වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ රාජකාරී කරමින් සිටියදී අතුරුදන්ව සිටින පොලිස් සැරයන් ජී.ගුණතිලක මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙස ජනපති මෛත්‍රිපාලි සිරිසේන මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පළවූ වාර්තා සැලකිල්ලට ගෙන අදාළ උපදෙස් ලබාදී ඇති අතර නිධන් හෑරීමේ පිරිසකට අනුබල දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින වව්නියාව නියෝජ්‍ය පොලිස්පති යටතේ ඇති දිසා වැටලීම් ඒකකයේ ගුණතිලක මහතා සේවය කරමින් සිට ඇත.
නිධන් හෑරීමේ සිද්ධියට අදාළව පසුගිය අගෝස්තු 5 වැනිදා මෙම සැරයන්වරයා පොලිස් මූලස්ථානයේ පිහිටි විශේෂ විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක්ද ලබාදී ඇත.
සැරයන් ගුණතිලක මහතා අගෝස්තු 7 වැනිදා සවස සිය නිවසට යන බව දන්වා වව්නියාවෙන් පිටත්ව ඇති බවත් මේ දක්වා ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නැති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඔහුට මොනවා වෙන්නට ඇද්ද? (නි)
මම නම් කියන්නේ මෙතනදී සම්පූර්ණ වැරැද්ද සැරයන් මහතාගේ. රටට මොනවා වුණත් කමක් නැහැ, අපේ පාඩුවේ ඉන්නවා කියලා හිතාගෙන ඉන්න 99% ක් සාමාන්‍ය මහජනතාව වගේ හිටියා නම් අදටත් හොඳින් ඉන්නවානේ. අද ඒ මනුස්සයා වෙනුවෙන් කවුරුත් කතාවත් කරන්නෙ නැහැ (නි)
තරුත් සිල්වා හරියටම හරි. (නි)