IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සේරම බිල් ආණ්ඩුවට

2016-05-05-ent-04රටේ සල්ලිකාර ලොකුම ආයතනෙ ලොක්ක ලස්ස දහඅටක් විස්සක් වටිනා ඇඳුමක් යැංකි රටෙන් අරන් ඒකෙ බිල තමන්ගෙ කන්තෝරැවෙන් ගෙවන්න නියම කිරීම දැන් හැමෝම දන්න කතාවක්...

උන්නැහේගෙ මේ කතාව ආවම හිටු කියලා එතන තවත් කතා මතුවෙන්න පටන් ගත්ත. මේ ටයිකෝට් බිලට කලින් මේ වගේම මිලියන ගණනක ගෙදර වියදම් බිලකුත් ගෙවන්න කියල දුන්නලු.. මේවා නීතියෙ හැටියට ගෙවන එක ප්‍රශ්නයක් කියාපු නිලධාරින්ටත් මේ අපුරැ ලොක්ක සත්තමක් දෑව කියල කියනව...
ඊට පස්සෙ මේ සුප්‍රකට මූල්‍ය ආයතනෙ ලොක්කො කස්ටියක් පරණ පොත්පත් පෙරළලා කලින් හිටපු ලොකු ලොක්කොත් මෙහෙම කරලා තියනවද බැලුවලු... ඒ සොයාබැලීමේදී හෙළිවුණේ මෙතන රස්සාව කරන ඕන ලොක්කෙකුට අවුරැදු තුනකට පාරක් සීත රටවලට යනකොට අඳින එක ඇඳුමක් ගන්න පවුම් 200 විතර &වින්ටර් ක්ලෝත්* දීමනාවක් විතරයි තියෙන්නෙ කියල. ඒ නීතිය තුට්ටු දෙකට දාල අවනීතිය නීතිය බවට පත්කරගත්ත මේ ලොක්කගෙ බිල් අස්සන් කරන මිනිස්සුන්ට අනාගතේ එෆ්.සී.අයි.ඩී යන්න වෙයි කියල හොඳටම බලවෙලාලු ඉන්නෙ...

ඒ අස්සෙ මුන්නැහේ එක්ක වැඩකරන්න බැහැ කියල එතන ඉන්න සමහර ලොකු ලොක්කො අස්වෙලා යනවලු... ළඟදිම එහෙම අස්වුණ ප්‍රබල චරිතය යහපාලන ආණ්ඩුව ගේන්න ලොකුම කැපකිරීමක් කරපු මේ රජයේ ප්‍රබල ඇමැතිතුමෙක්ගෙ අක්කය කියලා ආරංචියි.

 

DESHAYA



අදහස් (0)

සේරම බිල් ආණ්ඩුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site