අවහිරයකින් තොරව ගංජා විකිණිමට ඉඩදීම සඳහා  එක්තරා පුද්ගලයකුගෙන් රුපියල් 9000 ක අල්ලසක් බත්තරමුල්ලේ සුරාබදු කාර්යාලය ඉදිරිපිට  දී  ගනිද්දී සුරාබදු  සැරයන් මේජර්වරයකු අත්අඩංගුවට  ගත් බව අල්ලස් කොමිසම කියයි. අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා  වැටලීම මෙහෙයවීය.