එගොඩඋයන සුනන්දෝපනන්දාරාමාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියන්ගේ ඝාතනයේ සැකකරුවන් දෙදෙනකු වන සුජීව හා රුවන්ජිත් යන දෙදෙනා නාදුනන පිරිසක් විසින් පෙබරවාරි මස වෙඩි තබා මරණයට පත්වීමෙන් පසුව අවසන් කටයුතු කළ වාද්දූව සුසාන භූමියේ එම සිරුරු නැතැයි ඔහුගේ නෑයකු වන මැටිල්ඩා පෙරේරා මහත්මිය වාද්දූව පොලීසියට පැමිණිලි කළාය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරුරු දෙක සොහොනෙ නැතිලු
සනත් Monday, 03 June 2013 12:14 PM
මරපු එවුන් අහුවේවි කියල මිනිය හාරන්න ඇති.(ස)
බණ්ඩාර Monday, 03 June 2013 02:23 AM
නඩු අහන්න යම රජ්ජුරුවෝ ළගට ගියාද දන්නෙ නැහැ (නි)
ජ.හේරත් Monday, 03 June 2013 05:48 AM
මෙටිල්ඩා ට වෙනම දඬුවමක් දෙන්න ඕනේ අදිකරණ අවසරයකින් තොරව සොහොනක් හෑරුවට.(නදී)
පෙරේරා Monday, 03 June 2013 06:25 AM
දෙන්නම ඉතාලි ගිහින් ඇති.(නදී)
කීර්ති Sunday, 02 June 2013 05:36 PM
කරපු වැඩේ හැටියට පොළව පලාගෙන අපායට ගියාද දන්නෙ නැහැ.(නදී)
නීරෝ Monday, 03 June 2013 07:48 AM
අපායට ගෙනියන්න ඇතිද දන්නෙ නැහැනේ. (නි)
පුබුදු Sunday, 02 June 2013 06:04 PM
නැවත ඉපදෙන්න ඇති , හොයල බල්ලන්න හිටපු ගෙවල් ට ගිහිල්ල (ත)
ඉෂාර Monday, 03 June 2013 08:33 AM
මේ මැටිල්ඩා කොහොමද ඒක දන්නෙ? (ස)
වරුණ Monday, 03 June 2013 08:38 AM
ස්වාමීන් වහන්සේ නමක් ඝාතනය කරලා ඇවිත් බව යම ලෝකෙට පෙනෙන්න ඇති ඒ නිසා යමපල්ලෝ ගිලල දාන්න ඇති ඒකනිසා වලේ මිනි නැතුව ඇති.(ස)
බුද්ධික Sunday, 02 June 2013 06:45 PM
සුවර් එකට දෙන්නා අපායට යන්න ඇති.(නදී)
අමිල Monday, 03 June 2013 08:47 AM
මළවුන් සාක්ෂි.(ස)
අසංක Sunday, 02 June 2013 07:14 PM
අපරාද කරලා සැනසීමෙන් සැතපෙන්ට කාටවත් බැහැ.(නදී)
අමල් Monday, 03 June 2013 09:28 AM
ප්‍රශ්න කරන්න එක්ක යන්න ඇති. ටික දවසකින් එක්ක ඒවි. (නි)
මංජු Sunday, 02 June 2013 08:12 PM
කබරු කාලද? (ත)
නාරද Sunday, 02 June 2013 08:40 PM
සුරේ එකටම යම පල්ලෝ ඇවිත් අපායට අරන් යන්න ඇති (නි)
ලලිත් Sunday, 02 June 2013 08:48 PM
වෙඩි තියපු අයගේ සුල මුල හෙළිවෙන නිසා අව වෙන තැනක වළලලා ඇති. (ත)
රංජනී Sunday, 02 June 2013 09:05 PM
පණ තියද්දි වැලලුවද දන්නේ නැහැ.නැගිටලා රටකට පැනගන්න පුලුවන් වෙන්න. (නි)
ශෙහාන් Sunday, 02 June 2013 09:09 PM
ඒ කියන්නේ මිනීමරුවෝ නෙමෙයිද වළලලා තියෙන්නේ? (නි)
ප්‍රදීපා Sunday, 02 June 2013 09:41 PM
මේ අපරාදකරුවන් කල බරපතල පාපකර්මය නිසා ඉක්මනින්ම අපායට වීසා ලැබෙන්න ඇති. දැන් ඔවුන් කටු ඉඹුලේ , ලෝදිය හැලියේ සුවය ලබනවා ඇති.මේ මළකඳන් ගැන සොයා පලක් නැහැ. ආත්මය චුතවී අවසන්.ඔවුන් අපාගතවීම ඔවුන්ගේ නෑයන්ට වැළක්විය නොහැකියි. පොලිසියේ වටිනා කාලය වැදගත් දේකට යොදවන්න. (නි)
රසික Sunday, 02 June 2013 09:58 PM
කරපු අපරාදයට පොලව පලා ගෙන ගිහිල්ලා ඇති (නි)
සුජාන් Monday, 03 June 2013 10:54 AM
මිනිස්සු මැරුවා, දඬුවම් ලැබුණා, දැන් ඉතින් සිරුරු කන්නද? (නි)
දම් Sunday, 02 June 2013 11:24 PM
ඩමියක් වල දාලා කොල්ලෝ ඉතාලි පැනලාවත්ද?(නදී)