මත්තල ගුවන් තොටේ මගී බඩු ගබඩාවක ප්‍රදේශයේ ගොවීන්ගේ වී ගබඩා කිරීම නතර කරන්නැයි ඉල්ලමින් සූරිය වැව නගරයේ කළු කොඩි රැගත් පිරිසක් අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
දකුණු පළාත් සභා මන්ත්‍රීන් වන අජිත් රාජපක්ෂ, කපිල දිසානායක, සූරිය වැව ප්‍රාදේශීය සභාපති ජේ ඒ ජනක සහ උප සභාපති සුගත් ගාමිණී මහත්වරු මේ උද්ඝෝෂණයට නායකත්වය දුන්හ.
නගරයේ කඩ සාප්පු වැඩි හරියක් වසා තිබිණි.
කඩ විවෘත කරන ලෙස පොලිසිය කඩ හිමියන්ගෙන් ඉල්ලීමක් කළත් එය පළක් නොවූ බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගබඩාව සාමාන්‍ය එකක් නොවේ ස්කෑන් සිස්ටෙම් තිබෙන නිසා ඔලුව පාවිච්චි කාළානම් නේද හොද(අ)
ඔය උද්ඝෝෂණට ඇවිල්ල් ඉන්න මන්ත්‍රීලා කියල ඉන්න අය අට වත් හරියට පාස් නැති හරියට අත්සනක්වත් ගහන්ඩ අය (අ)
ගුවන් යාන නොඑන තැන වී ගබඩා කලාට මොකද ඕක නිකන් තියාගෙන දිරල යනවට වඩා (අ)
මුළු දකුණු පළාතේම කළුකොඩි දාන්න ඕනේ ..අපේ බලවත් විරෝධය පල කරනවා (අ)
අඩු ගානේ ඔය පාඩු ලබන ආයතනයට කීයක් හරි ගබඩා කරනවාට ගෙවන එක කොච්චර හින්දද නිකන් වහල තියන එකය්...අනික සේවකයන්ගේ පඩි නඩි අනෙකුත් වියදම් පියවගන්න හරි පොඩි ආදායම් මාර්ගයක් නි...ඕක වහල තිබ්බම, ඊටවැඩිය කොච්චර නාස්තියක් ද...ඔය උද්ඝෝෂකයන් පලක් ඇති වැඩක් කළ යුතුයි (අ)
මේ උද්ඝෝෂණය කරන්නේ දේශපාලකයන් විනා සාමාන්‍ය මිනිසුන් නොවේ. (අ)
ගැටලුව ප්‍රයෝජනයක් නැතිව වේලෙන බදු ගබඩා වී ගබඩා කිරීමද. අස්වැන්න ඉහලිස හම්බන්තොට වී තොග ගබඩා කරන්න ඉඩ නැත්තන්, නිකන් ප්‍රයෝජනයට නොගෙන තිබෙන ගබඩාවල ඉවරදිව ගබඩා ක්‍රම වරදක්ද? කළ යුතු වන්නේ මෙම තොග පළමුව පරිභෝජන්යට ගැනීමයි. එතොට ම ගබඩා ඉක්මනින් හිස් වෙනවා. (අ)
පාර්ලිමේන්තුවේත් වී ගබඩා කරයිද ? (අ)
අභිමානය පිලිබඳ ප්‍රශ්නයක් ! එහෙම නැත්නම් ඉතින් නිකන් තියන එකේ ප්‍රයෝජනවත් වැඩකට ගන්න එක හොඳයි. (අ)
ප්‍රයෝගිකවීම වැදගත් (අ)
අයි එස් ත්‍රස්තයන් ලෝක උරුම විනාශ කරමින් යන කොට අපේ .... ජනතා උරුමයන් විනාශ කරමින් යනවා. (අ)
හිස්ව තබනවාට වඩා තාවකාලික වී ගබඩාවක් කරන එක හොඳයි. ගොවීන් මෙයට පක්ෂව කටුතු කරවී. මී යට විරුද්දව නීති මගින් කටුතු කල යුතුයි (අ)
ඔය අනෙක් ඒවත් වහලා දාලා වී ගබඩා දැම්මා නම් හොඳයි. (නි)
මේ ගැන වැඩිය හිතන්න එපා හම්බන්තොට ජනතාවගේ හැටි අදත් මේ ඇවිල්ලා ඉන්නේ දවල් කෑම පැකට් එකට සහ අරක්කු වීදුරුවට රජය මෙහෙම හරි වී ටික ගබඩාකරලා අහිංසක වී ගොවියාගේ වී ටිකට මිලක් ලබාදෙන්න උත්සාහ කිරීම වරදක් නොවේ. (අ)
නරක වැඩක් තමයි කරලා තියෙන්නේ (අ)
මේකට මත්තල ගුවන් තොටුපොළට ගෙවීමක් කරන වද ? එහෙම නොකර වී ගබඩා කොලොත් ඒක ලංගම බස් වලට නොගෙවා ඡන්ද වැඩ වලට ගත්ත වගේම වරදක් කියල පරීක්ෂණ කරනවද? (අ)
මෙතන ප්‍රශ්නය තියෙන්නේ වී ගබඩා කරන එක නෙමේ මහත්වරුනේ. මේකේ යටිතල පාසුකම් ටික හදල මේක සංවර්දනය නොකරන එකයි. වරයා වැඩක් නෑ කියල අර කෙනෙක් ගිහින් වතුර පිරෙව්වා. අපේ ජාතිය කොහොමත් කටුනායක හදද්දීත් කෑ ගහපු අය නේ. අර තව කෙනෙක් 2010 දීත් ගුවන් පාලම ඕනේ නෑ කියල. (අ)
අනුර, සත පහකවත් ආදායමක් නැති කෝටි ගණනකින් ජනතාව ණයකරුවන් කරපු මත්තල ගුවන්තොටුපොළ "ජනතා උරුමයක්ද" "ජනතා කරුමයක්ද" කියල මොලයක් තියෙනවනම් හිතල බලන්න. (අ)
ගිය වසරේ මිලට ගත් වී තොග පරිභෝජනයට ගන්න වැඩපිළිවෙලක් නිලධාරීන්,බලධාරීන් අතින් කෙරිලා නැතුව වගේ පෙනෙනවා.ඒකනේ මේ ගබඩා ඉඩ නැත්තේ. බීර හදන්න හරි ගිය වසරේ වී ටික විකුණලා ගබඩාවල ඉඩගන්න.තාවකාලිකව හෝ මෙම වී මත්තල ගබඩාවල මිසක් ධාවන පථයේවත් ,ගුවන් තොටුපළ අස්සේවත් නොවෙයිනේ ගබඩා කරන්නේ.ගබඩා කුලිය රජයෙන් මේ නිකන් තිබෙන ගුවන් තොටුපළට ගෙව්වාම හරිනේ. බොරුවට උද්ඝෝෂණයන් නොකර ඉන්න.වී ගබඩා කෙරීමට ගුවන් තොටුපළ ගුදම් සුදුසු නොවන්න පුළුවන්.රාජ්‍ය ආයතනවල හරිහමන් සම්බන්ධීකරණයන් සහයෝගයන් තිබෙනවා නම් මේවා ලොකු දේවල් නොවෙයි.පිටරට වලත් අසාර්ථක වුණ ගුවන් තොටුපළවල් තිබෙනවා.මේ ගුවන් තොටුපොළ වීරවිල හදන්නට දුන්නේත් නැහනේ...! උද්ඝෝෂණ කරලා කැලේට තල්ලු කරලා දැම්මනේ අපේ අය. (නි)
මත්තල ගුවන් තොටුපළෙ ලොකු අාෙයා්ජනයක් පසුගිය අාණ්ඩුෙව් වැරදි අයෝජනයක් වෙන්න පුලුවන් මේ අාණ්ඩුවට ඒයට සදහා විකල්පය මේ නම් රටට අනාගතයක් අනාගතයක් ගැන හිතන්න පුලුවන්ද (අ)
ලංකාව වගේ පොඩි රටකට ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් 2ක් මොකටද? හදිස්සියකට ප්‍රොයෝජනවත් වෙන්න ධාවන පථයක් විතරක් තිබුනානම් අති... බොරු සෝභනේට රට චීනෙට නය කළා (අ)
මෙකෙ මොඩයන්ට තෙරෙන්නෙ නී ගුවන් තොටුපොලක ගබඩ කරන්න ඔනෙ බඩු ලිස්ට් එකක් තියෙනවා (අ)