( දර්ශන ගුණරත්න සේරුනුවර ) - පසුගිය යුද සමයත් සමග නිසියාකාර ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් අභාවයට යමින් පැවති සේරුනුවර බෞද්ධ මන්දිරය සහ පිළිම වහන්සේ නැවත ප්‍රතිනිර්මාණය කිරීමට සේරුනුවර එක්සත් වෙළඳ හා කර්මාන්ත සංගමය සහ ගම්වාසීහු එක්වුහ.
සේරුවිල මංගල රජමහා විහාරාධිපති සරණකිත්ති හිමියන්ගේ මූලික අනුශාසනාව හා අනුදැනුම මත නැගෙනහිර පළාත් සභා සභාපතිනිය ඩබ්.ජී .එම් ආරියවතී ගලප්පත්ති මහත්මිය සහ සේරුනුවර ප්‍රාදේශීය ලේකම් අනුරුද්ද පියදාස මහතා ඇතුළු වෙළද සංගමයේ නිලධාරයෝ නව බෞද්ධ මන්දිරය සඳහා මුල්ගල තැබුහ.
පිරිවැය රු ලක්ෂ 12ක් වන අතර ගලප්පත්ති මහත්මිය විසින් රු ලක්ෂයක් සහ සිමෙන්ති මිටි 100ක් පරිත්‍යාග කිරීමට පොරොන්දු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සැදැහැති පින්වතුන් අතින් සිදුවෙන මෙවැනි පින්කම් වලින් මෙලොව පරලොව දෙකෙහිදීම පින් සිදුවෙයි (නි)
වෙන දෙවල් වලට නම් කතා කියන්න සිංහලයෝ ඕන තරම් ඉන්නවා.ඒත් හොඳ වැඩක් අගේ කරන්න මිනිස්සු අඩුයි. (ස)
ඒ පැත්තේ සිංහල අනාථයන් විශාල ගානක් තාම උන්හිටි තැන් නැතුව පන්සල් ඉඩම් වල පවා පැල්පත් අටවාගන ඉන්නේ. ඔවුන් එලවා ඉඩම් අල්ලා ගත් සුළු ජාතිකයන් ඒවා අයිතිකරගන? හමුදාවෙන් ඒවා ආපසු ලබාදෙන්න පියවර ගෙන නැහැ, ඒවාට වතුර තියෙන නිසා හොඳින් වගා කෙරෙනවා. රජයෙන් හුලන් වතුර පොම්ප පවා ඒ අනවසර පිරිස් වලට ලබාදීලා. ඒත් සිංහල අනාථයන් තාමත් අනාතයි. ඉඩම්, වතුර, ආධාර, නොලැබුන විශාල පිරිසක් සිටින බව අප දුටුවා. මෙවැනි පුදබිම් අවට ආපසු බොදු පිරිස් පදිංචි කලයුතු බව නොතේරීම පුදුමයක්. වන්දනා ගමන් යන සිංහලයන් තමන් ගේ අයට උදවු කරන්නට සොයා බලන්නට උත්සාහ කරනවා නම් කොයි තරම් වෙනසක් කරන්න පුලුවන්ද? (නදී)
හොඳ වැඩ වලට අද සමාජය ප්‍රතිචාර දක්වන වීදිය ගැන මට හරිම කනගාටුවක් තියෙනවා. කොහොම උනත් මේවා බලලා අදහසක් දෙන්නත් පින් කරලා තියෙන්න ඕන. (ස)