විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් අද (27) සිට වැඩවර්ජනයක් ඇරඹූ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති එඩ්වඩ් මල්වත්ත මහතා පැවසීය.
මෙතෙක් තම ඉල්ලීම් වෙනුවෙන් සුබවාදී ප්‍රතිචාරයක් රජයමගින් ලබාදී නොමැති වීමත් හා 26 වැනිදා මහා භාණ්ඩාගාරයේ දී කැඳවූ රැස්වීම අවලංගු කිරීමත් නිසා මෙම තීරණයට එළැඹි බව ඔහු කීය.
මාසික හිලව් දීමනාව වැඩිකිරීම, සියලුම සේවකයන්ට රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, විධිමත් විශ්‍රාම වැටුපක් ලබාදීම, වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමේ අවස්ථාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු පසුගියදා දින දෙකක සංකේත වැඩ වර්ජනයකද නිරත වූහ.
ජායාරූප - ප්‍රින්ස් රත්නායක (සබරගමුව)
ලාල් ඒස් කුමාර (කැළණිය)



![6630[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/66301.png)
COMMENTS
මෙයාලට ඕනෑ විදියට විශ්ව විද්‍යාල පරිපාලනය කරන්න ඉඩදෙනවද? මේකද යහපාලනය? (නි)
මෙයාලාට කොපමණ දුන්නත් සතුටට පත්කිරීමට බොහොම අමාරුයි. මේවා ඉල්ලන්නේ සියලු දේවල් තියන අය (නි)
නොදන්න දේවල් කතා කරන්න එපා සමන්ති නවරත්න (බ)
අගෙයි අගෙයි ලෝකේ අනිකුත් ආසියාතික රටවල් , සිංගප්පුරුව, දකුණු කොරියාව එහෙමත් දියුණු වුනේ වැඩ වරලා අයිති වාසිකම් විතරක් දිනාගෙන, තමන්ගෙන් රටට වෙන්න ඕන යුතුකම් ඉටු නොකරණේ. (බ)
සමන්ති, නවරත්න, ඔබ හරි. මොකක් හරි ඉල්ලීමක් නැත්නම් මේ කට්ටියගේ සමිතිවලට පැවැත්මක් නැහැ. අධ්‍යයන කට්ටිය වර්ජනය කරනවා නම් අනධ්‍යයන කට්ටියත් කරන්න ඕන. එච්චරයි. (බ)
දැන් මේක විලාසිතාවක් වෙලා (නි)
කියන්න බලන්න මොනවද මෙයාලාට අඩු කියලා (නි)
අනධ්‍යන සේවකයාගේ කාර්යයභාරය ද්‍ෙශන ශාලා ඇරීම පමණකැයි කියා සිතන අය ගැන කණගාටු වනු හැර කළයුත්තක් නැත. එදා බැංකු සේවක හා සමතැන සිටි ඔවුන්ගේ අද වැටුපද රාජ්‍ය සේවය හා සම නමුත් 10% අඩු විශ්‍රාම වැටුපක්වත් නැති අතර, එයද සාමාජිකයාගෙන් පසුව අහාේසිවන එකකි. (නි)