තාක්ෂණ විෂයයන්ගෙන් උපාධි පාඨමාලා හදාරන සිසුනගේ අවශ්‍යතා සැපිරීමට අති ප්‍රමුඛත්වය දෙන්නැයි විශ්ව විද්‍යාල අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැති මණ්ඩලයට යෝජනා කරයි.
රටේ සංවර්ධන හා ආර්ථික අවශ්‍යතාවලටද අන්තර්ජාතික රැකියා වෙළඳපළටද සුදුසු පරිදි වෘත්තීය උපාධිධරයන් බිහිකිරීමේ යටිතල පහසුකම් ඇතිකිරීම යුගයේ අවශ්‍යතාවයක් බව ඇමැති කියයි.
මේ අනුව විද්‍යාගාර, පීඨ, පරිපාලන ඒකක, අවන්හල් ආදී මූලික අවශ්‍යතා සපිරිය යුතු යැයිද ඇමැති යෝජනා කරයි.
මේ සඳහා රුපියල් කෝටි 702ක් වාර්ෂිකව මහා භාණ්ඩාගාරයෙන් සපයන ලෙසද ඔහු ඉල්ලයි.
යටිතල පහසුකම් ඇති කිරීමට යෝජිත සරසවි
රජරට විශ්ව විද්‍යාලය
කොළඹ විශ්ව විද්‍යාලයේ කෘෂි තාක්ෂණය සහ ග්‍රාමීය විද්‍යා ආයතනය
වයඹ විශ්ව විද්‍යාලය
රුහුණ විශ්ව විද්‍යාලය
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඇතුළු ලංකාවේ සියලුම විශ්ව විද්‍යාලයයන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපතක්ම වේවා.(ම)
හොද වැඩක්. (ර)
පාර්ලිමේන්තුවේ සියලුම දෙනාගේ සහයෝගය ලැබිය යුතුයි (ම)
මෙය බොහෝ කලකට ඉහත දී කරන්න තිබුන අත්‍යාවශ්‍යම දෙයක්. අප විසින් මෙවැනි වැඩ පිළිවෙලක් පසු ගිය ආණ්ඩුවට ඉදිරිපත් කළත් ඉන් පළක් නොවුයේ පාලක පවුල මොළය ට වඩා අතපය හයිය රටේ සංවර්ධනයට යොදා ගැනීම නිසයි. රටේ සම්පත් වලින් කොටසක් නිදහස් අධ්‍යාපනයට යොදනවා කියන්නේ, දීර්ගකාලීනව ධනාත්මක ආයෝජනයක්. ඊට පයින් ගසා චන්ඩින් ලවා රට පාලනය කිරීමේ කටුක වේදනාව අප සිත් වලින් තවම පහවී නැහැ . (රේ)
යෝජනා පමණක්ම නොවේවා ! (බ)