අමරපුර කල්‍යාණී වංශ නිකායේ මහානාහිමි දොඩම්පහළ චන්ද්‍රසිරි හිමි එතෙර සිට ශ්‍රී ලංකාවට වැඩම කරන තුරු කොටපොළ අමරකිත්ති හිමියන් සේරුවිල මංගල රජමහාවිහාරයේ තාවකාලික විහාරාධිපති පදවියට පත් කිරීමට සේරුවිලට රැස් වූ අමරපුර කල්‍යාණී වංශ නිකායේ කාරක සංඝ සභාව අද (08) තීරණය කළේය. පළමුව සේරුවිල සරණකිත්ති හිමියන්ගේ ශිෂ්‍ය හිමිවරුන්ගෙන් විමසා ඒකමතිකව ලැබුණු තීරණය අනූව සංඝ සභාව මෙම තීරණය ගෙන ඇත.
සේරුවිල විහාරාධිපතිව වැඩ විසූ සරණකිත්ති හිමියන්ගේ අපවත් වීමෙන් මෙම පුරප්පාඩුව ඇති විය.
සේරුවිල රජමහා විහාරයේ ප්‍රතිසංස්කරණ හා ආගමික කටයුතු වලට වසර කිහිපයක් තිස්සේ දායක වූ මහමෙවුනා අසපු හිමිවරු අද සේරුවිල සියමෙහෙවර හමාර කර යළි මහමෙවුනාව කරා වැඩම කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේරුවිල අරක්ගැනීමට මානබැලූ සමහර මිත්‍යාදෘෂ්ඨිකයන්ට ඒ පිළිබඳව කිසිදු අවස්ථාවක් නොදීමට නව විහාරාධිපති ස්වාමින් වහන්සේට ශක්තිය ලැබේවා ! (නි)
ඒ කර වැඩේ හරි.(හේ)
සේරුවිල සෑ රජුන්හට සහ ප්‍රදේශවාසින් හට මහමෙව්නාවෙන් කළ උතුම් මෙහෙවර අගය කළයුතුයි. මහමෙව්නාවට දොස් නොකියා සත්පුරුෂයන්ගේ ක්‍රියා අගයකිරිමට ලාංකික ජනතාවගේ සිත් පැහැදේවා. (නි)
දැන් දැන් අපේ රටෙත් භික්ෂුන් අතර අසමගිය වර්ධනය වෙනවා. විදෙස් රටවලත් මේ තත්වය තිබෙනවා. (නි)
ඉතා යහපත් දක්ෂ හාමුදුරුනමක්. (නි)
කුමුදු, මිත්‍යාදෘෂ්ඨිය කියන වචනේ තේරුම කියනවද බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියන විදිහට? (බ)
ලංකාදීපයට මහමෙව්නාව වෙනුවෙන් මගෙන් මල්මිටක්, ඇත්ත ඇතිසැටියෙන් පළකළාට! (නි)
ඔබවහන්සේගේ ශාසනික මෙහෙවරට තව තවත් ශක්තිය ලැබේවා! (නි)
අමරකිත්ති හිමි ඉතා තැන්පත්, ශ්‍රමණ ආකල්ප වලින් පරිපුර්ණ දක්ෂ යතිවරයෙක්. සේරුවිල විහාරය පෙරටත් වඩා ආලෝකමත් කිරීමට අමරකිත්ති හිමියන්ට හැකියාව ඇති බව කාගේත් විශ්වාසයයි. (නි)
අද සමහර භික්ෂූන් බල අරගල ධන අරගල වල පැටලිලා. භික්ෂුන්ගේ කාර්යභාරය කුමක්ද කියා වටහාගැනීම ඉතා වැදගත් (නි)
කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ කළ මෙහෙවර අපමණයි. උන්වහන්සේ හෝ මහමෙව්නාව, සේරුවිල භාරකාරත්වය සඳහා උත්සාහ නොකළ බව “MAHAMEVNAWA.LK“ වෙබ් අඩවියේ නිවේදනයෙන් කියවා බලන්න. හිතේ සැක තියන අයටයි එ්ක මම කිව්වේ. (නි)
හරිම සතුටුයි. සමහරු කළ විනාශය හිතාගන්න බැරි තරම් දරුණුයි. නව විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේට සියලු ආරක්ෂාව පතමි. (නි)
දැන් විල්ගම් වෙහෙර ප්‍රතිසංස්කරණය ලංකා පටුන පාෂාණ පබ්බත විහාරේ බලාගැනීම කරන්න හමුදාවවත් දාන්න ඕනේ ? විනාශ කරයි ආයිම ? (බ)
තෙරුවන් සරණයි! පුදබිම රැකගැනීමට සියලුම ශක්තිය ලැබේවා! (නි)
මහමෙව්නාව වෙබ් අඩවියේ කලින්ම නිවේදනය කරලා තිබුණා නේද ආදාහන පූජෝත්සවය අවසන් වූ විටම සේරුවිලින් ඉවත් වන බව. (නි)