වැලිකන්ද ඉසෙඩ් ඩී. ප්‍රධාන ඇලට වැටුණු වල් අලියකු පැය හයක් පමණ වෙහෙසී බේරාගැනීමට වනජීවී නිලධරයෝ හා ප්‍රදේශවාසීහු සමත්වූහ. අද අලුයම මේ අලියා ඇලට වැටෙන්නට ඇතැයි ගැමියෝ කියති. සැඩ පහරත් සමග අලියා ඇල දිගේ පහළට ගසාගෙන ගොස් සොරොව්වේ හිරවී හානියක් සිදුවීමට ඉඩ ඇති බැවින් මහවැලි නිලධාරීන් සොරොව් කිහිපයක් වසා දැමීමට ද කටයුතු කළහ.
කඹ යොදා අලියාට උදව් කරමින් කාසන්වැව ආසන්නයෙන් අලියා ගොඩට ගැනීමට හැකිවූ බව වනජීවී නිලධාරීන් කියයි. මේ අලිය වයස අවුරුදු 35ක පමණ හොදින් වැඩුණු අලියකු බවත් ඔවුහු කියති. ඇලෙන් ගොඩට ආ අලියා ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ගියේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සත් ක්‍රියාවට සහභාගී වුණ හැමෝම ලොකු පිනක් කරගත්තේ.(ම)
උපහාරය..! මේ අසරණ වූ දැවැන්තයා බේරාගත් සැමට ..! ස්තුතිය අප දැනුවත් කරාවූ ලංකාදීපයට සහ පැහැදිලි ලෙස වාර්තා කල නිමල් ජයරත්න හට ! මේ "ඉසෙඩ්. ඊ."ඇල ව්‍යාපෘතිය 1980 මැද කාලයේ ඉදිකරීමේ ප්‍රධාන අවධානය යොමු කලේ වාරිකර්මාන්තය ගැන මිසක් අවට වනජීවී සංවේදී පරිසරය ගැන තඹ දොයිතුවකටවත් සැලකිල්ලට නොගෙන ය. එකල සිටි උසස් නිලධාරීන් ,බලධාරීන් අදාළ විදෙස් ඇමරිකානු ඉදිකිරීම් සමාගම මේ වනජීවී සංවේදී කලාපය ගැන හරිහැටි දැනුවත් කර නැත. මෙම වාරි ඇල " වී " හැඩයට නිමවා ඇති නිසා වන අලියාගේ සිට මිනිසුනටද මර උගුලක්...! ඇලට වැටුනහොත් කිසිවෙකුටත් ගොඩ ඒමක් නොමැත ..! දැන් වත් මේ තිස් අවුරුදු අඩුපාඩුව ඉක්මනින් නිවැරදිකල යුතුය. වනජීවීන් සුරකින සංවිධානයන්හිද මේ සංවේදී ගැටළුව ගැන සැලකිල්ල අඩු බව පෙනේ. උසස් වූ මහවැලි බලධාරිනි,ගරු වනජීවී ඇමති ගාමිණි ජයවික්‍රම ඇමති තුමනි ..! මේ ආයතන ,සංවිධාන, කිහිපයම මහවැලි,වනජීවී,වන සංරක්ෂණ,සහ වන සත්ව සුරැකීමේ සම්බන්ධීකරණය වී මේ අහිතකර තත්වය ගැන පිලියමක් ගැන සොයාබලන මෙන් ඉල්වා සිටින්නේ තම දුක කාහටවත් කීමට හැකියාවක් නොමැති අසරණ වනසතුන් වෙනුවෙනි. (ස)