දොම්පේ පොලිස් අත්අඩංගුවේදී මියගිය ත‍්‍රිරෝද රථ රියදුරු ජී.ඒ. ගයාන් රසංගගේ (29) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ගම්පහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර එස්.පී.ඒ. හේවගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන බව ප‍්‍රකාශ කෙළේය. මේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූයේ ගම්පහ අතිරේක මහේස්ත‍්‍රාත් ඉන්දික අත්තනායක මහතාගේ නියෝගයෙනි. ගම්පහ රෝහලට ආ නිවාස, ඉංජිනේරු සේවා හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මරණ කරුගේ දෙමාපියන්ට රජයේ ශෝකය පළ කෙළේය.
අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඬුවම් දෙන ලෙසත් ප‍්‍රචණ්ඩකාරීව නොහැසිරෙන ලෙසත් මියගිය තරුණයාගේ පියා ජී.ඒ. ලීලානන්ද මහතා ඉල්ලීමක් කෙළේය. අවසන් කටයුතු සඳුදා පැලහැල හොරගොල්ලවත්ත පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය. ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කැර ඇත.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd