ශ්‍රි ලංකා යුද හමුදාවේ පාබල රෙජිමේන්තුවට ජනාධිපති වර්ණ ධජය සහ රෙජිමේන්තු ධජය පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ පිහිටි ශ්‍රි ලංකා පාබල හමුදා මුලස්ථානයේදී අද (26) සිදු කෙරිණි.
1957 දි දෙවැනි එලිසෙබත් මහ රැජිණ විසින්ද, 1978 දි හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින්ද ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට වර්ණ ධජ ප්‍රදානය කළහ. යම් බල ඇණියක් හෝ රෙජිමේන්තුවක් විසින් තම රටට කරන ලද අභිමානවත් සේවය හා භට පිරිස් විසින් සිදු කරන ලද වික්‍රමාන්විත ඇගයිමක් වශයෙන් රටේ රාජ්‍ය නායකයාගෙන් ලැබෙන උතුම්ම සම්මානය මෙය වේ.
යුද්ධයේදි දිවිදුන් ශ්‍රි ලංකා පාබල හමුදාවේ සියලු රණවිරුවන් සිහිකිරිම පිණිස ඉදිකළ රණවිරු ස්මාරකය විවෘත කිරිම ද ජනාධිපති අතින් සිදුවිය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ,ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු ද මේ අවස්ථාවට එක්වුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවා රටේ අභිමානයයි (නි)
ධම්ම, ඔයා කුහක මිනිහෙක්. එතුමා(සරත් ෆොන්සේකා) තමයි යුද්ධය ඉවර කරන්න හැමදේම සකස්කළේ. හමුදාවේ හිටපු ඕනෑම කෙනෙකුගෙන් අහලා දැනගන්න. (නි)
වර්ණවත් අභිමානවත් චාම් උත්සවයක් , ජනපති තුමනි ඔබට මගේ ප්‍රණාමය (බ)
අවශ්‍යම පුද්ගලයා වන සරත් ෆොන්සේකා මහතා මෙතනට ගෙන්වලා තිබෙන නිසා සුදුස්සාට සුසුදු තැන හිමිවී තිබෙනවා. (ර)
සරත් පොන්සේකා මහතාට ලබාදෙන මේ ගෞරවයට ජනපති තුමාට බොහොමත් පිං. (ර)
ජනපතිතුමනි,ඔබට අපගේ උපහාරය! (නි)
නුවර බණ්ඩා-බර්ලින් සුදු කොඩි කතාව කියපු නිසා මෙතනට අවශ්‍යම පුද්ගලයා වන සරත් ෆොන්සේකා වෙන්න ඇති. (අ)
රටේ සවිය ඔබයි (නි)
මේ ඡායාරූප බලනවිට හිතට පුදුම සතුටක් දැනෙන්නේ (නි)
එදා යුද්ධයේ දරුණුම අවසන් කොටස සාර්ථකව මෙහෙයවපු වැඩ බලපු ආරක්ෂක ඇමතිතුමා අද රටේ ජනාදිපති. ධෛවයේ වෙනස. (හේ)
ඔබට අපගේ උපහාරය! (ර)
වර්ණවත් අභිමානවත් චාම් උත්සවයක්, ජනපති තුමනි ඔබට මගේ ප්‍රණාමය.! (ර)
ජයවේවා! (නි)
යුද්ධේ ඉවර කරන්න එවකට බලයේ හිටිය අයත් හමුදාවේ ප්‍රධානීනුත් එකලෙසම දායක උනා රෝහණ. ඒ හැමොටම එම ගෞරවය හිමිවෙන්න ඕන. (ර)
ධම්ම ඹබ මොන පඟර නැට්ටෙක්ද ජෙනරාල් සරත් ෆොන්සේකාට ඔහොම කතා කරන්නේ !!අද ලංකාව නිදහස් නිවහල්ව තියෙන්නේ ඒ මනුස්සයා සහ අනෙකුත් හමුදා නිලධාරින් නිසයි චන්ද්‍රසිරි නව සීලන්තය ...(රේ)
ලැජ්ජා නැතිකම මහා මුදලිකමටත් වඩා ලොකුය. (බ)
මහපු සූට් එකෙන් විටින් විට වැඩ ගන්න ෆොන්සේකා මහත්තයා ගෙන්වූ එක හොඳයි. නැත්නම් සූට් එක පුස් කයි. (බ)
ජය.. ජය.. ජයවේ.! (ර)