(ඉන්දිකා  රාමනායක)

මොනරාගල දඹගල්ල ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයෙකු ට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව දඹගල්ල පොලිසිය පවසයි.

සැකකාර හමුදා සෙබලා  අනුරාධපුර සාලියපුර කඳවුරක  රාජකාරි කරන සෙබළකු බව පොලිසිය පවසයි.

.ළිඳට සවිකර ඇති  වතුර මෝටරයක වයරයක්  සැරයන්වරයා කඩා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.