නොයෙකුත් කට කථා පැතිරෙද්දී සේරුවිල පූජා ආදී පිංකම් සඳහා මහමෙව්නාවේ දායකත්වය ලබාදුන්නේ අපවත්වී වදාළ සේරුවිල සරණකිත්ති නාහිමියන්ගේ ඉල්ලීම නිසා යැයි අළුදෙණියේ සුබෝධි හිමියෝ කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ අද (9) පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
අපවත්වී වදාළ සේරුවිල සරණකිත්ති ශ්‍රී කල්‍යාණ වංශික නිකායේ අනු නායක හිමියන්ගෙන් පසු සේරුවිල මංගල මහා විහාරයේ භාරකාරත්වය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුවට මහමෙව්නාව භාවනා අසපුව හෝ එහි නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් මහමෙව්නාව භාවනා අසපුවේ ක්‍රියාකාරකම් පිළිබඳ ද්වේශ සහගතව ඇතැමුන් ගෙන යන ප්‍රචාර සත්‍ය නොවන බව ද ඒ හිමියෝ කීහ.
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ගුරු හිමියන් වන අපවත්වී වදාළ සරණකිත්ති නාහිමියන් ලිඛිතව මහමෙව්නාවෙන් කළ ඉල්ලීමක් අනුව මාස 6කට වරක් සේරුවිල කටයුතු සඳහා උදව් උපකාර ලබාගැනීමට මහමෙව්නාවේ හිමිවරුන් විහාරස්ථානයට කැඳවා ඇති බවත් පෙන්වා දුන් ඒ හිමියෝ සේරුවිල භාරකාරත්වය සඳහා අර්බුදයක් පැන නැගී ඇති ගැටළුවට පාර්ශව දෙකක් මැදිවී සිටින බව මාධ්‍ය වාර්තා හා අධිකරණ තොරතුරු වලින් දැනගත හැකිවූ බව පැවසූහ.
පැතිර යන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් හා සංඝයාගේ අසමගිය වළක්වනු පිණිස මහමෙව්නාවේ සියලු හිමිවරු සේරුවිල විහාරස්ථානයෙන් ඉවත් වීමට කටයුතු කළ බවද සුබෝධි හිමියෝ සඳහන් කළහ.
මේ අතර සේරුවිල නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැති පසුගිය සෙනසුරාදා (7) මහාචාර්ය නිමල් විජේරත්න මහතා අවමංගල්‍ය සභාවේ කථා කරමින් සිටියදී ඇතිවූ කලබලකාරී සිද්ධියටද මහමෙව්නාවේ කිසිදු සම්බන්ධයක් නැති බවත් ඒ අවස්ථාවේ පටිගත කළ වීඩියෝ දසුන් ඊට සාක්කි සපයන බවත් මහමෙව්නාව භාවනා අසපුව ප්‍රකාශ කරයි.
සේරුවිල නාහිමියන් මහමෙව්නාවට එවූ ලිපි




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහමෙව්නාවේ ස්වාමීන්වහන්සේලා වටිනා ආදර්ශයක් පෙන්වාදීලා තියෙනවා. උන්වහන්සේලා කිසීම අයිතිවාසිකමක්, නොකියාම , හැමදෙයම අත් හැරලා, නික්ම ගිහින්. සුඛා සංඝස්ස සාමග්ගී මහා සංඝරත්නයේ සමගිය ගැන සිතන විට හිතට දැනෙන්නේ පුදුමාකාර සැපයක්. සූත්‍ර දේශනා කියවද්දී අපිට තේරෙනවා බුදු රජානන් වහන්සේ වැඩ සිටි කාලයේ ස්වාමීන් වහන්සේලා කොයිතරම් නම් සමගියෙන් කටයුතු කළාද කියලා . තනතුරු ලාභ සත්කාර ප්‍රතික්ෂේප කරලා, ධර්මයේ දියුනුවමයි උන්වහන්සේලා ප්‍රාර්ථනා කළේ. වර්තමානයේ දීත් උන්වහන්සේලා සමගි සම්පන්න ව , එකමුතු ව කටයුතු කරනවා නම්, ඒක බුද්ධ ශාසනයේ දියුණුවට කොයි තරම් නම් උපකාරයක්ද ? (බ)
අත්හැරීමම සැපයට හේතු වේ. (ර)
"පන්සලෙයි", "අසපුවෙයි" වෙනස මම දන්නේ නැහැ. නමුත් මේ දෙකේම වාසය කරන බොහෝ උගත් අය අතිඋත්තම බුදුරජාණන් වහන්සේගේ අකාලික ධර්මය ගැන ලෝවැසියන් දැනුවත් කරනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ "ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිට සිට" ද? කියන එකයි. සියල්ලෝ අාර්ය අෂ්ටාංගක මාර්ගයේ ගමන් කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දොරටුව විවර කර ගනිත්වා! (නි)
අත්හැරීම හා රැකගැනීම අතර වෙනස තේරුම් ගතයුතුයි.
අනේ මන්දා හාමුදුරුවෝ මොනවා කරනවද කියලා. (හේ)
සීල්වතුන් දුසිල්වතුන් සමග කෙසේනම් සැසදෙන්නද, නන්දන. (ර)
මහමෙව්නාවේ ස්වාමීන් වහන්සේලා සේරුවිලට පැමිණීමෙන් පසු එහි අති විශාල දියුණුවක් ඇති වුනා පසුගියදා ඇතිවුන ගැටලුව මුල් කරගෙන කරුණු හර හැටි නොදැන මහමෙව්නාවට චෝදනා කිරීම ඇත්තෙන්ම අවාසනාවකි මන්ද වර්තමානයේ මම දන්න තරමින් මෙරට ඇති විශාලතම හා සංවිධානාත්මක බොදු සංවිධානය මහමෙව්නාවයි 700ට වැඩි හාමුදුරුවරු එහි වැඩ වාසය කරනවා සුවිශේෂී ධර්මය පැතිරවීමක් දෙස් විදෙස් වශයෙන් සිද්ධ කරනවා. (ර)
පිරිසිදු ධර්මය ඒ ආකාරයෙන්ම ප්‍රචාරය කරන සුනදර මහමෙව්නාව කවදත් අවන්කවම සේවයක් කරනවා. අපට සුන්දර ලැබීමක්මයි. මහමෙව්නාව මේ ලෝකයට බොහෝ කලක් සෙත සලසනවා. (ර)
මහා සංඝරත්නය බේද නොවී මේ සියල්ල විසඳා ගැනීමට හැකිනම් කොපමණ හොඳද. (හේ)
ලංකාදීප පුවත්පතට අපි ස්තුතිවන්ත වෙනවා මේ ගැන මේ විදිහට අපිව දැනුවත් කරාට. මහමෙව්නාව භාවනා අසපුව ගත්ත මේ තීරනෙට අපි හැමෝම ගරුකළ යුතුයි. (ර)
සියලු භික්ෂුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමයි වැදගත් (නි)
අපේ ගුරු දෙවිඳු අතහරින ආකාරය අති සුන්දරයි. ආශ්චර්යයි මෙවන් ගුරු උතුමන් කෙනෙක් මුණගැසීම අප ලැබූ මහ පිනක්. වාසනාවක් මහමෙව්නා පින්බිම කාලයක් බැබළේවා ! (බ)