IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සාරාලංකාරය ශතකය ගහයි

ගාල්ල දිස්ත්‍රික්කයට අයත්  ගෝනාපීනුවෙල ග්‍රාමයේ ක්‍රි.ව 1902 සැප්තැම්බර්  මස 04 වන බ්‍රහස්පතින්දා  දින “ ශ්‍රි සද්ධර්මෝදය” නමින් ආරම්භ කෙරුණු බෞද්ධ  මිශ්‍ර පාඨශාලාවට එනම් වර්තමානයේ සාරාලංකාර විද්‍යාලය ආරම්භ කර වසර 113 ක් සපිරෙයි.

ක්‍රි.ව.1902 සිට 2014 දක්වා කාල සීමාව තුළ විදුහල්පතිවරුන් 37 දෙනෙකුගේ  පාලනය යටතේ දහස් සංඛ්‍යාත දරු දැරියන්ගේ  බුද්ධි ප්‍රහාවයන් සංවර්ධනය උදෙසා  අනර්ඝ සේවාවක්  ඉටු විය.

යටත් විජිත සමයේ  මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරතවුවෝ මිෂනාරිහුය. 19 වන සියවසේ අගභාගය වන විට ගෝනාපීනුවල  දරු දැරියන්ට  අධ්‍යාපනය  හැදෑරිමට  තිබුණේ  “ලංකා සභා” විද්‍යාලයයි.

එවන්  සමයක කොස්වත්තේ  ශ්‍රි  අත්තදස්සී ස්වාමීන්  වහන්සේගේ මුලිකත්වයෙන් එවකට  ගම්පතිව සිටි උදාරිස්  ද සිල්වා මානවඩු  මහතාගේ  දායකත්වයෙන් තෙල්වත්තේ  ශ්‍රි සාරාලංකාර  නාහිමියන් වහන්සේ  වස් වාසය කරවීම සඳහා ගෝනාපීනුවල නිග්‍රෝධාරාමය විහාරයට  වැඩම කරවා ගත්හ.

උන්වහන්සේගේ  මුලිකත්වයෙන් 1902 සැප්තැම්බර් 02 දින උත්සවශ්‍රීයෙන් පාසල ආරම්භ කැරිණි.

ක්‍රි.ව. 1902 ආරම්භ කළ මෙම පාඨශාලාවේ ගොඩනැගිලි  කෙටි කාලයකදී  කඩා  වැටුණු  අතර  එතැන්  සිට වසර  02 ක්  පාසලේ පන්ති  විහාරස්ථාන ධර්ම ශාලාවේ දී  පැවැත්විණි.

1913.08.13 දින මෙම පාසැල අමරසුරිය සමාගමට  පවරා ගන්නා  තෙක්  වසර  11 ක කාලයක් තුළ ගුරු වැටුප්   ගෙවීම හා  පාසල නඩත්තු  කිරිමේ  කාර්යය පාසල ආරම්භ කිරිමට  මුලික වු ප්‍රභුවරුන්ම සිය පෞද්ගලික ධන පරිත්‍යාගයන් සිදු කළේය.

ක්‍රි.ව 1937 දී  ශ්‍රි  සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාඨශාලාව තෙල්වත්තේ ශ්‍රී සාරාලංකාර මාහිමියන්ට උපහාර  පිණිස වර්තමානයේ  සාරාලංකාර  මහා විද්‍යාලය යනුවෙන් නම් කරනු ලැබුහ.

1976 දී විදුහල්පති ධුරය හෙබවු  එස්.එච්.පීරිස් මැතිතුමාගේ පාලන කාලය තුළ පාසල් ගමන් මඟ තුළ විශාල වෙනසක් සිදු කළ අතර පාසලේ හැඟිම දනවන ගීතයක්, ධජයක්  හා ශිඛරයක්  නිර්මාණය කළේය.

1978 ජනවාරි 01 දා  සිට අශෝකා බාලිකා  විද්‍යාලය ඒකාබද්ධ වීම හා  දරු දැරියන්ගේ ක්‍රිඩා කුසලතා  සංවර්ධනයට ක්‍රිඩාගාරයක්  ඉදිකිරිම කැපී පෙනෙයි. 1996 සිට 2006 දක්වා විද්‍යාලීය විදුහල්පති ධුරය හෙබවු  පී.ඩබ්.සෙනෙවිරත්න  මැතිණීයගේ  පාලන කාලයේ විද්‍යා  ගණිත විෂයන් උසස් පෙළ ඉගෙනුම් විෂය ධාරාවට එක් කිරිමත් සමඟ අංග සම්පුර්ණ මහා විද්‍යාලයක් බවට  ඔසවා තැබුවාය.

ක්‍රි.ව 2013 පටන් ද්වීතීක පාසලක් බවට පත්වීම හේතුවෙන්  එතෙක් පැවැති  5 ශ්‍රේණිය දක්වා වු  පන්ති ඉවත් කර   6 – 13 ශ්‍රේණි  දක්වා ඉගැන්වීම් සිදු කරන පාසලක්  දක්වා  පරිවර්තනය වී ඇත. 2014  සිට විද්‍යාලායේ විදුහල්පති  ලෙස රාජකාරි  ඇරඹු ශාන් ජාගොඩ  මහතාගේ සංකල්පයක්  අනුව අංග සම්පුර්ණ පරිපාලන ඒකකයක්  ලෙස නව  ගොඩනැගිල්ලක ස්ථාපිත කරවු අතර  සමස්ත විද්‍යාලයම ආවරණය වන පරිදි සැලසුම්  කරන ලද නව ඇමතුම් පද්ධතියක් ස්ථාපිත කරන ලදි.  



අදහස් (0)

සාරාලංකාරය ශතකය ගහයි

චන්දිම Wednesday, 02 September 2015 02:10 PM

දහස් සංඛ්‍යාත දරු දැරියන්ට දැනුම දුන් විදු මෑණියනි,ඔබ සදාකල් වැජඹේවා! (නි)

:       0       0

මාපා Thursday, 03 September 2015 04:18 AM

සුබ පැතුම්! (නි)

:       0       0

රුමේෂ් සුදර්ශන Wednesday, 02 September 2015 06:23 PM

විදුහල් මෑණියනි, පෙවූ සිප් කිරට අපි ඔබට සදා ණයගැතියි (නි)

:       0       0

සඳුන් චතුරංග Wednesday, 02 September 2015 04:44 AM

පාසල් මව්නි ඔබ සැමදා වැජබේවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site