(රන්ජන් කස්තුරි)
සූර්යතාප විදුලි සහ සුළං බල විදුලි ව්‍යාපෘති සඳහා මින් ඉදිරියට ටෙන්ඩර් කැඳවීමකින් තොරව අවසර ලබාදීමට හැකිවන පරිදි අලුතින් නීති සකස්කිරීමට මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබේ.
ඒ අනුව, මින් ඉදිරියට ටෙන්ඩර් කැඳවීමකින් තොරව සූර්ය තාප හා සුළං බල විදුලි ව්‍යාපෘති සඳහා අවසර ලබාදීමට හැකිවන පරිදි විදුලිබල පනත සංශෝධනය කරන බවද එම අමාත්‍යංශය කියයි.
ඒ සඳහා කමිටුවක් පත්කිරීමටද නියමිත බව අද(05) විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ඉහළ නිලධාරීන් සහ අමාත්‍යංශයේ ලේකම් වසන්ත පෙරේරා මහත්මියද එම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර එහිදී එම තීන්දු තීරණ ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෑදෑයන්ට, යාළුවන්ට කියලා කරගන්නද? ටෙන්ඩර් ක්‍රමයක් තියෙන්නේ හොරකම අඩුකරන්න නේද?
මේ මාස 3 හැකිතරම් හොරකම් කර ගන්නයි ලැහැස්තිය. මොවුන්ට ඡන්දෙ දුන්න ගෝත්‍රිකයින්ට තේරුමක් නැහැනේ මේවා ගැන. ඒ වගේම විපක්ෂය කියන්න ඕනෑ අපි ඒ ව්‍යාපෘති වහාම නවත්වලා ටෙන්ඩර් කැඳවනවා. යම් ව්‍යාපෘතියක් පටන් අරගෙන නම්.. වහාම නවත්වනවා' කියලා.
ටෙන්ඩර් ක්‍රමය අවශ්‍යම දෙයක් නේද? නැත්නම් වංචා දුෂණ වලට ඉඩ ලැබෙනවා.
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයිලු නේද ? ජනාධිපතිතුමා මොන දේ කිවත් පරණ සෙල්ලම් ආයේ පටන්ගන්න වගේ හදන්නේ. විදුලි බල මණ්ඩලේ උඩ ඉඳන් තියෙන හොරකමේ කෙළවරක් නැහැ. තව තවත් හොරුන්ට සහන සැලසුවහම ගෙවන්නේ කවුද? දැන් ටික දවසකට ඉස්සෙල්ලා අපිට පටි තද කරගන්න කිවේ මේකට තමා. පෙනෙන විදියට හොරු ටිකේ බෙල්ලට පටි තද කරනකම් පොදු ජනයාටනම් සහනයක් හම්බවෙන එකක් නැහැ.
ටෙන්ඩර් තියෙද්දිත් කරපු හොරකම් වල තරමට. දැන් ඉතින් මොන මොනවා කරගන්න බැරිද
මතක නේද 2015 මැතිවරණයට කලින් කිව්වා කතාවක්. හිටපු ඔක්කොමලා ඇතිවෙනකම් හම්බකරගෙන ඉන්නේ ඒ හින්ද ඒ අයම ආවොත් දූෂණ කරන එකක් නැහැ කියල? ආයිමත් වැඩේට බැහැලා වගේ
මෙයා තමයි කිව්වේ 2015 ට පෙර අපි දැන් හොදට කාලා තියෙන්නේ තව අපට කන්න ඕනේ වටලප්පමක් විතරයි කියලා. මෙහෙම අයවනේ ජනතාව පරමාධිපත්‍යය කියලා එවන්නේ. හා හා ඒකෙන් කමක් නෑ මං මේ කියන්න යන්නේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් සොයාගෙන තිබෙනවා සුළං බලයෙන් රටටම විදුලිය දෙන්න පුළුවන් ක්‍රමවේදයක්. ඒක සොයලා බැලුවනම් එළිය තමයි.