(නිමල කොඩිතුවක්කු)
උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්වපාක්ෂික සමුළුව කෙටි කාලීන දේශපාලන වාසි ලබා ගැනීමට කරන වැඩපිළිවෙළක් මිස සැබෑ වුවමනාවෙන් ඉදිරිපත් කරනු ලබන සද්භාවයෙන් ක්‍රියාත්මක කරන්නක් නොවන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපතිවරයාට මෙම ගැටළුවට විසඳුම් සෙවීමට අවංක අභිලාශයක් ඇත්නම් කළ යුත්තේ ආණ්ඩුව නියෝජනය කරන සියලු පාර්ශ්ව සමග එකඟ වූ යෝජනාවක් ඉදිරිපත් ඉදිරිපත් කිරීම බවත් රජයේ යෝජනා සහ ස්ථාවරය ප්‍රකාශ නොකොට විපක්ෂයේ අදහස් ඉල්ලා සිටීම නිරර්ථක වූවක් බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
නිවේදනයක් නිකුත් කරමින් මහලේකම්වරයා මෙසේද සඳහන් කරයි.
“මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා අත්‍යවශ්යර මූලික කරුණ වන්නේ මහජන ඡන්දයෙන් පත්වූ පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පළාත් සභා ප්‍රජාතන්ත්රේවාදීව වහාම පිහිටුවීමයි. බලය විමධ්‍යගත කිරීමේදී ප්‍රජාතන්ත්‍රවාදීව පළාත් සභාවට පත් වූ මහජන නියෝජිතයන්ගේ මතය සහ අදහස් ලබා ගැනීම ඉතාම වැදගත් මෙන්ම අත්‍යාවශ්‍ය වූ කරුණකි.
දැනට වසර හතරහමාරක කාලයක් තිස්සේ මහජන ඡන්දයෙන් පත්වූ එකදු මන්ත්රීයවරයෙක් හෝ නොමැතිව පළාත්සභා විධායකය විසින් මෙහෙයවමින් සිටී.
මේ තුළ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වී ඇති අතර බලය බෙදා හැරීම සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට ද එය ප්රරධානතම බාධකයක් බවට පත්ව ඇත.එබැවින් මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්යට සාකච්ඡා පැවැත්වීමට මූලිකව ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගත් පළාත් සභා සියල්ලපිහිටවිය යුතු බව අවධාරණය කරමු.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සර්ව පාක්ෂික සමුළුව ගැන සජබේ මතය
sisira Thursday, 27 July 2023 03:58 PM
දැනට වසර හතරහමාරක කාලයක් තිස්සේ මහජන ඡන්දයෙන් පත්වූ එකදු මන්ත්රීයවරයෙක් හෝ නොමැතිව පළාත්සභා විධායකය විසින්ම එය සාර්ථකව මෙහෙයවමින් සිටියත් රටේ කිසිදු පුරවැසියකු මෙතෙක් එයට සහයෝගයක් මිස විරුද්දත්වයක් දක්වා නොමැත. රටේ මහජනමුදල් විනාශ විනාශ කරමින් පලත්සබවට පත්ව සිටි දේශපාලකයන් 455 ක වැටුප්, වාහන, වරප්‍රසාද ඇතුළුව අනෙක් සියලු වියදම් බිලියන ගණනක් ඉතිරි කිරීමට විධායකය යටතේ පළාත් සබාවන් පාලනය වන්නාවූ නිසා හැකිව තිබේ. නිලධාරීන් විසින් පාලනය වන්නාවූ පරිපාලන ආයතනයක් මිස දේශපාලකයන් යටතේ සියල්ල දේශපලනි කරණය නොවීමට මෙමගින් කටයුතු සිදුවනු ඇත. රටේ සාම පුද්ගලයකුටම එම අයතනය් වෙත පැමිණ පහසුවෙන් ඔවුන්ගේ අවශ්‍ය කටයුතු කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසාදීමට කටයුතු කලයුතුවේ, එම ආයතයට තරුණ කාර්යක්ෂම නිලධාරීන් පත් කරගැනීමටද කට යුතු කලයුතුවෙමු