රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින සබරගමු පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දරම් නොහොත් සර්පයාගේ මන්ත්‍රී ධූරය ආහෝසි කර ඇතැයි සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා පවසයි.
ඒ අනුව හසිත මුහන්දිරම් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇපෑලක් ඉදිරිපත් කිරීම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ පළාත් සභා සැසිවාරයන්ට සහභාගී විය.
මරණ දඬුවම් හිමිවීම හේතුවෙන් ඔහුගේ සිවිල් අයිතීන් අහිමිවීම හේතුවෙන් මැතිවරණ කොමසාරිස්ගේ උපදෙස් මත නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව ඔහුගේ පළාත් සභා මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට කටයුතු කළ බවත් ඒ වෙනුවට එජාප මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි බී.ආරියවංශ මහතා පත් කිරීමට කටයුතු කර ඇති බවත් වාර්තාවේ.
හසිත මුහන්දිරම් නොහොත් සර්පයා 2013 දෙසැම්බර් 31 වැනිදා කලවාන මානාන නගරයේදී පුද්ගලයන් දෙදෙනකු කාරයට යටකර මරා දැමීම සම්බන්ධයෙන් පසුගිය 2014 දෙසැම්බර් 11 වැනිදා රත්නපුර මහාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහවල් නායකයාගේ ගෝලයෝ ඔක්කොටම තියෙන්නේ අමුතු නම්. සරපයා, රත්තරන්, මිනී මරු චොකා මල්ලි, තංගල්ල ස්ත්‍රී දුෂක සභාපති, ඝාතනය කෙරුණු චුට්ටේ මල්ලි, සීයක් දුෂණය කල සාරුවා සුනිල් මින් සමහරක්. (අ)
මෙයා අමු මිනිමරුවෙක් දුෂකයෙක්. (අ)
මෙන්න යහපාලනය.. (අ)
මේකනම් සර්පයෙක් ම තමා මැතිවරණ කොමසරිස්ට ස්තුතියි. (අ)
සර්පයා කියල කියන්නෙත් හේතුවක් ඇතුව වෙන්න ඇතිනේ? (අ)
අර අයගේ කණ්ඩායමේ එක්කෙනෙක් (අ)
සර්පයාට බැන්නට මහින්ද ගේ ගෝලයෝ හොඳයිද? අපිට සර්පයා රජෙක් (නදී)
ඇයි තංගල්ලේ "චන්ඩි මල්ලි" ...? (අ)
මෙයට නම දාපු කෙනාට තෑග්ගක් දෙන්න වටිනවා (ම)
උපරිම දඬුවම් දිය යුතුයි (ම)