකාවේ ඉගෙන ගත්ත මනුස්සයට තැනක් දෙන්නේ නැත්නම් පිටරට යාම වරදක් නොවේ.