සේරුවිල මංගල රාජමහා විහාරයට අයිතිවාසිකම් කීමේ අදහසක් දැනට හෝ ඉදිරියේදී ද නැති බවත් මහමෙව්නාව භාවනා අසපුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
‘අපවත් වී වදාළ සේරුවිල මංගල රාජමහා විහාරාධිපති ශ‍්‍රී කල්‍යාණවංශ නිකායෙහි අනුනායක සේරුවිල සරණකිත්ති මාහිමියන්ගේ අභාවයෙන් පසු ආදාහන පූජෝත්සවය පිළිබඳ කථාබහ පවතින අතරේ සේරුවිල රාජමහා විහාරස්ථානයේ අධිපතිභාවය පිළිබඳ දෙපාර්ශවයක් අතර ගැටලූ පැන නැගී ඇති බවට මාධ්‍ය වලින් විවිධ තොරතුරු දැනගන්නට ලැබේ. එහි එක් පාර්ශවයක් පිළිබඳව නම සඳහන් නොවන හෙයින් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සහ මහමෙව්නාව භාවනා අසපුව ඈඳා ගන්නට උත්සාහ දරන බව අපට දකින්නට ලැබේ. සේරුවිල අධිපතිභාවය පිළිබඳ අයිතිය අධිකරණයෙන් තීන්දු විය යුත්තක් හෙයින් ඒ පිළිබඳව අපි කිසිවක් නොපවසමු.
විශේෂයෙන් ම සැදැහැවත් බෞද්ධ ජනතාවට අප දැනුම් දෙන්නේ සේරුවිල විහාරාධිපති පදවිය පිළිබඳ අර්බුදයට කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ හෝ මහමෙව්නාව භාවනා අසපුව කිසිසේත් සම්බන්ධ නැති බවයි. මෙතෙක් කලක් සේරුවිල විහාරස්ථානයේ මහමෙව්නාවේ සඟ පිරිස වැඩ වසමින් වත් පිළිවෙත් කිරීම්, රන්වැට පූජා කිරීම් ආදී සියලු පින්කම් කරනු ලැබුවේ අපවත් වී වදාළ ගුරුදේව මාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීමට පමණි‘ යනුවෙන් එම නිවේදනයේ සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහසේ පොළොවේ සිටින - පිනැති දෙවියන් බඹුන් වෙසෙත්වා සියළු කල - දියුණු කළ මෙත් සිතින් ඒ සියලූ දෙව් බඹුන් - යොමා කරුණා නෙතින් රකිත්වා හැම ලෙසින් - සිල්වතුන් ගුණවතුන් (නි)
සාධු ! සාධු ! සාධු ! නමෝ බුද්ධාය ! (බ)
පන්සල්වලට අයිතිවාසිකම් කියන්නේ මොකටද, තණ්හාව දුරුකොට නිවන් පසක් කිරීම සඳහා උතුම් පැවිදිබිමට පිවිසුණු භික්ෂුන් වහන්සේලා ? (ම)
මෙන්න නියම හාමුදුරුවරු. බුදු සරණයි! (නි)
සාදු සාදු (ම)
සසුන සුරකින දෙවියෝ තීරණය කරත්වා මේ පින්බිමේ භාරකාරත්වය! සිල්වතුන් ගුණවතුන් වෙසෙත්වා මේ පින්බිමෙි ....... (නි)