සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු නියාමකයින් 47 දෙනකු සුරාබදු සැරයන් තනතුරට උසස් කිරීමෙන් සුරාබදු කොමසාරිම් ජනරාල්වරයා විසින් මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම සියලූ උසස්වීම් බල ශූන්‍ය කිරීමට නියෝග කළේය.
මේ සම්බන්ධ පෙත්සම ගොනු කර ඇති පෙත්සම්කරුවන්ට රුපියල් 5000 බැගින් ගෙවන ලෙසද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී.
ඊට අමතරව රුපියල් 1,20000 ක නඩු ගාස්තු වලටද පෙත්සම්කරුවන් හිමිකම් ලබන බවද ප‍්‍රකාශ කෙරිණි.
මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේ සුරාබදු නියාමන සහ කෝප‍්‍රල්වරුන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අගවිනිසුරු කේ.ශ්‍රී පවන් , ඊවා වනසුන්දර සහ පී.ජයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමෙන් පසුවය.
COMMENTS
ආණ්ඩුවේ තැන්වල උසස් යැයි කියන නිලධාරින් හොරෙන්ම එයාලගෙ විතරක් පඩි වැඩි කරගන්නවා. කොහොම ලක්ෂ ගණනින් වැඩිකර ගත්තාද මොන ක්‍රමවේදටද කියලා දන්නේ එයාලා විතරයි. (නි)
දේශපාලඥයො ළඟට රජයේ වියදමින් සැපවිඳින්නේ නිලධාරි පන්තියයි. මේ අයට වාහන, ඉන්ධන, සේවකයොත් නොමිලේ. ගෙදර දුරකථන බිල පවා ගෙවන්නේ අපේ බදු සල්ලි වලින්. රටට කරන දෙයක් නැහැ. තමන්ගෙ බඩ වඩාගන්න ඉන්න ඇමතිට කඩේ යන එක විතරයි කරන්නේ. පහුගිය අයට කඩේ ගියට අය දැන් මේ පැත්තට හේත්තුවෙලා වගේ පෙන්වන ගමන් තාමත් ඒ පැත්තේ. මේ වගේ අය සිටිනතාක් ආණ්ඩුවට ගොඩඒමක් නැහැ. (නි)
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ලැබෙන අාදායමට වඩා වියදමක් සුරාව පානය කිරීම හේතුවෙන් ජනයා ලෙඩවීම නිසා ඖෂධ වෙනුවෙන් රජයකට දරන්න වේ නම් මෙවැනි දෙපාර්තමේන්තුවක් රටට අවශ්‍යද? (නි)
අපේ රට හිමිහිට .. බෞද්ධ රටක් වෙන්නයි යන්නේ ... සාදු , සාදු , සාදු ! (බ)