නත්තල් දින රාත්‍රියේ යතුරුපැදි අනතුරු දෙකකින් දංකොටුව පොලිසියේ සැරයන්වරයකු හා කොස්තාපල් වරයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. දංකොටුව බුජ්ජම්පොළ දි යතුරුපැදිය පාර අයිනේ බෝක්කුවක හැපී සැරයන් මියගිය බව ද නාරම්මල කුරුණෑගල පාරේ මී වැව දී යතුරුපැදිය පාර අයිනේ ගසක වැදී කොස්තාපල්වරයා මිය ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.