සේරුවිල මංගල රාජමහා විහාරයට අයිතිවාසිකම් කීමේ අදහසක් දැනට හෝ ඉදිරියේදී ද නැති බවත් මහමෙව්නාව භාවනා අසපුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
‘අපවත් වී වදාළ සේරුවිල මංගල රාජමහා විහාරාධිපති ශ‍්‍රී කල්‍යාණවංශ නිකායෙහි අනුනායක සේරුවිල සරණකිත්ති මාහිමියන්ගේ අභාවයෙන් පසු ආදාහන පූජෝත්සවය පිළිබඳ කථාබහ පවතින අතරේ සේරුවිල රාජමහා විහාරස්ථානයේ අධිපතිභාවය පිළිබඳ දෙපාර්ශවයක් අතර ගැටලූ පැන නැගී ඇති බවට මාධ්‍ය වලින් විවිධ තොරතුරු දැනගන්නට ලැබේ. එහි එක් පාර්ශවයක් පිළිබඳව නම සඳහන් නොවන හෙයින් මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සහ මහමෙව්නාව භාවනා අසපුව ඈඳා ගන්නට උත්සාහ දරන බව අපට දකින්නට ලැබේ. සේරුවිල අධිපතිභාවය පිළිබඳ අයිතිය අධිකරණයෙන් තීන්දු විය යුත්තක් හෙයින් ඒ පිළිබඳව අපි කිසිවක් නොපවසමු.
විශේෂයෙන් ම සැදැහැවත් බෞද්ධ ජනතාවට අප දැනුම් දෙන්නේ සේරුවිල විහාරාධිපති පදවිය පිළිබඳ අර්බුදයට කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ හෝ මහමෙව්නාව භාවනා අසපුව කිසිසේත් සම්බන්ධ නැති බවයි. මෙතෙක් කලක් සේරුවිල විහාරස්ථානයේ මහමෙව්නාවේ සඟ පිරිස වැඩ වසමින් වත් පිළිවෙත් කිරීම්, රන්වැට පූජා කිරීම් ආදී සියලු පින්කම් කරනු ලැබුවේ අපවත් වී වදාළ ගුරුදේව මාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීමට පමණි‘ යනුවෙන් එම නිවේදනයේ සඳහන්වේ.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘සේරුවිලට මහමෙව්නාවෙන් අයිතිවාසිකම් කියන්නේ නෑ‘
රජිත Thursday, 05 May 2016 12:46 PM
අහසේ පොළොවේ සිටින - පිනැති දෙවියන් බඹුන් වෙසෙත්වා සියළු කල - දියුණු කළ මෙත් සිතින් ඒ සියලූ දෙව් බඹුන් - යොමා කරුණා නෙතින් රකිත්වා හැම ලෙසින් - සිල්වතුන් ගුණවතුන් (නි)
කුමාරි Thursday, 05 May 2016 02:17 PM
සාධු ! සාධු ! සාධු ! නමෝ බුද්ධාය ! (බ)
නන්ද Friday, 06 May 2016 03:25 AM
පන්සල්වලට අයිතිවාසිකම් කියන්නේ මොකටද, තණ්හාව දුරුකොට නිවන් පසක් කිරීම සඳහා උතුම් පැවිදිබිමට පිවිසුණු භික්ෂුන් වහන්සේලා ? (ම)
කපිල Thursday, 05 May 2016 04:51 PM
මෙන්න නියම හාමුදුරුවරු. බුදු සරණයි! (නි)
සම්පත් පතිරණ Friday, 06 May 2016 03:56 AM
සාදු සාදු (ම)
ශීමන්ත Sunday, 08 May 2016 03:52 PM
සසුන සුරකින දෙවියෝ තීරණය කරත්වා මේ පින්බිමේ භාරකාරත්වය! සිල්වතුන් ගුණවතුන් වෙසෙත්වා මේ පින්බිමෙි ....... (නි)