වලල්ලාවිට මීගහතැන්න ආදාහනාගාරයේ සිරුරක් දැවෙද්දී ඇතිවූ පිපිරීමකින් වහළයේ උළුද බිමට වැටුණු බවත් කිසිවකුටත් තුවාල සිදුනොවූ බවත් පොලිසිය කියයි.
සිරුර දැවෙද්දී මහ හඬින් පිපිරුම් දෙකක් ඇසුණු බවද එහි සිටි අය කියති. සිරුර පිළිබඳ අවසන් කටයුතු එම භූමියේම කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ වෙච්ච දෙයක්.(හේ)
මේ මිනිය අවුරුදු 88 ක අම්ම කෙනෙක්ගේ. මේ සිදුවීම විහිළුවකට ගන්න එපා. ආදාහනාගාරයේ තියෙන අඩුපාඩු නිසා ඒ අම්මගේ දරුවන් කොපමණ අපහසුතාවයකට පත්වුණාද? (බ)
සුනිල් අයියේ පණ පිටින් මිස්සුන් පුච්චන්නේ ඔයාගේ ගමේද? අර වංශගේ පන්තියේ මිතුරෙක් නේද ? (බ)
හිනහ නොවී ඉන්න පුලුවන්ද මේ කියන කතාවලට. හැබැටම මොකක්ද දන්නේ නැහැ පිපිරුවේ? (බ)
මට හරි හිනා සුනිල්ගේ කතාවට. ඇත්තටම මොකක්ද පුපුරලා තිබෙන්නේ? (නි)
මීට පස්සෙවත් ආදාහනාගාර වල ගිනි දැල්වීමට පෙර සිරුරු පරීක්ෂා කර බලන්න. මෙහෙදී වාසනාවකට වගේ කාටවත් තුවාල නොවුණ එකයි පුදුමේ... (නි)
ගෑස් බටයක් පුපුරන්න ඇති. (ර)
පිපිරීමට හේතුව මොකක්ද දන්නෙ නැහැ (නි)
නිදහසේ මියයන්නවත් බැරි රටක්... (නි)
ඔන්න දේශපාලකයෙකුගේ නම් පුදුමයක් නැහැ (නි)
වායු කාන්දුවකින් පුපුරන්න ඇති (නි)
එකත් එකටම හෘද වස්තුවට 'පේස් මේකර්' එකක් දාලා තියෙන්න ඇති. ඒක දානකොට හරි නම් වෛද්‍යවරු එයාලව දැනුවත් කරන්න ඕනෑ එවැනි අය මැරුනම පුච්චනවා නම් කලින් ඒක ගළවන්න ඕනෑ කියලා. (නි)
මොකක්හරි කාර්මික දෝෂයක් වෙන්න ඇති (නි)
ගෑස් නලයේ හිරි වීමක් නිසා විය හැක. (හේ)
හොඳම දේ වුනත් කාලයකදී විනාශ වෙනවා. නඩත්තු කිරීම හරියට කෙරෙනවා නම් පවතින කාලය වැඩි වෙනවා. ජිවී අජීවී සියල්ල වෙනස්වන ස්වභාවයට යටත් බව දැන හිතමු. (හේ)
බෝම්බ ගිලිලා මරුන කෙනෙක්වද පුච්චලා තියෙන්නේ ..(බ)
සිය දිවි නසාගන්න බෝම්බ ගිලපු කෙනෙක්වද කොහෙද ආදාහනය කරල තියෙන්නේ (බ)
මම තනියෙන් හිනාවෙද්දි මගේ වටේ ඉන්න අය අහනවා උඹට පිස්සුද කියලා තනියෙන් හිනාවෙන්නේ. වෙන මොකකටවත් නෙමෙයි ඉහත සුනිල් මහතාගේ අපුරු ප්‍රතිචාරය බලලයි මට එහෙම වුනේ. (බ)
කලබල වෙන්න එපා. (නි)
ඉසුරන්දි, මටත් තනිවම හිනාගියේ බෙනට් සහ සුනිල් ගිකියනගේ දෙන්නගේ අදහස් දෙක දැකලයි. (නි)